ලෝකාන්දේ නම් මහේස්ත්‍රාත්වරයා විසින් පැනවූ මේ නියෝගයෙන් කියැවී ඇත්තේ අදාළ කරුණ සම්බන්ධයෙන් ගුවන් තොටුපොළ පොලිස් ස්ථානාධිපති විසින් පරීක්ෂණයක් පවත්වා හැකි ඉක්මනින් වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවය. පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ රවීන්ද්‍ර ඩ්විවේඩි නම් තැනැත්තාය.
ඉකුත් නොවැම්බරයේ ඔහු ගුවන් යානයකට ගොඩ වීමට යාමේදී සල්මන් ඛාන් ඇතුළු කිහිප දෙනකු ඔහුට පරිභව කොට පහර දුන් බව පැමිණිල්ලේ සඳහන්ය. තවද සල්මන් ඛාන් තමාට පහර දෙන ලෙස ඔහුගේ ආරක්ෂකයන්ට පැවැසූ බවත් එහිදි තමා අත තිබූ ලේඛන සියල්ල උදුරා ගනිමින් පහර දීම සිදුවූ බවත් රවීන්ද්‍ර කියා ඇත.
' භාරතිය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන ගෝපිනාත් මුන්ඩේ ගේ මරණයට අදාළ නඩුව සම්බන්ධයෙන් මා සතුව තිබුණු වැදගත් ලේඛන සියල්ල ඔවුන් පැහැර ගත්තා"යැයි රවින්ද්‍ර පැමිණිල්ලේ සඳහන් කර ඇත.
(dinamina)

 
		  	 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														