රණ විරුවා අහිගුන්ඨිකයාගේ රිලවා බවට පත්වෙමින් තිබේ Featured

Wednesday, 25 September 2019 12:51

උතුරු නැගෙනහිර දෙමළ සටන්කාමීන් ගෙන ගිය සන්නද්ධ අරගලය පොඩිපටම් කිරීම සඳහා රජය විසින් ගෙන ගිය මර්දනකාරී මෙහෙයුම වෙනුවෙන් ආරක්ෂක අංශ සෙබලා 'රණ විරුවා' ලෙස භෞතීස්ම කිරීම කරන ලදී.. ජාතියේම (සිංහල) ගරුබුහුමනට පුජනීයත්වයට රණවිරුවාව පත්කිරීම කරන ලදී.

යුධමය තත්වයන් නිසා යුද්ධයට සම්බන්ධයක් නැති පුරවැසියා පීඩාවට පත්ව තිබීම කරණ කොටගෙන මේ රණවිරුවාව ඒ පූජනීයත්වයෙන්ම බාර ගැනීමට පුරවැසියන් දෙවරක් හිතුවේ නැත. එය දකුණේ පමණක් නොව උතුරේ දෙමළ පුරවැසියාට ද එය බාර ගන්න තැනට පත්විය.

රණ විරුවාව නඩත්තු කරමින් යුද්ධයේ ජයග්‍රහණයක් වාර්තා කර ගත් නමුත් රණ විරුවා තව දුරටත් උත්කර්ශයට නැංවීමට පසුගිය රාජපක්ෂ පාලනය විසින් කටයුතු කළේය..ඒ සිය දේශපාලන වුවමනාව වෙනුවෙනි. මැතිවරණ ජය ගැනීම සඳහා විරුද්ධවාදී මතවාදයන් පරාජය කිරීම සහ විරුද්ධවාදීන් මර්දනය සඳහා රණ විරුවාව පාවිච්චි කරන ලදී..

තමන් ප‍ටු දේශපාලන වුවමනාවන් වෙනුවෙන් පාවිච්චිවෙන බව රණ විරුවන් දැන ගෙන සිටියේ නැත. ඔවුන් ඒ තක්කඩි දේශපාලන මෙහෙයුමේම කොටස්කාරයන් බවට පත් විය. රාජපක්ෂ පාලනයෙන් රට මුදා ගැනිමට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සමත් වීමෙන් පසුව රණ විරුවාව දේශපාලන වුවමනාවන් වෙනුවෙන් පාවිච්චි කිරීම අත් හරින ලදී.. තමන් පසුගිය කාලයේ රාජපක්ෂලා විසින් පාවිච්චි කර ඇති බව ඔවුන්ට තේරුම් ගියේ ඉන් පසුවය.

වැ‍ටුප් ප්‍රශ්න විශ්‍රාම වැ‍ටුප් ප්‍රශ්න ආබාධිතයන්ගේ ප්‍රශ්න සියල්ල තමන්ට තිබෙන බව ඔවුන්ට දැනෙන්න ගත්තේ ඉන් පසුවය. රාජපක්ෂ පාලන යුගයේදී ඒ මල් වෙඩි සන්දර්ශන වලින් තමන් ඇස් නිලංකාර කරගෙන සිටි බව රණවිරුවන්ට දැනෙන පටන් ගත්තේය..ඇස් පිහ දමා තමන්ගේ තැන මොකක්ද කියලා විමසිලිමත් වූයේ ඉන් පසුවය.

තමන්ව පූජාසන මතට ඔසවා තබා අනෙකාගේ වන්දනාමානයට ලක්කර තිබූ රණ විරුවාට එතැනින් මහපොළවට බැසීමේ මදිකමක් නිර්මාණය වූ අතර ඊට හිත හදා ගත්තෝ අමාරුවෙන් නමුත් එතැනින් නික්මුනේය..සෙස්සො තවමත් පූජාසනය මතට වී තමන්ට අහිමිවූවා යැයි සිතන වරදාන වරප්‍රසාද වෙනුවෙන් කෑකෝ ගසන්නට පටන් ගෙන තිබේ. කො‍ටුවේ ආබාධිතයන්ගේ විරෝධය කියන්නේ එවැනි දෙයකි.

ආරක්ෂක අංශ සාමාජිකයන්ට රජයේ වැ‍ටුප් හා දීමනා ක්‍රමවේදය අනුව කළ යුතු ගෙවීම් සහ වරප්‍රසාදයන් හැම ආණ්ඩු සමයක්දිම ලැබුණි. ආරක්ෂක අංශවලට සම්බන්ධවූවන් ඊට සම්බන්ධ වූයේ ඒ ගැන දැනුවත්වය. ඊට එකඟවීමෙන් පසුවය. ඒ එකඟතාවයන් රජය විසින් කඩා බිඳ දමා නැත. එහෙත් මොවුන් රණවිරුවන් ලෙස ඔසවා තැබීම විසින් තමන්ට පූජනියත්වයෙන් සැලකිය යුතු බව මොවුන්ගේ විශ්වාසය විය. සමාජය තුල යුධ සමයේදී රණවිරුවාව ඔසවා තැබූ තැන අනුව ඔවුන් එය විශ්වාස කළේය.

