එකවර දරු සුරතල් බලන්න සැරසෙන සමරිසි යුවළ

Published in අනං මනං
Thursday, 30 July 2015 15:07

ආදරය ඇති විය හැක්කේ ගැහැණියක් සහ මිනිසෙක් අතර පමණද? එය එසේ නොවන බව ලෝකයේ බොහෝ මිනිසුන් සනාථ කර අවසන්.  

ඒවගේම පවුලක් ලෙස ඔවුන්ට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීම වෙනුවෙන් විවිධ විසඳුම් අද ලෝකය තුල පවතිනවා. පවුලක් ලෙස ජීවත්වීමේ සිහිනය සැබෑ කරගත් සමරිසි යුවලක් පිළිබඳ වාර්තා වෙන්නේ ඇමරිකාවෙන්.

ස්ටෙෆනි සහ ඇගේ සහකාරිය වන රන්ඩා මේවනවිටත් ගැබිණියන්. ඔවුන් ඒ සඳහා යොදාගෙන තිබෙන ක්‍රමවේදය වන්නේ අන්තර්ජාලය හරහා හඳුනාගත් දායකයෙකු හරහා ශුක්‍රානු ලබාගැනීමයි.

25 වියැති ස්ටෙෆනි මේවනවිට මාස 7ක ගැබිණියක් වන අතර  රන්ඩා මාස 3ක ගැබිණියකි. ඒවගේම මේ දරුවන් දෙදෙනාගේම පියා එකම පුද්ගලයෙකි.

2013 වසරේ විවාහ වී ඇති මේ දෙදෙනා තමන්ට ලැබෙන දරුවන්ගේ උප්පැන්න සහතික සඳහාද දෙදෙනාගේම නම යෙදීමට බලාපොරොත්තුව සිටින බව පැවසෙනවා.

මේ පිළිබඳව අදහස් දක්වන ස්ටෙෆනි පවසන්නේ තමන්ට තමන්ගේම ලෙයින් උපන් දරුවන් අවශ්‍ය වූ නිසා මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි. ඒවගේම දරුවන් දෙදෙනා අතර පරතරයක් තැබීමට හේතුව ලෙස සඳහන් වන්නේ දරු උපත අවස්ථාවේ එකිනෙකාට උදව් කර ගැනීමේ පහසුවයි.

lesbiyan1  

lesbiyan2

Last modified on Thursday, 30 July 2015 15:11

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us