අගමැති නරේන්ද්‍ර මොඩිගේ ඡායාරූපය දිස්ව තිබෙන්නේ ඔසාමා බින්ලාඩන්, 1993 මුම්බායි බෝම්බ ප්‍රහාරය සිදු කල සැක කරු දාවුද් ඊබ්‍රාහිම් යන පුද්ගලයන්ගේ ඡායාරූප සමගයි. ගූගල් සමාගම විසින් ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩිගෙන් මේ සිදුවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
ගූගල් සමාගම ඇති වූ අපහසුතාව වෙනුවෙන් සමාව ඉල්ලන අතර පවසා ඇත්තේ ඇතැම් අවස්ථා වල අන්තර්ජාලය තුල යමක් සම්බන්ධයෙන් කරුණු සොයන විට අසන ප්‍රශ්නයට අදාළ නොවන පින්තූර සෙවුම් ප්‍රතිඵල ලෙස ලබා දීමට ඉඩ ඇති බවයි.

 
		  	 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														