28 වන වියේ පසුවන ඔහුගේ අත ගන්නා මනාලිය වන්නේ ප‍්‍රියංකා චෞද්රියි. ඇය නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර පෞද්ගලික බැංකුවක තොරතුරු තාක්ෂණයට අදාළ රැකියාවක නිරත වනවා. ඔවුන් දෙදෙනාගේ මිතුදම ඉතා කුඩා කාලයේදී ඇති වුවක් බව පැවසේ. 
හෙට දිනයේ ඉන්දියාවේ පොෂ් හෝටලයේ පැවැත්වෙන රයිනාගේ විවාහ මංගල උත්සවය සඳහා ලෝකප‍්‍රකට ක‍්‍රීඩකයින් , කලාකරුවන් මෙන්ම දේශපාලනඥයින් ද සහභාගි වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. කෙසේවෙතත් විවාහ ගිවිස ගැනීමේ උත්සවය පවුලේ හිතවතුන්ට පමණක් සීමා වන බවද එහි වැඩිදුරටත් සඳහන්.



 
		  	 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														