හිරගෙදර සිටිය යුතු ගෝඨාට, රනිල් උදව් කරන්නෙ ඇයි ? Featured

Saturday, 17 August 2019 17:09

බරපතල අපරාධ චූදිතයකු වන ගෝඨාභය රාජපක්ෂව නීතිය හමුවේ වරදකරුවකු වීම මඟ හැරවීමේ සිට ඔහුව පොදුජන පෙරමුණෙහි ජනාධිපති අපේක්ෂකත්වය ලබා දිම දක්වා මෙතෙක් සිදු වී ක්‍රියාදාමය ආණ්ඩුවේ ප්‍රධානින්ගේ මැදිහත් වීම එනම් සහය මත සිදුවූ බව පැහැදිලි කාරණාවකි.

ජනාධිපති අපේක්ෂකත්වය සඳහා සපුරා ගත යුතු සුදුසුකමක් වන ද්විත්ව පුරවැසි භාවය ගෝඨාභයට ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ලබා දීමේ ප්‍රධාන බාධකයවක් තිබු නමුදු එයද වටවංගුවක් ගසා කර ගන්නා හැටි ඔහුට කියා දුන්නේ ආණ්ඩුවේ නායකයන්මය. සිය ද්විත්ව පුරවැසි භාවය නිත්‍යානුකුලව ඉවත් කරගෙන නොතිබුණු තත්වයක් හමුවේ ඔහුට නව ශ්‍රීලංකා හැඳුම් පතක් සහ විදේශ ගුවන් බලපත්‍රයක් ලබා දීමද ඒ අනුව සිදු විය. එසේම පසුගියදා හෙළි වූයේ ද්විත්ව පුරවැසියකුට ජනාධිපති අපේක්ෂකත්වය සඳහා නාම යොජනා බාර දිය නොහැකි බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන දක්වා තිබුණද ජනාධිපතිවරණ පනතේ එම නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා සංශෝධනය කර නොමැති බවය. එම සංශෝධිත පනත් කෙ‍ටුම් පත අගමැති රනිල් වික්‍රමසිංහ භාරයේ තිබු නමුත් එය අනුමත කර ගැනීම සඳහා ඔහු එය පාර්ලිමේන්තුවට මෙතෙක් ඉදිරි පත් කර නොමැති නිසා ගෝඨාභය ද්විත්ව පුරවැසියකු ලෙස නාමයෝජනා බාර දුන්නද එය නීති විරෝධී බවට අධිකරණය හමුවේ වුව ඔප්පු කිරීමේ නෛතික හැකියාවක් නොමැති වීම මත ගොඨාභයට සිය අමරිකානු පුරවැසි භාවය සම්බන්ධ කිසිදු ගැටලුවකට මුහුණ දීමට සිදු නොවන බව නීති වේදීන් පෙන්වා දී තිබේ.

ගෝඨා ඕනෑ වුණේ රනිල්ට

කෙසේ නමුත් ගෝඨාභය පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරවීම සඳහා වැඩිම උනන්දුවක් තිබුණේ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පාර්ශ්වයට බව පැහැදිලිය. එය මහින්ද රාජපක්ෂට හෝ බැසිල් රාජපක්ෂට හෝ නොතිබුණු තරම් උනන්දුවකි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයේදී තමන්ගේ ප්‍රතිවාදියා විය යුත්තේ කවුද යන්න තීරණය කිරීමට තරම් දේශපාලන නූල් සූත්තර කාරයෙක්ව තිබේ. සමහර විට තමන්ම ජනාධිපතිවරණයට මුහුණ දීමේ අපේක්ෂාව සහිතව එය සිදු කරන්නට ද ඇත. එජාපයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තීන්දුවක් ගෙන නොමැති වූවත් ගෝඨාබය ප්‍රතිවාදී කණ්ඩායමේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරවා ගැනිමට උනන්දු වීම ගැන කිසිවකුට ප්‍රශ්නාර්ථයන් තිබිය හැකිය.

එහෙත් මෙය පැහැදිලි කාරණයකි. ඒ ගොඨාබය ඉදිරිපත් කරවීම සෑම අතින්ම එජාපය ප්‍රමුඛ සන්ධානයට වාසිදායක වීමය.

