වඳුරා ගත් selfie photo එකට නඩු

Published in අනං මනං
Saturday, 09 August 2014 16:06

මැකාකේ වර්ගයේ වඳුරෙකු විසින් ගන්නා ලද ස්වයං ඡායාරූපයක් සම්බන්ධව නීතිමය පියවර ගැනීමට යාමක් පිළිබඳ වාර්තා වේ.

ඒ වඳුරා විසින් ගනු ලැබූ ඡායා රූපයේ හිමිකාරත්වය සම්බන්ධවයි. මේ නඩුව පවරන්නෙ වඳුරට විරුද්ධව නම් නෙමේ. මෙම සුවිශේෂී ඡායාරූපය එක්තරා වෙබ් අඩවියක නොමිලේ ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා පළ කර තිබීමත් සමඟ මෙම ගැටළුව මතු වී ඇත.

වඳුරා සිය ඡායාරූපය ගෙන ඇත්තේ, බ්‍රිතාන්‍ය ජාතික සම්මානනීය වනජීවී ඡායාරූප ශිල්පියෙකු වන ඩේවිඩ් ස්ලේටර්ගේ කැමරාවෙනි. ඒ 2011 වසරේ ඩේවිඩ් ස්ලේටර් විසින් සුලවේසි දිවයිනේ ඡායාරූප ගැනීමට ගිය අවස්ථාවකදීය.

එම වඳුරා එහිදී කැමරා භාවිත කිරීමට පුරුදු වී ඇති අතර එම ඡායාරූපය අහඹු ලෙස කැමරාවේ සටහන් වී ඇත.

මෙම ඡායාරූපය නොමිලේ ඩවුන්ලෝඩ් කර ගැනීමට පළ කළ වෙබ් අඩවියේ පිරිස පවසන්නේ මෙය වඳුරෙකු විසින් ගනු ලැබූ ඡායාරූපයක් වන නිසා ඩේවිඩ් ස්ලේටර්ට එහි අයිතියක් නොමැති බවයි. මේ වනවිට එම වෙබ් අඩවියට එරෙහිව නඩු පැවරීමට ඩේවිඩ් ‍ස්ලේටර් සූදානම් වේ.


Gossip

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට   

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට  

ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පසුපෙළ මන්ත්‍රීවරුන් 48 දෙනකු කොළඹදී ස්ථාන දෙකකදී...

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

සුරාබදු ආදායම පනත යළි සංශෝධනය කරමින්, මත්පැන් වලින් ලැබෙන රාජ්‍ය බදු ආදායම වැඩි කරගැනීමට රජය සුදානම්...

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

නෛතික ප්‍රතිපාදන අනුව නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවති...

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්ප...

Connet With Us