රටට ජාතික නායකත්වයක් අහිමි වීමේ කරුමය ආපසු හැරවිය හැකිය Featured

Wednesday, 20 November 2019 00:04

මෙවර පැවැත්වුණු ජනාධිපතිවරණයේ ප්‍රතිපලය ඉතිහාසයෙ ලැබූ කාලකන්ණිම ඡන්ද ප්‍රතිපලය බව විවාදයක් නැත. ඒ කිසිවකු හෝ ජයග්‍රහණය කිරීම හෝ පරාජය වීම නිසා නොව රට පරාජයට පත් වීම නිසයි. රටේ පුරවැසියා මහ ජාතිය සහ සුලු ජාතිය ලෙසත් සුලු ජාතිය මහ ජාතියට යටත්ව වාසය කළ යුතු බවත් මේ මැතිවරණ ප්‍රතිපලය විසින් ප්‍රකාශයට පත් කර ඇති කතාවයි.


දශක ගනනාවක් තිස්සෙ මේ රට ඇවිල වූ වාර්ගික ගැටලුව යන්තම් විසඳාගෙන ජන වර්ග අතර සමගිය සංහිඳියාව ගොඩ නාගාගෙන වඩත් දියුණු ශිෂ්ඨ සම්පන්න ශ්‍රී ලංකාවක් ගොඩනැගිම වෙනුවෙන් ගෙන ගිය අරගලය යළි වසර ගනනාවකට ආපස්සට ඇද දැමිම මෙවර සිදු විය. තවත් ලේ වැකි යුද්ධයකට හිතකර බිමක් නිර්මාණය කරමින් තිබෙන බව පෙනෙන්ට තිබෙන ඛේදනිය තත්වයයි.

මේ රටේ ප්‍රගතිශීලී බලවේග හමුවේ යළිත් අබිමුඛව තිබෙන්නේ වර්ගවාදී දේශපාලනය පැරදවීමේ අමාරු අරගලයයි. පසුගිය වසර 5 මුලුල්ලේ කළ නොසලකා හැරීම්, අත් හැරීම්, මඟ හැරීම් නිසා වර්ගවාදී යක්ෂයාට යළි දෙපයින් සිට ගැනීමේ හැකියාව ලබා දුන්නේ මේ ප්‍රගතිශීලී බලවේග විසින්මය. ජනතාවට වර්ගවාදී තීන්දුවක් ගැනීමට වන තැනට සියලු සාධක සකස් කෙරුණේ මේ ප්‍රගතිශීලී බලවේග වල නොසැලකිලිමත් කම නිසාය. අත් නොහැර සටන් වැදිය යුතු අරමුණ ජය ගැනීම තෙක් කළ යුතු කැප කිරීම මේ ප්‍රගතිශීලී අන්තය විසින් සිදු කළේ නැත. වෙන අරමුණු වෙනුවෙන් කුළල් කා ගැනීම් ජයට සිදුකෙරිණි. ඡන්ද ප්‍රතිපලය ජනතාවගේ වැරැදීමක් කියා ඔවුන් පිට වරද පැටවීම සිදු කළ නොහැක. ජනතාව තීන්දු තීරණ ගන්නේ ඔවුන්ට ඈසෙන පෙනෙන දැනෙන දේ අනුවය. ඒ අනුව ඔවුන් තීන්දුව ගෙන තිබේ.

කෙසේ නමුත් අද වර්ගවාදී වුවමනාව ජය ගත් නමුදු මේ මැතිවරණ ප්‍රතිපලය තුල ඊට එරෙහිව දැවැන්ත බලවේගයක් ඇති බව වසා දැමීමත් සිදුව තිබේ. සියලු දෙනා කතා කරමින් සිටින්නේ සිංහල බෞද්ධ ඡන්ද වලින් පමණක් ගෝටාබය ජය ගෙන ඇති බවත් සජිත් ප්‍රේමදාසට ලැබුණේ සුලු ජාතින ඡන්ද පමණක් වන බවත්ය. එය සම්පූර්ණ සත්‍යයක් නොවේ. ඒවා සත්‍යය යටපත් කරන කතාය.

මෙරට ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් (159 92096 ) ලක්ෂ 120 ක් පමණ සිංහල බෞද්ධ ඡන්ද වේ.
ගොටා කියන විදිහට එයාට ලැබුුණු ලක්ෂ 69 ය, සිංහල බෞද්ධ ඡන්ද පමණයි කිව්වාට එතැනින් ලක්ෂ 5ක් වත් දෙමළ සහ මුස්ලිම් ඡන්ද වේ. ඒ අනුව ලක්ෂ 65 ක උපරීමය තබා සිංහල බෞද්ධ ඡන්ද ගෝටා ලැබූ බව කිව හැකිය.

ඒ අනුව ලක්ෂ 120 ක් පමණ වන සිංහල ඡන්ද ගොඩෙන් ලක්ෂ 55 ක් ගොටාට ඡන්දය ලබා දී නැත. වලංගු ඡන්ද වලින් ලක්ෂ 60 කට වැඩි ප්‍රමාණයක් ගොටාව ප්‍රතික්ශේප කර තිබේ. ලියාපදිංචි සමස්ථ ඡන්ද ප්‍රමාණයෙන් ගොටාට ලක්ෂ 90 ක් කැමැත්ත ප්‍රකාශ කර නැත.