පොහොට්ටුවටත් ගෝඨා නැතුව බෑ

පොදුජන පෙරමුණු හිතවාදීන් ගොඨාභය තමන්ට සිටින ප්‍රබලම අපේක්ෂකයා ලෙස උත්කර්ෂයට නැංවූවාට එය මේ රටේ බහුතර ජනයා පිළිගන්න අපෙක්ෂකයා වන්නෙ නැත.

යුධ ජයග්‍රහණය සහ කොළඹ පාරවල් ලස්සන කිරීම හැර ගොඨාබයගේ ගිණුමට බැර වෙන වෙනත් වාසිදායක දෙවල් කිසිවක් නැත. එහෙත් එම ක්‍රියාදාමයන් දෙකටම අයිතිවාසිකම් කියන තවත් පාර්ශ්ව සිටීම නිසා ගෝඨාභයට ඒ වාසිය ගෙඩිය පිටින්ම ලබා ගත නොහැක. අනෙක් කාරණය මේවා සිදු කළේ මිලිටරි බලහත්කාරය පාවිච්චිකරය. රටේ නීති රීති අභිබවා යමින්ය. ඒ සමඟ මිනිස් ඝාතන අපරාධ,දූෂණ, වංචා, මගඩි ගැන චෝදනා රැසකි. අධිකරණය හමුවෙ නඩු රැසකි. නඩු හමුවේ පවා ගොඨාභය එ්වාට මුහුණ දෙනවා වෙනුවට සැඟවී සිටින්නෙකි.

සිංහල බෞද්ධ උස් සළකුණ

ඒ අතරම සිංහල බෞද්ධ ජාතිවාදියකු ලෙස ගෝඨාබය නියෝජනය කරන්නේ එහි උස්ම සලකුණයි. පසුගිය රාජපක්ෂ පාලන සමයේදී සිංහල බෞද්ධ අන්තවාදය සහ ඊට ප්‍රතිපක්ෂ අන්තවාදයන්ද පොෂණය කරමින් දෙමළ සහ මුස්ලිම් විරෝධයක් අවුලුවා රට ගිනි තිබ්බේ ගොඨාභයගේ මෙහෙය වීමෙන් බව ප්‍රසිද්ධ රහසකි. එදා බුද්ධි අංශ වල දායකත්වයත් සහිතව නිල හා නොනිල මැර කණ්ඩායම් යොදවා සෙසු ජනකොටස් අරඹයා ගෙන ගිය ත්‍රාඩ මැදිහත් වීම ලෝකයටම රහසක් නොවේ. අදටත් ගොඨාබයට උපක්‍රමශීලී ලෙස හෝ සිය ජාතිවාදි හැව ඉවත් කර ගැනීමේ හැකියාවක් නැත. ඔහු වටා යම් පිරිසක් කේන්ද්‍රගත වී සිටින්නේද ඔහුගේ මේ සිංහල බෞද්ධ ජාතිවාදී ප්‍රතිපත්තිය සහ ඔහුගේ ත්‍රාඩ මිලිටරිමය ක්‍රියාකාරිත්වය නිසාය. ඊට එකඟ පිරිස හැර වෙනත් කිසිවකුත් ඔහු වටා නැත.

ජාතික ආරක්ෂාව නම් මිත්‍යාව

' ජාතික ආරක්ෂාව' නම් මිත්‍යාවක් නඩත්තු කරමින් මේ රටේ ජාතික ආරක්ෂාව අන්තුරේ කියන බොරුව ඔවුන් විසින්ම විශ්වාස කරමින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගොඨා අවශ්‍ය බව කියමින් තිබේ. මෙය රටේ ඇත්ත ප්‍රශ්නයක් නොව රාජපක්ෂ හිතවාදීන් විසින් සිය හිතවත් මාධ්‍ය හරහා පතුරුවනු ලබන කෙබරයකි. මේ නිසා ගෝඨාභයගේ පැමිණීම මේ රටේ බහුතර ජනතාවගේ අපේක්ෂාවක් වන්නෙ නැත. එදා රාජපක්ෂ යුගයේදී නොලැබුණු ආරක්ෂාවක් වත්මන් යහපාලන යුගයේදී ලැබෙන බවත් සිය නිදහස සහ අයිතිවාසිකම් එදාට වඩා අති මහත් ගුණයකින් විඳින බවත් මේ රටේ ජනතාව අද අත් දැකීමෙන්ම තේරුම් ගෙන තිබේ. මේ නිසා ගොඨාභයගේ ' ජාතික ආරක්ෂාව' කියන සටන් පාඨයවත් සිංහල බෞද්ධ පමණයි කියන ජාතිවාදී සටන් පාඨයවත් දැන් වලංගු නොවේ. අනික මේ සටන් පාඨ දෙකම 2015 ජනවාරියේදී සහ අගෝස්තුවේදී පරාජය විය.

