ගල් බෝතලය රු.5000 යි..සිගරට් එක රු.100 යි..කාට කියන් මේ අවනඩු.. Featured

Tuesday, 07 April 2020 18:17

ඇඳිරි නිතිය අඛන්ඩව ක්‍රියාත්මකවීමත් සමඟ අත්‍යවශ්‍ය ආහර ද්‍රව්‍ය සපයා ගැනීමේ අර්බුදයට යම් යම් විසඳුම් ක්‍රියාත්මක වෙමින් පැවැතියද .ඒවා හෝ මෙතෙක් සම්පුර්ණ වී නැත. තවමත් දින ගනනාවකින් ආහාරයක් බඩට නොවැ‍ටුනු මිනිස්සු සිටිති. ඒ ගැන මීට පෙරද අප පෙන්වා දී ඇත.

මේ කතා කරන්නේ ඒ ගැන නොවුනත් ඒහා සමාන නොවුණත් සැලකිය යුතුව තිබෙන වෙනත් සාමාජීය ගැටළුවක් ගැනය. ඒ මත්ද්‍රව්‍ය වලට හුරුවූ පුද්ගලයන් සහ එම වෙළදාමට ඈඳී සිටි පුද්ගලයන් මුහුණ දෙන ගැටළු සහ ඒ් නිසා ශ්‍රීලංකා රාජ්‍යය මුහුණ දෙන අනෙක් ආකාරයක අර්බුදයන් ගැනය.

රාජ්‍ය ආදායම

රජයෙ ප්‍රධානම ආදායම් මාර්ග දෙකක් වන්නේ දුම්වැටි සහ මැත් පැන් අලෙවියෙන් ලබා ගන්නා බදු ආදායමයි. ඒ දැන් සති දෙකක් තිස්සෙ අහිමිව ගොස් තිබේ. රජයට බිලියන ගනනක ආදායමක් අහිමිව තිබේ. ඒ ගැටලුව රජයට යම් ලෙසකින් හෝ කලමනාකරණය කර ගැනීමට සිදුවෙනු ඇත. මත්ද්‍රව්‍ය පාවිච්චිය මේ සති දෙකෙහි අත් හැරීමට සිදුවීම තුල මේ සපුරා තහනම් කරන්නැයි ඉල්ලීම් ද මේ දිනවල සමාජ ජාලා වල දකින්නට ලැබේ. මේ රටේ අතීතයේ දී මත්ද්‍රව්‍ය පවිච්චි නොකළ වගත් මස් මාංශයෙන් වැලකී සිය බවටත් ආදී වශයෙන් කතන්දර ද මේ ඇඳිරි නීතිය අස්සෙ අසන්නට තිබේ. මේව අනවබෝධය නොදන්නාකම හෝ මෝඩ කම නිසා කියන මත මිස වැදගැම්මකට ඇති සාධනීය විවාදයකට තරම් කතා නොවේ.

මත් සංස්කෘතිය

මත් පැන්ද මත් දුම් මාංශ ආහාරද මේ රටේ සුලබ භාවිතා වූ බවට ඕනෑ තරම් සාක්ෂි තිබේ.. මැත් පැන් පැන් යනු සංස්කෘතික භාවිතාවකි. ඊට වෙනම උපසංස්කෘතික කලාපයන්ද තිබේ. ඒ්වා ගැන වෙනම කතා කළ හැක. අද මේ කතා බහකට අර ඇද්දේ ඇඳිරි නිතිය නිසා ඇතිව තිබෙන මත් ද්‍රව්‍ය වල හීඟතාවය විසින් මතු කර ඇති සාමාජීය ගැටළු ගැනය.

මත් ද්‍රව්‍ය දුරාචාරයක් යනුවෙන් හඳුන්වා මේ ගැටලුව ගැන කතා නොකර මඟ හැරීම කළ නොහැක. මන්ද මෙය කිසිදා වැලැක්විය හැකි මිනිස් චාරයක් නොවනාක් මෙන්ම අද ඇතිකර තිබෙන ගැටලු කාරිත්වය සමාජ ව්‍යසනයක් දක්ව දිගැ හැරීමේ ඉඩක්ද නිර්මාණය වෙමින් තිබෙන නිසාය.