කො‍ටුවේ ආබාධිත විරෝධය මතු වෙන්නේ මේ තමන්ට නීත්‍යානුකූලව හිමි නැති වරප්‍රසාදයක් වෙනුවෙනි. රජය රාජ්‍ සේවයට සෘජුවවත් අර්ධවත්, සම්බන්ධවන පුද්ගලයන්ට වැ‍ටුප් ගෙවනනේ ඒ වෙනුවෙන් සකසා ඇති නීති රෙගුලාසි අනුවය. රාජ්‍ය අංශයේ එක වැඩ තලයක වැ‍ටුප් වෙනස් කිරීමක් සිදු කරන විට රාජ්‍ය සේවයේ නියුතු සමස්ත සේවකයන්ගේ වැ‍ටුප් තලයට එය බලපෑමක් කරනු ලබයි. ඒ නිසා එක එක තලවල සිටින සේවකයන් වැ‍ටුප් හෝ විශ්‍රාම වැ‍ටුප් වෙනුවෙන් කරන ඉල්ලීම විසැඳීම පහසු කාරණාවක් නොවෙයි. ඉතිහාසයේ එලෙස සිදු කෙරුණු වැ‍ටුප් සංශෝධනයන් නිසා මේ වන විට එය විශාල ගැටලුවක් අවුල් ජාලයක් බවට පත්ව තිබේ. වෘත්තීය ඉල්ලීම ලෙස හැමදාම රාජ්‍ය සේවකයන් පාරට බසින්නේ මේ ගැටලුව නිසාය.. ආබාධිත රණ විරුවා ඉල්ල සිටින ඉල්ලීම ලබා දීම කෙරෙහි ආණ්ඩුව බරපතල අසීරුතාවයකට පත් වූයේ එය පහසුවෙන් විසඳා ගැනීමට නොහැකි නිසාය.

එහෙත් යම් විසඳුමක් ඉදිරිපත් කිරීමට මුදල් ඇමැති මංගල සමරවීර පසුගියදා සමත් විය. එහෙත් යෝජනා ප්‍රතික්ෂේප කරමින් ආබාධිතයන් තවමත් කො‍ටුවේ වාඩිලාගෙන සිටී.

මෙම ඉල්ලීම් අනෙක රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් සලකා බැලීමේදී සාධාරණ නොවේ. රට ජාතිය බේරා ගැනීම වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයා දිවි පරදුවට තබා කටයුතු කළ බව ඇත්තය. ඒ ඔවුන් බාර ගත් රස්සාවේ ස්වරූපයයි.. නගරසභාවේ කම්කරුවාද රාජ්‍ය සේවකයෙකි.ඔහුගේ රස්සාවද රාජ්‍ය ‍රැක ගැනීම සඳහා වෙයි. මේ නිසා ඔවුන් රාජ්‍ය සේවයට සම්බන්ධ වීමේ පදනම වෙනස් නොවේ. එක් ‍රැකියා තලයක් උසස්වීම හෝ පහත් වීම මෙහිදී සලකා නොලැබෙයි. මේ අනුව රණවිරුවා නමින් වන ආරක්ෂක අංශ සාමාජිකයාද හුදු රාජ්‍ය සෙවකයකු මිස අමුතු පූජනීයත්වයකින් සැලකිය යුතු වන්නකු නොවේ.

කො‍ටුවේ ආබාධිතයන්ට අමුතුවෙන් ලබා දුන් වරප්‍රසාදය බාර නොගෙන තව තවත් වරප්‍රසාද ඉල්ලමින් කරන මේ නාඩගම ඔවුන්ගේ අසරණ කමකට හෝ මෝඩකමට කරන දෙයක් නොවන බව දැන් පැහැදිලි කරණයකි. කිසිවකු හෝ ඔවුන්ව මෙහෙයවන බව පෙනෙන්නට තිබේ. ආබාධිත සෙබලුන්ගේ ඉල්ලීම් විසැඳීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළේ මේ කො‍ටුවේ විරෝධය නිසා නොවේ..ඊට පියවර ගත්තේ මීට බොහෝ කාලයකට ප්‍රථමවය. පසුගිය යුද සමයේදී එනම් රණවිරුවාව උත්කර්ෂයට නංවනු ලැබූ යුගයේදී ඒ පාලකයන් හෝ මේ විසැඳීමට කිසිදු පියවරක් ගත්තේ නැත.
එහෙත් ඒ ඉවසා සිටීමට රණවිරුවන් පුරුදුව සිටියේ පෙර කී ලෙසම තමන් පූජනීයත්වයට පත්ව සිටින බව විශ්වාස කිරීම නිසාය. එය ඔවුන්ගේ විනෝදය බවට පත්ව තිබිණි.

මේවන විට සිදුවෙමින් පවතින්නේ තමන්ට අහිමි වූ විනෝදය නැවත අත්පත් කර ගැනීමේ සටනකි. ඒ පි‍ටුපස දේශපාලනයක් පවතී. එදා තමන්ට හිමි වූ විනෝදය නැවත ලබා ගැනිමට නම් මේ ආණ්ඩුව පෙරළා දැමිය යුතුය. රාජපක්ෂවරුන්ගෙන් ඔවුන්ට ලැබුණු පණිවිඩය එයය. මෙතන දැන් තිබෙන්නෙ වැ‍ටුප් ප්‍රශ්නයක් නොව තකක්ඩි දේශපාලන වුවමනාවකි. එය පැහැදිලි කරුණකි. රණවිරුවා අද අහිගුන්ඨිකයාගේ රිලවා මෙන් මේ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් නටමින් තිබේ. එක එක තක්කඩියන් පමණක් නොව එක එක කවටයන් කියන කියන විදිහටත් නටමින් තිබේ. මේ ගැන කියන්න තිබෙන්නේ එපමණකි.

Last modified on Wednesday, 25 September 2019 12:57

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us