පළාත්පාලන ගනන් වරද්දා ගැනීම

රාජපක්ෂවරු තමන්ට යළි බලය අත්පත් කර ගත හැකි බව යළි සිතන්න ගත්තේ 2018 පැවැති පළාත්පාලන මැතිවරණයෙන් ලද ඡන්ද සංඛ්‍යාව නිසාය. ඉන් උද්දාමයට පත් රාජපක්ෂලා ආණ්ඩුබලය තමන්ට ලෙහෙසියෙන්ම ගත හැකි බවට විශ්වාස කළේය. එහෙත් ඉතිහාසය මතක් කර ගනන්වා නම් 2015 පෙර පැවැති මැතිවරණ වලදීද විපක්ෂය සිටියේ අතිශය දුර්වල තැනකය. විශේෂයෙන්ම එජාප ඒ වෙන කොට මැතිවරණ විසි තිස් ගානක් පරාජයට පත් වී පජාතව සිටියේය. රාජපක්ෂලාගේ ගනන් හැදිල්ල අනුව ජනාධිපතිවරණය නියමිත කාලයට වසර දෙක්කට පෙර පවත්වන්නට හදිස්සි වූයේද විපක්ෂය පහසුවෙන් පරාජය කළ හැකි බවට දැඩි විශ්වාසයකිනි. කිසිදා රාජපක්ෂලා පරාජය වන්නෙ නැති බවට හීනයක ඔවුන් වෙලී සිටියේය. එහෙත් පැරැදිනි. 2015 දී ගත් ඡන්ද 58 ලක්ෂය, ඊට මස 6 කට පසුව තිබූ මහ මැතිවරණයේදී ඡන්ද 47 ලක්ෂය දක්වා බිඳ වැටිනි.

යහපාලන ආණ්ඩුවේ තිබු දුර්වලකම් සහ රාජපක්ෂලා විසින් වපුරවනු ලැබු බොරු බේගල්ද..ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවටම එරෙහිව කටයුතු කිරීම ආදී දේශපාලන වියවුල් බාවය හමුවේ විපක්ෂය බේද බින්නව සිටි අවස්ථාවේදී පැවැත් වූ පළාත්පාලන මැතිවරණයෙදී රාජපක්ෂවරුන්ට තමන්ගේ ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 50 කට ආසනන්ව වැඩි කර ගැනිමට හැකිවිය. එහෙත් රටේ සමස්ථ ප්‍රතිශතයක් ලෙස සියට 50 ඉක්මවීමට නොහැකි විය. මේ ආණ්ඩුවට අතිශය අවාසිදායක මොහොතක මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ලැබිය හැකිව තිබූ උපරීමයය. මෙ ලැබුණු ඡන්දවලින් සියයට අනූවකට වඩා සිංහල බෞද්ධ ඡන්ද ලෙස සැලකිය හැකිය. එම ඡන්ද සංඛයාව මහ මැතිවරණයකට ආදේශ කර ගනන් බැලීමේදී ද මන්ත්‍රී ආසන 95 කට වඩා ලබා ගත නොහැකි බව පැහැදිලි විය.