වසංගත තත්වයත් සමඟ ඇඳිරි නීතිය රට පුර ක්‍රියාත්මක වීම, වසංගත තත්වයට මැඩලීමට වන උත්තරය ඇඳිරි නීතිය බවට පාලකයන් ගත් තීන්දුවේ නිවැරදි භාවය පිළිබඳ කතා බහක් ඇතිව තිබේ. දැන් එය නොකඩවා සති 2ක් මුලුල්ලෙ ක්‍රියාත්මක වෙයි. එයිනුත් වැඩිම බලපෑමක් සිදුව ඇත්තෙ වංසගතය වැඩි වේගයක්න් පැතිරයෑමට ගත් කොළඹ ගම්පහ කළුතර පුත්තලම යාපනය සහ මහ නුවර දිස්ත්‍රිකයන්ටය.

නගරයේ අර්බුදය

විශේෂයෙන්ම ලංකාවේ අධි ජන ගනත්වයක් තිබෙන කොළඹ දිස්ත්‍රික්කයෙහි වාසය කරන ජනතාව කෙරෙහි විශාල බලපෑමක් මේවන විට ඇඳිරි නීතිය විසින් සිදු කර තිබේ. ඉහළ පාන්තික ජනතාවගේ අවශ්‍යතා ඔවුන් බලාපොරොත්තු වන ඉහළම ආකාරයෙන් සැපිරීම මේ වන විට සිදු වූවත් ඊට පහල පාංතික මෙන්ම පැල්පත් වාසීන්ගේ තත්වය එන්න එන්නම ඛේදවාචකයක් පවට පත්වෙමින් තිබේ.. කොළඹ නාගරික වතු ආශ්‍රිත ඇතැම් පවුලකට දින ගනනාවකින් කෑමක් බීමක් නැත. කිසිවකුගේ ආධාරයක් උපකාරයක් ලැබී නැති වතු ගනනාවක් පිළිබඳ තොරතුරු අපට පසුගිය දිනවලදී වාර්තා වූ අතර ඒ ගැන අදාල බලධාරීන්ගේ ස්වෙචඡා සංවිධානවල අවධානයට යොමු කිරීමටද සිදු විය.

කෙසේ නමුත් ජන ජීවිතය පවත්වාගෙන යෑම සඳහා වන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කෙසේ හෝ ලබා දීම සඳහා කවර හෝ පාර්ශ්වයකට මැදිහත් වීමෙ හැකියාව ඇත.. එහෙත් එපමණින් මේ නාගරික ජීවිත වල අවශ්‍යතා සැපිරෙන්නෙ නැත.

නගරය තුල වන වෙනත් වෙනස් සංදර්භයන් ගනනාවකි, ජාති ආගමික ලිංග තරාතිරම් පංති ආදී වූ තීරක වෙනස් කම් වල සිට ඒවායේ සම්මිශ්‍රණයන්ද සමන්විත සංකීර්ණ සාමාජීය තීරු ගනනාවක් මේවායේ වෙති. එය තේරුම් ගැනිමට නම් මේ නාගරික ප්‍රදේශ්වලම සැරි සරා ඔවුනොවුන් සමග ගැටි ජීවත් විය යුතුමය. නගරයෙන් පිටස්තරයන්ට මේ කෙලෙසකවත් වටහා ගත නොහැකි කලාපයකි. මෙහි උපසංස්කෘතීන් ගනනාවකි..භාෂාවන්ද (සම්මත භාෂා නොවේ) ගනනාවකි. ඇදැහිලිද (සම්මත ඇදහිලි නෙවේ) ගනනාවකි. සදාචාරාත්මක පිළිගැනීම් ගනනාවකි, ඇතැම් විට නීතියද යුක්තියද නගරයට අවේනිකය.

නොපෙනෙන අඳුරු කලාපය

ඇඳිරි නීතිය නිසා මේ සියල්ල අර්බුදයකට ගියේය. එහෙත් එය ප්‍රධාන ධාරාවේ සාකච්ඡාවන්ට අසු නොවන පාතාලයේ කතාවක් බවට පත්ව තිබේ. එහි දැන් ක්‍රියාත්මක වන්නේ පාතාලයේ පාලනයකි. ඇඳිරි නීතිය නැමැති අඳුරෙන් ඒ පාතාල පාලනය පිටතට පෙන්නෙනේ නැත.

