සහල් මා‍ෆියාවට මැඩලන්න රජයෙන් වී මිළදී ගැනීම ඉහළ දමයි

Friday, 08 January 2021 13:25

මෙවර මහ කන්නයේ වී නිශ්පාදනයෙන වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදා නම් වේ. මීට පෙර වසර වලදී සාමාන්‍යයෙන් වී මිලදී ගැනීම මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක්ට පමණ සීමා වී තිබිණි. වැඩිපුර වී මිලදී ගැනීම වෙනුවෙන් ගබඩා පහසුකම් සංවර්ධනය කිරීම පසුගිය වකවානුවේදී සිදු කිරීමටද කටයුතු කර තිබේ.

සහල් හිඟයක් නිර්මාණය කරමින් හාල්මිල ඉහළ දැමීමේ මහාපරිමාණ සහල් මෝල් හිමියන් විසින් සිදු කරන පාතාල වර්ගයේ ජාවාරම පාලනය කිරීම බරපතල අභියෝගයක්ව තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැත. මේ මෝල් හිමියන්ගේ මාෆියාව පාලනයට වහාම විසදුම් සෙවීමට රජය පියවර කිහිපයක්ම ක්‍රියාවේ යොදවනු ලැබීය. එහෙත් මාෆියාවේ බලය හමුවේ ඇතැම් ක්‍රියා මාර්ග පරාජය විය. මේ නිසා නව උපක්‍රම කරා යන්නට රජයට සිදුව තිබිණි. මෙවර මහ කන්නයේ වී නිශ්පාදනයෙන් වෙනදාට වඩා වැඩි ප්‍රමාණයක් මිළ දී ගනිමින් සහල් මාෆියාව විසින් සහල් සඟවමින් මිළ ඉහළ දැමීමට උත්සාහ ගන්නා විට රජයේ සහල් තොග මුදා හරිමින් මිළ පාලනය කිරීම රජයේ අභිප්‍රායය.

මෙවර මහ කන්නනේ වී මෙට්‍රික් ටොන් මිලියන 2.8 අපේක්ෂා කරයි. මේ අතරින් රජය වී මිලදී ගැනීමට ප්‍රමුඛව අපේක්ෂා කරන්නේ අම්පාර, මඩකලපුව, කිලිනොච්චිය ප්‍රදේශ ප්‍රධානව ගොවීන් 370,000 දෙනෙකුගෙන් වී මෙට්‍රික් ටොන් ලක්ෂ 03 මිළදී ගැනීමට නියමිතය. මෙහිදී රජයේ සහතික මිළ අනුව නාඩු වී කිලෝවක් රු 50/= කටත් සම්බා රු 52/= කටත් තෙත නාඩු රු 44/= කටත් සම්බා රු 46/= කටත් මිලදී ගනු ඇත. ඒ අනුව රුපියල් 97 ක සාධාරණ මිළකට පාරිභෝගිකයාට සහල් කිලෝවක් ලබා දිය හැකි බවට රජය අපේක්ෂා කරයි.

මේ අතර කවර තත්වයක් යටතේවත් සහල් ආනයනය කිසිසේත් නොකළයුතු බව ජනාධිපති ගොඨාභය රාජපක්ෂ දැඩි තීරණයක සිටී. ඒ මෙරට වී ගොවිතැනත් වී ගොවියාත් රැක ගැනීම වෙනුවෙන් ගත් සෘජු තීන්දුවකි. මේ වෙනුවෙන් ජනතාවට පරිභෝජනයට අවශ්‍ය සහල් නිෂ්පාදනය මෙන්ම ඊට අවශ්‍ය වැඩපිළිවෙලක් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය යුතු බව මීට පෙර අදාල බලධාරීන්ට දැනුම් දී තිබිණි.

මේ පිළිබඳ වූ සැලසුම් සහගත වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාවට නංවා තිබේ. රජය නොමිලේ පොහොර සහනාධාරය/ ගොවීන්ගේ වී මිලට ගැනීමට වී අලෙවි මණ්ඩලය පියවර ගැනීම/ ඵලදායී අස්වැන්නක් සදහා සාර්ථක බිත්තර වී ගොවීන් අතට පත්කිරීම යන සියලු දේ එකට බැදුනු සම්බන්ධීකරණය කෙරෙමින් මෙම ක්‍රියාවලිය දැන් සක්‍රීයව තිබේ.

.

Leave a comment

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us