රොෂන් රණවන විවාහ උත්සවයේ

Saturday, 02 August 2014 15:41

ජනප්‍රිය රංගන ශිල්පි රොෂාන් රණවන ඊයේ (01) යුග දිවියට පිවිසුණා ඒ කුෂ්ලණී සමගයි. ඔවුන්ගේ විවාහ උත්සවය සඳහා ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම කලාකරුවෝ රාශියක් එක්වූහ.

මේ තම ආදරණීය ‍ප්‍රේමය, විවාහය ගැන රොෂාන් 'රසඳුන' සමඟ පැවැසූ අයුරුයි.

* ඔබේ ජීවිතයේ සොඳුරුතම පැතුමක් ඉටුවුණා. ඒ ගැන මුලින්ම කතා කරමු.

ඔව්. පසුගිය සිකුරාදා මම විවාහ දිවියට එළඹුණා. විවාහ උලෙළ පැවැත්වුණේ කොළඹ කිංග්ස්බරි හෝටලයේ. මම අතිනත ගත්තේ කුෂ්ලානි ප්‍රනාන්දු සමඟයි. ඇයත් මමත් අවුරුදු එකොළහක් ප්‍රේමවන්තයින් වෙලා ඉඳලා තමයි විවාහ වුණේ. ඇය වෘත්තියෙන් විදේශීය සමාගමක කළමනාකාරිනියක් ලෙස කටයුතු කරනවා.

* කුෂ්ලානිගේත් ඔබේත් හමුවීම සිදුවුණේ කොහොමද?

මගේ අත්තම්මලාගේ නිවෙසට අල්ලපු නිවෙසේ තමයි ඇය ඉන්නේ. එක තාප්පෙකින් තමයි අත්තම්මාගේ නිවෙසත් ඇගේ නිවෙසත් වෙන්වෙන්නේ. මම අත්තම්මගේ නිවෙසට යන එනවිටයි අපේ හමුවීම සිදුවන්නේ. පුංචි කාලේ ඉඳලම මමත් ඇයත් දැක තිබෙනවා. අපි යාළුවො විදිහට සෙල්ලම් කළා. මගේ මල්ලි, මගේ ඥාති සොයුරිය අපි හැමදෙනාම යාළුවො එකතු වෙලා සෙල්ලම් කරනවා. කොහොම වුණත් 2001 දි තමයි අපි දෙන්නා ආදරේ ගැන කතාබහ කරන්නේ. අනෙක මට සහෝදරියන් නැහැ. ඒ අඩුව පුංචි කාලේ ඉඳල කුෂ්ලානි පිරෙව්වා. ඇයට තිබුණු සහෝදර ප්‍රේමය පසුව ප්‍රේමයකට පෙරළුණා. පස්සෙ මට ගැළපෙන යුවතිය ඇය බව හැඟුණා

* ඔබට ගැළපෙන ම යුවතිය හමුවී ඇති බව ඔබ හිතනවාද?

අදහස්වලින් ගතිපැවතුම්වලින් අපි දෙදෙනාම සමාන වුණා. මම හිතන පතන විදිහ ඇය තුළ තිබෙනවා. කුඩා කලසිටම ඇය සමඟ ලොකු සහෝදර බැඳීමක් තිබුණා. ඒ ආදරේ තමයි පෙම්වතුන් ලෙසත් බැඳීමට අපිට බලපෑවේ.

* ඔබ දෙදෙනාගේ ආදරයට ගෙවල්වලින් ලැබුණේ මොනවගේ ප්‍රතිචාර ද?

මේ ආදරේ පටන් ගනිත්දිම ගෙවල් දෙකෙන්ම දැන ගත්තා. ඔවුන්ට ප්‍රශ්නයක් වුණේ නැහැ. දෙපැත්තටම අපි දෙන්නා ගැන හොයන්න අවශ්‍ය වුණේ නැහැ. අපේ පවුල් ගැන එක‍ිනෙකා පිළිබඳ හොඳ අවබෝධයක් දෙපැත්තේ ම තිබුණා. මෙය අපේ ආදරයට ආශිර්වාදයක් වුණා.

* ඔබ සාමාන්‍යයෙන් මාධ්‍ය සමඟ සමීපව කටයුතු කරන කෙනෙක්. ඔබට වසර එකොළහක ප්‍රේමයක් තිබුණා. එය මෙතෙක් කල් විවාහ වනතුරු ම රහසක්ව තබාගෙන හිටියෙ ඇයි?

මෙය හංගන්න මට අවශ්‍යතාවක් තිබුණෙ නැහැ. නමුත් හංගන්න සිදුවුණේ සම්ප්‍රදායන්වලට ගරු කළ යුතු නිසයි. මොකද ගෙවල් දෙකෙන් ම කැමැති වුණේ නැහැ, හරියට ම විවාහය පවත්වන තුරු ඒ දේවල් නිසි වෙලාවට ඉෂ්ඨ වෙනතුරු ප්‍රසිද්ධ කරනවාට. අපි හරි දෙයක් කරනවා නම් හැංගිය යුතු නැහැ කියන තැන තමයි මම අදටත් ඉන්නේ.

* ඔබත් - පූජා උමාශංකර් අතරත් ප්‍රේමයක් තිබෙන බවට විවිධ අදහස් පළවුණා නේද?

