රංජන් වෙනුවෙන් පෙනී සිටින්න යහපාලකයන්ට පුලුවන්ද? Featured

Wednesday, 13 January 2021 12:26

රංජන්ට මේ සන්තෑසිය සිදු වූයේ 'යහපාලනය' සත්‍යක් යැයි ඔහු විශ්වාස කළ නිසාය. ඒත් පසුව මෙගොල්ල යාළුවෝ මල්ලි යැයි කියන්න පුලුවන් තරමට දේවල් ඉගෙන ගැනීමට ඔහුට හැකි විය.

එහෙත් එතකොට ඔහු ගොඩක් ප්‍රමාදය. යහපාලන මිත්‍යාව විසින් ඔහුව අද සිරකරුවකු කර ඇත.

රංජන් පෙනී සිටි දෙය වෙනුවෙන් අදත් යහපාලකයන්ට පෙනී සිටින්නට නොහැක. ඔවුන් පොරොන්දු වූ පරිදි දූෂිතයන්ට දඬුවම් දුන්නේ නැත. වංචාවෙන් දූෂණයෙන් තොර පාලනයක් බිහි කිරීමට ඔවුන්ට හැකි වූයේ නැත. එහෙම වුවමණාවක් පෙන්වූයේත් නැත. රංජන් ඒ බව තේරුම් ගත්තේ පසුවය. දූෂිතයන් සමඟ වන ඩීල් ඔහු දැක්කේය. ඊට එරෙහිවත් ඔහුට කතාකරන්න සිදුවූ අතර අපරාධකරුවන්ට දූෂිතයන්ට දඬුවම් කිරීම ඔහුගේ පෞද්ගලික මෙහෙයුමක් කරගන්නටද උත්සහ ගත්තේය. එහෙත් එහෙම ව්‍යාපෘති වලට මේ පවතින ක්‍රමය යටතේ ඉඩක් නැති බව ඔහු වටහා ගත්තේ නැත. ඔහු හිතුවේ ඔහු රඟපාන චිත්‍රපටවල මෙන් දරුණු සටන් වලින් පසුව සත්‍යය ජය ගනු ඇති බවය. හැබෑ ලෝකය සහ චිත්‍රපට ලෝකයෙහි ඇති වෙනස අවසන් කාලයේදී ඔහුට අවබෝධ වූවාට සැකයකුත් නැත.

දඬුවම් ලෙස ලැබූ වසර හතරේ සිරගත ජීවිතය තුලීන් මේ සමාජයේ ඇත්තම තත්වය ඔහුට ඉතාමත් හොඳින් දැන ගැනීමටත් ලැබෙනු ඇත.

ඒ කොහොම වුණත් අද ඔහුගේ යහපාලන සගයනට ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට ඇත්තටම නම් බැරිය. මාධ්‍ය නිවේදන සමාජ මාධ්‍ය වදන් වලින් රංජන් සමඟ සිට ගන්නවා කීවාට මේ ගෙවුණු වසර තුලදීවත් ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට මේ තක්කඩි යහපාලකයන්ට පුලුවන් කමක් තිබුණේ නැත. රංජන්ගේ හඬ පට ලීක් වීම නිසා ඔහුගේ අශ්ශීල පෞද්ගලික ජීවිතය ගැන තොරතුරු සමාජ ගත වීම පදනම් කරගෙන ' අපෝ රංජන් ඕයා නම් ඊයා'' කියා රංජන් දෙස නොබලා සිටීමේ අවස්ථාවක් මේ යහපලකයන්ට ලැබී තිබීම ඔවුන්ගේ යම් වාසනාවක් විය. ඊට මුවා වී රංජන්ව නොතකා හැරීමට යහපාලකයන් කටයුතු කළද යහපාලනය බිහි කිරීම වෙනුවෙන් දායක වූ සමාජ මත නිර්මාණය කරන් වුන් අති බහුතරයක් රංජන් වෙනුවෙන් පෙනී සිටින බව ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සෙ පළ කරන අදහස් අනුව නම් පෙනී යයි. ඒ රංජන් යම් ඇත්තක් වෙනුවෙන් තනිවම හෝ ඒ අත් නොහැර දිගටම සටන් කිරීම සහ එය සම්ප්‍රදායික දේශපාලනයෙන් ඔබ්බට ගිය සටනක් වීම නිසාත්ය.

දඬුවම් නියම වී උසාවියෙන් එළියට එන විටත් රංජන් කීවේ තමන් කිව් දේ නිවැරදි බවය. ඒ වෙනුවෙන් තවදුරටත් පෙනී සිටින බවය. මේ ප්‍රකාශයම රංජන් තමන්ගේ ඇති ධෛර්වන්තභාවය, නොසැලෙන ගුණය සහ නායකත්ව පෞර්ෂයක් පෙන්වීමට සමත්ව තිබීම තුල ඇතැමුන් ඉන් කුල්මත්වද තිබේ. එහෙත් යහපාලන නායකයන් බිම බලාගත් වනමය. එම දේශපාලන මොහොතක් කරගැනීමේ සටකපට කමවත් පෙන්වීමට ඔවුන් සමත්ව නැත.

මෑත ඉතිහාසයේ පාර්ලිමේන්තු දේශපාලනය තුළ බිහිවූ දුර්වලම තකතීරුම විපක්ෂය වත්මන් විපක්ෂය බව කිසිදු විවාදකින් තොරවම පැවසිය හැකිය. මෝඩ රිලා ජෝක් හැර වෙන කිසිවක් පෙන්වීමට මේ කණ්ඩායම් සමත්ව නැත. පරණ හණමිටි අදහස් කරපින්නාගෙන පරණ පුරුදු විදිහටම පාර්ලිමේන්තු බත් ගෙඩිය ගිලිමින් මොන මොනවා හෝ කියව කියවා ඉන්නවා හැර මේ ගොබිලන් වෙන කරන්න දෙයක් දන්නෙ නැති බවත් පැහැදිලිය. ඊයෙ පෙරේදා දිනවල පාර්ලිමේන්තුවෙන් පිටතට වී කරපු කියපු විහිළු තහලු වැඩ සටහන් වලින්ද මේ අයගේ දේශපාලනික බුද්ධියෙ පරිමාවද පෙන්වා දී තිබේ.

කොහොම නමුත් මේ අයගෙන් තව දුරටත් බලාපොරොත්තු විය හැකි දේශපාලනයක් නැත. ආණ්ඩු පෙ‍රැලීමට තබා තමන්ගේ විපක්ෂ දේශපාලන භුමිකාවේ පෞර්ෂයවත් රැක ගැනීමට අසමත් මේ ගොබිලන් වත්මන් ආණ්ඩුවට තව අචිරාත් කාලයක් ආණ්ඩු බලය හෙබවීම වෙනුවෙන් සහය වනවාට සැකයක්ද නැත.

Leave a comment

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us