සිංහල බෞද්ධ පමණයි

එහෙත් තව දුරටත් සිංහල බෞද්ධ ජාතිවාදයම නඩත්තු කරගෙන යැමට තීරණය කෙරුණු අතර එහි ප්‍රතිපලය ලෙස ගොටාභයගේ මතු වීම වැලැක්විය නොහැකි විය. ගොඨාභය පාර්ශ්වය පවසා සිටියේ සිංහල බෞද්ධ ඡන්දවලින් පමණක් ජනාධිපති විය හැකි බවය. දැන් ගොඨාභය ජනාධිපතිවරණයට මුහුණ දෙන්නෙ සිංහල බෞද්ධ ඡන්ද ගොඩ ගැන විශ්වාසයෙනි. එහෙත් මහින්ද රාජපක්ෂ හෝ බැසිල් රාජපක්ෂ හෝ මේ මිත්‍යාවේ ගිලී නැති අතර ඔවුන් දෙමළ ජාතික සන්ධානයද ඇතුලු දෙමළ දේශපාලන පක්ෂවල සහය ද රිෂාඩ් බදුර්දීන් වැනි රාජපක්ෂ කඳවුරේම විරෝධයට ලක්ව ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගැසුනු මුස්ලිම් පක්ෂ වල සහයද අපේක්ෂා කරමින් තිබේ. එහෙත් ගොඨාභයගේ දේශපාලන ආගමනය 'සිංහල බෞද්ධ ත්‍රස්තාවේශය' ක් වන නිසා මේ දෙමළ මුස්ලිම් පක්ෂවල සහය අපේක්ෂා කළ හැකි නොවේ.

ගම දැන් වෙනස්

අනෙක් කාරණය පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ආණ්ඩුව මුහුන දුන් අවාසි සහගත තවයන් රැසක් මේ වන විට මඟ හරවා ගැනීමට ආණ්ඩුව සමවත්ව තිබීම සැලකිල්ලට ගත යුතුය. එවකට ආණ්ඩුව කිසිදු සංවර්ධන කටයුත්තක් නොකළ බවට කරන චෝදනාව දැන් වලංගු නැත. එවකට නොපෙනුන දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමයක් දැන් පෙන්නෙට පටන් ගෙන තිබේ. විශේෂයෙන්ම ග්‍රාමීය ඡන්ද පදනමට ආමන්ත්‍රණය කරන සාර්ථක ව්‍යාපෘති ගනනාවක් දියත් වෙමින් තිබේ. මේ තත්වයන් පැහැදිලිවම රාජපක්ෂලාගේ ඡන්ද පදනම සෙලවීමට සමත් කරුණුය. අනෙක් කරුණ රාජ්‍ය සේවක වැ‍ටුප් වැඩි කිරීම උපාධිධාරී රැකියා වියුක්තිය අඩු කිරීම ජීවන වියදම තවත් රාජපක්ෂ යුගයට වඩා අවම මට්ටමක තබා ගැනීමට සමත්වීම ආදියද රාජපක්ෂ කඳවුරට ඇති අවාසිදාය කොන්දේසි ලෙස පවතී.

මේ තත්වයන් හමුවේ දේශපාලන ළදරුවකු වන ගොඨාභය රාජපක්ෂ තමන්ගේ ප්‍රතිවාදී අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර ගැනිමට හැකිවීමත් එජාපයේ ජයග්‍රහණයට පහසු මාවතකි. ගොඨභයගෙ ඉදිරිපත් වීම හරහා ඔහුට එරෙහිව අනෙක් සියලු විපක්ෂ බලවේග වලින් එල්ල වන විරෝධයද එජාපයට වාසිදායක ලෙස බලපානු ඇත. 2015 දි රාජපක්ෂ මජර පවුල් ආණ්ඩුවට එරෙහිව විපක්ෂ බලවේග එ්කරාශි වූවා සේම ළඟ එන අනතුර පරාජය කිරීම වෙනුවෙන්ද කොන්දේසි විරහිතව පෙනී සිටීමට සියලු රාජපක්ෂ විරෝධීන්ට සිදු වෙනු ඇත.

මේ නිසා ගෝඨභයට එරෙහිව කවර චෝදනා තිබුණත් ඔහුව තම ප්‍රතිවාදී අපේක්ෂකයා ලෙස නම් කරවා ගැනීමට රනිල්ට හැකි වීම එක්සත් ජාතික පක්ෂය ලබාගත් ප්‍රබල දේශපාලන ජයග්‍රහණයක්ව තිබේ.

 

- සුජය

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us