පික්පොකැට්කාරයන්, වීදි ගණිකාවන්, පොන්නයන්, පිම්පියන්, මංපහරන්නෝද, කුඩු කාරයන්, ගංජාකාරයන්, ගිණිපොළීකාරයන්, ඩේලි පොලීකාරයන්, නාට්ටමිලාද, කරත්තකාරයෝද, ත්‍රීවීල් කාරයෝද, ඩීලර්ස්ලාද, තට්‍ටු වෙළෙන්දෝද, ‍රෑ කඩ කාරයෝද සුදුකාරයෝද, හිඟන්නෝද... ආදී නගරයට ආවේනික විශේෂ වෘත්තීන් වල නියැලුනු වුන් විශාල පිරිසක් මේ ඇදිරි නීතිය නිසා අක්‍රීය විය. එහෙත් මේ පාතාල නගරයට අර්බුද කියන්නේ එය විනාශ වීම නොවේ.. ක‍ටුස්සා අනතුරකදී පාට මාරු කරන්නාසේ මේ අනාගරිකයන්ද සිය වෘත්තීයේ හැඩය මාරු කරයි. කොහොම හරි දවසේ ගාන ඔවුන් සොයා ගන්නා ක්‍රමයක් වෙත මාරු වීම දකින්නට ලැබෙන සුලබ දෙයකි. කරනන්ම දෙයක් නැත්නම් කුඩු පැකට් එකක් එකක් පොලිසියට සිය කැමැත්තෙන් මාට්‍ටු වී මහ උළුගෙදර බත් කමින් කා ලය ගත කිරීම පුරුද්දක් කර ගත් පිරිස් ද සිටිති. ගැහැනු පිරිමි බේදයක් එහි නැත.

නගරයෙන් පිටස්තර පාරිභෝගිකයා 

මේ පිරිස් ෆේස්බුක් වැනි සමාජ ජාලාවල එකවුන්ට් පවත්වාගෙන නොයන නිසා ඔවුනොවුන්ගේ කතිකාව මධ්‍යම පාංතික විපරීත සාකච්ඡා මඩු බවට පත්ව තිබෙන සමාජ ජාලා වල ලඟින කිසිවෙකු දන්නෙ නැත..මෙහිදී කොළඹ සුවිශේෂී කරගෙන කතා කළේ ඒ ජන කොට්ඨාශයේ ලක්ෂ ගනනක වැඩිම නියෝජනය කොළඹ ඇති නිසාය. එහෙත් හැම නගරයකම කුඩා හෝ පාතාල නගරයක් තිබේ. ඒ පාලනය ඒ පාතාලේ සගයන් විසින් සිදු කරනු ලැබේ. කොළඹ හෝ වේවා වෙනයම් නගරයක හෝ වේවා මේ පාතාල චර්යාවන් වෙනස් නොවේ. අඩුවැඩි වෙනස් කම් පමණක් තිබේ.

කොහොම නමුත් කතා කරන්න ගියේ මේ දිනවල මේ නගරයෙ සිදුවන මත් ද්‍රවය වෙලඳාම ගැනය. අරක්කු ගංජා සිගරට් කුඩු ප්‍රධාන වෙළඳ භාණ්ඩය. වෙළඳාම කීවාට මේවා ජාවාරම්ය. නීති විරෝධී වෙළඳාම්ය. ඇඳිරි නීතිය හමුවේ වෙනදා නිත්‍යානුකූලව විකුණන ලබන අරක්කු සිගරට් පවා සොයාගැනීම අසිරුය. මත්පැන් අලෙවි සැල් ඇඳිරි නීතිය පැවැති කාලයේ එක දිගටම වසා තිබේ. සිගරට් බීඩි කිසිවක් නැත. කුඩු ගංජා දිය හැමදාමත් නීතිවිරෝධී වෙළදාම් වූ අතර ඇදීරි නීතිය නිසා ඒ ගනුදෙනු මාර්ග ඇහිරී ඇත. මේ ගනු දෙනු වල පාරිභොගික පාර්ශ්වය වැඩි මනත් නියෝජනය කරන්නේ මේ පාතාල නගරයෙන් පිටස්තරයන්ය. බඩු වල හිඟය ඇත්තේ එතැනය.