ගෝටා නොලැබූ ලක්ෂ 55 ක සිංහල ඡන්ද ගොඩෙන් ලක්ෂ 30 ක අවමයක්වත් සජිත් ප්‍රේමදාසට ලැබී ඇත. ඔහු ජනාධිපතිවරණයෙන් ලබා ගත් ලක්ෂ 55. 6 න් ඔහුගේ ඉතිරිය, ලක්ෂ 40ක් පමණ වන සමස්ත සුලු ජාතික ඡන්ද වලින් ලක්ෂ 25 ක පමණ කොටසකින් පිරවී ඇත.

සෙසු අපේක්ෂකයන් ලැබූ ඡන්ද ප්‍රමාණය ලක්ෂ 7 ක ආසන්න ප්‍රමාණයක් වන අතර ඡන්දය ප්‍රකාශ නොකළ සිංහල දෙමළ මුස්ලිම් ප්‍රමාණය ලක්ෂ 27 ක් පමණවේ..

කෙසේ නමුත් අවසානයේ ගොටා සිංහල ඡන්ද ලක්ෂ 65 ක් සහ ඉතිරි ලක්ෂ 5 කට ආසන්න ප්‍රමාණය දෙමළ මුස්ලිම් වැසියන්ගෙන් ගන්නා අතර සජිත් සිංහල ඡන්ද ලක්ෂ 30 ක් සහ සුලු ජන ඡන්ද ලක්ෂ 25 ක් ලබා තිබේ.

මේ අනුව රටේ ජන වර්ග කිහිපයේම වැඩි විශ්වාසය දිනා ගැනිමට සජිත් සමත්ව තිබෙන්නේ . ජාතිවාදයෙන් ආගම්වාදයෙන් තොරව ජාතික සමගිය, සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටිමිනි.. මේ අනුව මෙවර ජනාධිපතිවරණයේ සැබැවින්ම ජාතික නායකයා ලෙස පිළිගැනීමට ලක්වී ඇත්තේ සජිත් ප්‍රේමදාස බව පිළිගැනිමට සිදුවේ. මේ සජිත් ලැබූ ඡන්ද ගොඩ අපගේ බලාපොරොත්තු අත් නොහැර සිඨිමට තරම් ලොකු ප්‍රමාණයකි.

සිංහල බෞද්ධ වර්ගවාදය පෝෂණය කරමින් හැසිරුණු ගොටා හිතවාදීන් තවමත් ප්‍රකාශයට පත් කරමින් සිටින්නේ සිංහල බෞද්ධ අභිලාශයන් මුදුපත් කරන අනෙක් සුළු ජාතිකත්වයන් පහත් කොට වෙනස් කොට දක්වන ප්‍රතිපත්තියකි. අවාසනාවකට ගොටාබය රාජපක්ෂ සිය මුල්ම කතාවේදීත් තමන් තුල තිබෙන සිංහල බෞද්ධ වර්ගවාදී හැඟීම ප්‍රකාශයට පත් කළේය. ඒ අතරේම තමන් සෑම ජනවර්ගයකම ජනාධිපතිවරයා බව ඔහු අවධාරණය කරන්නේ, තමන් මහ ජාතියේ නායකයාය එ් නිසා තමන් කියන හැටියකට තොපිට ඉන්න සිදුවෙනවා කියන පණිවිඩය සුළු ජාතිකත්වයන්ට හැඟවෙන්නටය.

එමෙන්ම තමන්ට ඡන්ද දුන් සිංහල බෞද්ධ වර්ගවාදී අභිලාෂයන් සහිත ජනතාවගේ වුවමනාම මඟ හැර යෑමට ගොටාබයට සිදු කළ හැකි නොවේ. නිරන්තරයෙන්ම ඒ වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටීමට සිදුවෙනු ඇත. මේ තත්වය මත මෙරට දෙමළ මුස්ලිම් ජනතාවට මෙන්ම ජාතීන්ගේ සම‍ඟිය සහජීවනය අගයන සිංහල බෞද්ධ ජනතාවගේ අපේක්ෂාවන්ද කෙලසනු ඇත. වඩාත් ප්‍රශ්නකාරී වෙනු ඇත. එසේම වඩාත් අනතුරු දායක වෙනු ඇත.

එය සිදුවීමට ඉඩ නොදෙන තත්වයක් ඇති කරලීම මේ රටේ සිහි බුද්ධියක් ඇති ශිෂ්ට සමපන්න මිනිසුන්ගේ වග කීමකි. ප්‍රගතිශීලී කඳවුරේ වගකීමකි. එය නොකළ හැක්ක නොවේ. මන්ද ඒ හැකියාව ඒ වුවමනාව සහිත බහුතර පුරවැසි කණ්ඩායමක් මේ රටේ සිටින නිසාය. ගොටාබය ලබා ගත් ලක්ෂ 69 යනු රටේ බහුතරය නොවේ. ඒ මොහොතේ ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් තරගයේ සීමාව තුල නිශ්චය වූ ප්‍රමාණය පමණි. ඉන් බහුතරයක්ද නොදන්නාකම දේවල් තෙරුම් ගැනීමට අසමත් කම් නිසා ‍රැවැටීම වලට ගොදුරු පිරිසකි.

මේ නිසා මේ වූ බරපතල වැරැද්ද ආපසු හැරවීමට ඇවැසි ශක්‍යතාවය මේ මහ පොළවෙම තිබේ. අවශ්‍ය වන්නේ ඒ නිවැරදිව උකහාගෙන නිවැරදිම පියවර ගැනීම පමණි. ජාතික වශයෙන් පිළිගැනීමක් සහිත නායකත්වයක් සමඟ ජාතික ව්‍යාපාරයක් ගොඩනැගීම වියයුතුව තිබේ.

රටට ජය ලැබිය හැකිය. යක්ෂාගමනය පරාජය කළ හැකිය.

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us