Surfing ලෝක ශූරයාට එල්ල වූ මෝර ප්‍රහාරය (video)

Published in අනං මනං
Monday, 20 July 2015 11:57

surfing ක්‍රීඩාව කියන්නේ විනෝදය වගේම බිහිසුණු බවත් රැගෙන එන ක්‍රීඩාවක් බව පසුගියදා තහවුරු උනා .

ඊයේ(19) දකුණු අප්‍රිකාවේ ජෙෆ්රි මුහුදු බොක්කේ පැවැත්වීමට නියමිතව තිබූ ජාතික තලයේ surfing ක්‍රීඩා තරඟාවලිය අවලංගු කිරීමට සිදුවුණා. එයට හේතු උනේ  ජල ක්‍රීඩා  තරඟය පටන් ගත්  මොහොතේ ක්‍රීඩකයෙකුට මෝර ප්‍රහාරයක් එල්ල වීමයි.

මෝර ප්‍රහාරය එල්ල උනේ surfing ක්‍රීඩාවේ ලෝක ශූරයෙකු වෙන Mick Fanning වෙතයි. නමුත් Mick කිසිම අනතුරකින් තොරව බේරී තිබෙනවා.

මේ බිහිසුණු අවස්ථාව පිළිබඳ අදහස් දක්වමින් Mick පවසා ඇත්තේ යම් කිසිවක් තමන් පසු පස පැමිණෙන බව දැනගත් මොහොතේ තමන් ඊට කකුලෙන් පහරදුන් බවයි. මේ පහරදීම සිදු කර ඇත්තේ එක් මෝරෙකු පමණක්ද යන්න තවමත් තහවුරු වී නැහැ.  

කෙසේවෙතත් මෙම සිදුවීම රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය වී තිබෙනවා.

2013 වර්ෂයේදී ජෙෆ්රි බොක්කේදී එල්ල වූ මෝර ප්‍රහාරයකින් surfing ක්‍රීඩකයෙකු මියගොස් තිබුණා.

surfing2

surifing3

 

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us