බඩු තිබේ..ගාන සැරයි

එහෙත් මේ පාතාල නගරයේ බඩු සොයා ගැනීමේ අපහසුවක් නැත. බඩු තිබේ.. අධි ඉල්ලුමත් සැපයීම් සීමාවීමත් නිසා මේවායේ මිළ ගනන් දෙතුන් ගුණයකින් ඉහළ ගොස්ය. ගංජා රු 300 ට තිබූ කෑල්ල දැන් රු 2000 ක් පමණවී තිබේ. රු 1600 යෙ ගල් බෝතලය රු 4000 - 5000 ක මුදලකට මේ දින වල විකිණේ. සිගරට්‍ටුවක් රු 100 සිට ඉහළටය. ගංජා සහ කුඩු මිල ද හත් අට ගුණයකින් වැඩි වී තිබේ. අරක්කු ජාවාරමුන්ට අරක්කු ලැබෙනා මාර්ග කිහිපයකි. එකක් හොර අරක්කුය. ලේබලේ ඔර්ජිනල් වගේ උනාට බඩු ඔර්ජිනල් නැත. ඒවා අදාල මාර්ග ඔස්සෙ ඔවුන් අතට පත්වේ.. අනෙක් මාර්ගය ඇඳිරි නීතියට පෙර තොග ගනනින් කළ මිලදී ගෙන රැස් කර ගැනීම්ය... එයින්ද මේ ජාවරමුන් සැපයුම් සීමා කරගෙන නැත. කුඩු නොමැතිව සික් එකේ සිටින අයට ද චාන්ස් එකක් දී තිබේ.. ඒ රු 1000 කෑල්ලකට ගල් බොතල් 3ක හුවමාරුවකි. එනම් බොතල් 3ක් ගෙන විත් දුන්නොත් 1000 කෑල්ලක් ලැබේ. මේ වෙනුවෙන් කොහෙන් හෝ බෝතල් තුනක් අඩු මිලකට සොයා ගැනීම හෝ තිබෙන තැනකින් සොරා ගැනීම හෝ කළ යුතුය. ඒ අනුව හෙට අනිද්ද වන විට වයින් ස්ටෝස් , බාර් කොල්ල කාලා යැයි ප්‍රවෘර්ති පළ වුනාට ඒ බේබද්දන්ගේ වැඩක් යැයි නොසිතන්න.. ගෙවල් කොල්ලකෑවාට ඒ් සාම්ප්‍රදායික ගෙවල් බිඳින අය යැයි නොසිතන්න.

ෆාමසි හැර තිබේ..විකල්ප තිබේ.

නීත්‍යානුකූල මත්ද්‍රව්‍ය හෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය හෝ සපයා ගැනීමේ දුෂකරතාවය නිසා මේ වන විට වෙනත් විකල්පයන් ‍තෝරා ගැනීමටද බොහෝ පිරිස් යොමුව සිටී. මත්ද්‍රව්‍ය වෙනුවට වෙනත් ආදේශක ෆාමසිවල තිබේ. මේ දිනවල ෆාමසි විවෘත කර ඇති නිසා මත්ද්‍රව්‍ය ලෙස පාවිච්චි කළ හැකි වෙනත් රෝග සඳහා ලබා දෙන ඖෂධ ලබා ගැනීමෙ හැකියාවක් ඇත. ඇතැම් ඖෂධ එසේ විකිණීම තහනම් වූවත් ඒ හෝර පාරේ විකිණීමත් හොර පාරෙන් ලබා ගන්නා ආකාරයත් අමුතු ක්‍රියාදාමයන්ද නොවේ.

රජය අලුත් අමාරුවක

එසේම මේ වන විට ගෙදර හෝ වෙනත් රහස්‍ය තැනක් පෙරා ගන්න මත්පැන් වෙත යමු වීම සිදුවෙමින් තිබේ. සෞඛ්‍යා රක්ෂිතව පෙරා ගැනීම මෙන්ම වෙනත් රසායන ද්‍රව්‍ය යොදා කරන පෙරා ගැනීමද සිදුවෙමින් තිබේ. ඇතැම් රසායනිකයන් මිනිස් ශරීරයට ක්ෂණික ප්‍රහාරයන් එල්ල කරමින් අඩපණ කිරීමේ ශක්තිය සහිතය. මේවා නිසා රෝගී බාවයට පත් වන්නන් ඉදිරියේදී වැඩි වීම සිදු විය හැක.

අලුත් අත්හදා බැලීම් වලට සමාජය යොමු වෙමින් තිබෙන බවටත් තොරතුරු ලැබී තිබේ. මත්ද්‍රව්‍ය ලෝලිත්වය නගරයට පමණක් සීමාවූවක් නොවේ. ඊට හැම ගමකමත් ලොල් පිරිස සිටිති. ඇඳිරි නීතිය අස්සෙ වුවත් ගමේ නම් ගමේ බඩු සොයා ගැනීමේ අපහසුවක් නැත. පෙරා ගැනීමේ අපහසුවක්ද නැත. ඒත් නගරයට වෙනත් විකල්පයන් සොයා යැමට සිදුවීම නිසා අවදානමක් එහි තිබේ.