පූජා කියන්නේ ලේසියෙන් ම පහසුවෙන් ම වැඩ කරන්න පුළුවන් සහෝදර ශිල්පිනියක්. ඇයත් මමත් ක්ෂේත්‍රයේ එකට වැඩ කළා. කෙනෙක් එක්ක නිතර නිතර රඟපාද්දී මෙවැනි අදහස් පළවෙනවා. කොහොම වුණත් වෘත්තීය පැත්තෙන් පූජායි මමයි රඟපාපු චිත්‍රපට ගොඩක් සාර්ථක වුණා. ඇය මට හොඳ වෘත්තීයමය සහකාරියක්. ඇයයි මායි එකතු වුණොත් හොඳ දෙයක් කරන්න පුළුවන් කියන එක දන්නවා වගේ ම එය හැමදෙනා ම පිළිගන්න දෙයක් බවට පත්වෙලා තිබෙනවා.

* ක්ෂේත්‍රයේ කටයුතු කරත්දී කෙනෙක් ගැන ආදරයක් ඇති වෙලාම නැත්ද?

මට නම් එහෙම ප්‍රේමණීය බැඳීම් ඇතිවෙලා නැහැ. ලස්සන කෙනෙක් දැක්කම ආකර්ෂණයක් ඇති වුණත් එය එතනින් එහාට මගේ හිතේ පැල පදියම් වෙලා නැහැ. ඕනම කෙනෙක් ලස්සන කෙනෙක් දැක්කම කතාබහ කරන්න, ළඟින් ඉන්න ආසයිනේ. මටත් ක්ෂේත්‍රයේ එවැනි අය ඕන තරම් හමුවෙලා තිබෙනවා. නමුත් ප්‍රේමණීය හැඟීම් ඇතිවෙලා නැහැ.

* විවාහයත් එක්ක ඔබේ ජනප්‍රියත්වයට හානියක් වේවි ද?

එහෙම දෙයක් වෙන්නෙ නැහැ කියල මම හිතනවා. වෘත්තීමය වශයෙන් මගේ රංගනය සහ මම කරන දේවල්වලට ආදරේ කරන කෙනෙක් තමයි රසිකයා කියන්නේ. එහෙම දේවල්වලට රසිකත්වය දක්වන අය මගේ පෞද්ගලික ජීවිතය වෙනස් වුණා කියලා මාව අතහැර යයි කියා මම හිතන්නේ නැහැ. විවාහය මගේ රංගනයට ජනප්‍රියත්වයට බාධාවක් නෙවෙයි.

* හුඟාක් වේලාවට ක්ෂේත්‍රයේ කතාවෙන දෙයක් තමයි ජනප්‍රිය අයගේ විවාහ ජීවිත ඉක්මනින්ම දෙදරා යන බව?

ඒ ගැන කියන්න නම් අත්දැකීමක් මා සතුව නැහැ. ඒත් අපි දන්නෙ නැහැ අපිට මොන ප්‍රශ්න ඉදිරියේදී එයිද නැත්ද කියන එක. විශ්වාසය සහ ඒ වෙනුවෙන් තමන් කැප වුණොත් හුඟාක් දුරට මෙම ප්‍රශ්න විසඳගන්න පුළුවන්. තමන්ට සෙලවෙන්නේ නැති සිතක් තිබේ නම් ඒ හිතට හොඳ පාලනයක් තිබ්බොත් පවුල් ජීවිතයේ ප්‍රශ්නවලට හොඳින් මුහුණ දෙන්න පුළුවන්. එහෙම බැරි වුණොත් අපිත් සතුන් අතරත් වෙනසක් නැතිව යනවා. මිනිසා කියන්නේ ‘මනස’ උසස් කියන එකයි. ඒ නිසා උසස් මනසින් කටයුතු කළොත් පවුල් ජීවිත දෙදරා යන්නේ නැහැ.

* ඔබේ අනාගත බලාපොරොත්තු මොනවා ද?

ආදර්ශවත් හොඳ පවුල් ජීවිතයක් ගත කරන එක තමයි බලාපොරොත්තුව. ඒ වගේ ම වෘත්තීමය වශයෙන් ජාත්‍යන්තරය දක්වාම කටයුතු කරන්නත් බලාපොරොත්තු‍වක් තිබෙනවා.

(රසඳුන-තුෂාරි නේරංජා වික්‍රමසිංහ)


ඡායාරූප - විහඟ කාරියවසම් (සා ස්ටූඩියෝ)

රෂන රණවන යග දවයට. Photos

රෂන රණවන යග දවයට. Photos 1

රෂන රණවන යග දවයට. Photos 2

රෂන රණවන යග දවයට. Photos 4

රෂන රණවන යග දවයට. Photos 6

රෂන රණවන යග දවයට. Photos 5

රෂන රණවන යග දවයට. Photos 7

රෂන රණවන යග දවයට. Photos 8

රෂන රණවන යග දවයට. Photos 9

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

අනං මනං

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

වසර පුරා සෞභාග්‍ය හා වාසනාවන උදාකරවන අක්ෂය ත්‍රිතිය හෙවත් අක්ෂ්‍ය නැකැත හෙට (10) දිනට යෙදී තිබෙනවා.

Connet With Us