කුඩා කඳු වළල්ලකින් වටව ඇති මේ සුන්දර ස්ථානය මුහුදේ සිට මීටර් 100ක් පමණ රට ඇතුලට වන්නටයි පිහිටා තිබෙන්නේ. ඒවගේම මුහුදු මට්ටමේ සිට අඩි 300ක් පමණ උසකින් පිහිටනවා.
මේ වෙරළට ජලය ලැබෙන්නෙ මුහුදේ සිට ඇති ස්වභාවික උමං මාර්ගයක් හරහායි. මේ නිසාම මේ කුඩා මුහුදේ වඩදිය වගේම බාදියත් දකින්න ලැබෙනවා.
ඒවිතරක් නෙමේ සාමාන්‍ය මුහුදක් වගේම ලුණු මිශ්‍ර වතුර හා මුහුදු රැළිත් තියෙනවා.










 
		  	 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														