නුදුරේම මේ නීති විරෝධි තත්වයන් වැලැක්වීම වෙනුවෙන් අමතර බරක් දැමීමට රජයට සිදුවෙනුද ඇත. සෞඛ්‍යමය පැත්තෙන වන අනතුරුද වැලැක්වීමටද රජයට අමතර බරක් දැරීමට සිදුවෙනු ඇත.

මත් වීම මිනිස් අයිතියකි

මත් ද්‍රව්‍ය පාවිච්චිය කියන්නේ හුදු ඇබ්බැහියක්ම නොවේ. එය මානසික සංකූලතා සමනය කර ගැනීමේ මාර්ගයක්ද වෙයි. මිනිසුන් මානසික පීඩාවෙන් ආතතියෙන් ගත කරන සමයක එයින් මිදීමට මත් ද්‍රව්‍යවලින් කරන මෙහෙයක් තිබේ. එය ප්‍රතික්ශ‍ේප කළ නොහැක් ඇත්තකි. මත්ද්‍රව්‍යයන්ට හුරු වූ තැනැත්තන් ඒ නොමැති තත්වයක් තුල පත්වන මානසික පීඩනයන් වෙනත් ආකාරයන්ගෙන් පිට දැමීමට යොමු වෙනු ඇත. එසේ නොවුන හොත් ඔවුන් මානසික රෝගීන් වීමද විය හැකිය. මිනිසුන් ජීවත් විය යුත්තේ විනෝදයෙනි. සමාජය හොයන්නෙ විනෝදයයි. ඒ අවහිර කිරීම අවසානයේ බලපාන්නේ පවතින පාලනයටය. පාලනයකට එරෙහිව ජනතා කැරැලි ගැසීම් සිදුවන්නේ ජනතාවගේ විනෝදය අහිමි වූ තැනය.

මත් වීම මිනිස් අයිතියකි. ඒ වෙනුවෙන් මත් ද්‍රවය ලබා ගැනීමෙ හැකියාව සහ එහි නිත්‍යානුකූල බාවය සමාජය විසින් තහවුරු කර තිබෙන්නෙකි. ඇතැම් මත් ද්‍රව්‍යයයක් තහනම් කරද තිබේ. ගංජා වැනි මත්ද්‍රවයක් මෙන්ම මහගු ඖෂධයක් ද වන ශාඛයක් තහනම් කිරීම සම්බන්ධයෙන් සාධාරණ හේතු නැත. දුම් කොල නිසා වන හානිය හා සලකා බැලීමේදි ගංජා වලින් හානියක් වනවා නම් ඒ නොගිනිය හැකි තරම් කුඩා එකකි. කේ ජී වැනි නිශ්පාදන ශරීරයට අහිතකර වූවත් දැන් මෙරට නියම ගංජා වෙනුවට වෙළඳපොළ ආක්‍රමණය කර තිබෙන්නෙ කේ ජීය. ගංජා මෙරට නීතිගතව තිබුණේ නම් මේ කේජී ආක්‍රමණය වැලැක්විය හැකිව තිබිණි. එපමණක් නොවේ. මත්ද්‍රව්‍ය ලෙස මෙරටට මැතක්දී පැමිණ තිබෙන බොහෝ විශකාරක ද්‍රව්‍යයයන් ප්‍රචලිත වීමද වැලැක්විය හැකිව තිබිණි.

මත් පැනටත් ඉඩක්

කොරොන වසංගතය නිසා ලොක්ඩවුන් කිරීමට ලක්වීමෙන් වූ මත්පැන් හිඟයට පිළියම් ලෙස ඇතැම් යුරෝපීය රාජ්‍යයන්වල උපදෙස වූයේ ගෙදර පෙරාගෙන තනියම බොන්න වැඩි අවදානයක් යොමුකරන ලෙසය. එම රටවල් බොහොමයක අත්‍යවශ්‍ය සේවාවන් හා සමගාමිව මත් පැන් වෙළඳාමටද ඉඩ ඉඩ විවෘත කර තිබේ. ඒවා තහනම් කර නැත.
මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නන් සඳහා වසංගත අවදානමට ලක්වීමේ ඇති ඉඩ කඩ වලක්වා ගන්නේ කෙසේද යන්න ගැන උපදෙස් නිකුත් කිරිම පමණක් සිදු කර තිබේ.

