අශ්ව ලාඩමක හැඩයෙන් යුතු මේ පාලම පොළොවේ සිට අඩි 2350ක් උසින් පිහිටි කඳු බෑවුමක පිහිටනවා. මේ පාලම පිහිටා තිබෙන්නේ චීනයේ නිරිත දිග ප්‍රදේශයේ Longgang නම් ජාතික වනෝද්‍යනයේදීයි.
2014 දී ඉදිකිරීම් අරඹා ඇති මේ පාලම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 5.6ක් පමණ වැය වී තිබේ.
චීන මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම පාලම විශාල ප්‍රමාණයේ භුමි කම්පා සහ කුණාටු වලටද ඔරොත්තු දීමේ හැකියාව පවතිනවා.






 
		  	 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														