මීට පෙර යුරෝපයේ අසීරු කාලවකවානුවල දීද මත්පැන් යම් ප්‍රමාණයක් ගැහැනු පිරිමි බේදයකින් තොරව සලාක ක්‍රමයකට නිකුත් කිරීම සිදු කර තිබුණේ එය සමාජයේ යහපත් පැවැත්මට අත්‍යාවශ්‍ය බව ඒ රජයන් තේරුම් ගෙන තිබුණු නිසාය.

පහුගිය දිනවල ‌ෆුඩ් සිටි වල පෝලිමේ මීටරෙන් හිටියා වගේ වයින් ස්ටෝර්ස් වල පෝලිම් වලද මීටරෙන් සිටීමේ බැරි කමක් නැත. සමහර විට ෆුඩ් සිටි පෝලිම් වලට වඩා විනය ගරුක ද විය හැකිය.

පුරවැසියාගේ මත් පැන් භාවිතය සම්බන්ධයෙන් වත්මන් රජය මීට වඩා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය නොකරනේ නම් වෙනත් ව්‍යයසනයන්ට මුහුණ දීමට රජය බලාපොරොත්තු විය යුතුය.

‘රැගත් සුරා පිරූ විතින්

සුරත් තඹුරු පෙති සෙ නෙතින්

පුවත් නොදැන බමන ගතින්

නටත් අයෙක් සුරා මතින්’

- ගුත්තිල කාව්‍යය

මත් වෙන්නන්ට උපදෙස්

වර්තමාන තත්වය තුළ, නිවසේදී මත්පැන් පානය කිරීම හොඳම විදිහයි . නමුත් විවිධ ප්‍රතිවිපාක ද ඇති විය හැකිය:

ගෘහස්ථ අනතුරු වැඩි වීම (වැටීම්, තුවාල).
පවුල් අතර ප්‍රචණ්ඩත්වය.
සමාජ දුරස්ථ ක්‍රියාමාර්ග කෙරෙහි අඩු ගෞරවයක් දැක්විය හැකි සුපරීක්ෂාකාරීත්වය අඩු වීම.
පරිභෝජනය සීමා ඉක්මවා යෑම තුළ අහිතකර බලපෑම් ඇති කළ හැකිය.
දිනකට වීදුරු 2 කට (සැනඩි සමඟ කාලක් පමණ) වඩා පරිභෝජනය නොකරන්න.
පරිභෝජනයෙන් තොරව දින කිහිපයක් ගත කරන්න.

ගර්භනී කාන්තාවන්, යෞවනයන් හා නව යොවුන් වියේ දරුවන් සඳහා ආරක්ෂිතම විකල්පය වන්නේ මත්පැන් පානය නොකිරීමයි.

ඊට අමතරව, වෛරස් සම්ප්‍රේෂණය වීමේ අවදානම අවම කිරීම සඳහා:
ඔබේ වීදුරුව , බෝතල් හෝ කෑන් වෙනත් පුද්ගලයින් සමඟ බෙදා නොගන්න.
වෙනත් පුද්ගලයින් සමඟ සම්බන්ධතා අඩු කරන්න.
සෙට් විමට පෙර සහ පසුව, වෙනත් පුද්ගලයෙකු සමඟ සම්බන්ධ වීමෙන් පසුව, අත් සේදීම (ජලය + සබන් හෝ ජල-මධ්‍යසාර ජෙල්) දැඩි ලෙස යොදන්න.
ඉලෙක්ට්‍රොනික් සිගරට් / සිගරට් / පයිප්ප, බොන්ග්, එන්නත් කිරීම සඳහා මෙවලම් ආදිය බෙදා නොගන්න.
බෙදාගැනීම වළක්වා ගත නොහැකි නම්, උදාහරණයක් ලෙස, බෙදා ගැනීමට පෙර ඉලෙක්ට්‍රොනික් සිගරට් වල ඉඟි වෛරස් මැඩිය හැකි මධ්‍යසාර ජෙල් වැන්නකින් පිස දමන්න, නැතහොත් තනි භාවිත ඉඟි භාවිතා කරන්න.
සිගරට් කොට අත් පිස්නා ආදීය වෙනම එකතු කිරීමේ පෙට්ටියකට දමන්න.
අනෙක් අයගේ උපකරණ සහ ද්‍රව්‍ය හෝ ස්පර්ශ නොකිරීමට වග බලා ගන්න,

Leave a comment

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us