කොවිඩ් එන්නත ආර්ථික අපේක්ෂාවන් දල්වයි Featured

Tuesday, 26 January 2021 10:45

කොවිඩ් එන්නත ගැන සුබවාදි බලාපොරොත්තු ඇති කිරීමට මේ වන විටත් සමත්ව තිබේ.

ඊයේ(ජනවාරි 25) දිනයේදී කොළඹ කොටස් වෙලඳ පොළ හි සමස්ත මිළ දර්ශකය තවදුරටත් ඉහළ යාමට හේතුව කොවිඩ් එන්නත කෙරෙහි බලාපොරොත්තු සහගත බව නිසා බව තැ‍රැව්කාර සමාගම් පෙන්වා දෙයි. ඒ අනුව ගනුදෙනු පිට පිට තෙවැනි දිනයටත් කැපී පෙනෙන ගැනුම්බරතාවයක් පෙන්නුම් කරමින් සමස්ත කොටස් මිල දර්ශකයේ අගය 8,700කට ආසන්න වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී බැංකු ඇතුළු අනෙකුත් වටිනා සමාගම් කොටස් වටිනාකම්හි ඉහළයාමක් දැකගත හැකි වීම ඊට මූලිකවම හේතු වී තිබේ.

ඊයේ දිනයේදීත් බැංකු ඇතුලු මුල්‍ය සමාගම් බහුතරයක මිල ගණන් ඉහළ යෑම විසින් පෙන්නුම් කරන්නේ නුදුරේම ශ්‍රී ලංකාව තුල ආර්ථික ක්‍රියකාරක් වල ඉහළ යැමේ බලාපොරොත්තුවය. දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.8ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 28.37%ක ලාභයක් ලෙස සටහන්ව ද තිබේ.

එළඹෙන් 27 වන දින ඉන්දියාවෙන් නොමිලයේ කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත අතර ඊට පසුවෙනිදා සිටම ප්‍රමුඛතා කණ්ඩායම් එන්නත් කිරීමේ ක්‍රියාවලිය ආරම්බ කිරීමට සැලසුම් කරද තිබේ.

බ්‍රිතාන්‍යයේ Oxford AstraZeneca එන්නත ඇසුරෙන් ඉන්දියාව නිපදවා තිබෙන Covishield එන්නත ශ්‍රි ලංකාවට ලැබෙනු ඇත. මෙම එන්නත ගැන සැක සංකා මතු කිරීමට ඇතැම් විපක්ෂ කණ්ඩායම් උත්සහ කරනු පෙනුනද ඒවායෙහි පදනමක් නැත. මේ එන්නත මෙරටට ලැබෙනේ හුදු ඉන්දියානු අනුග්‍රහයක් යටතේ නොව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හා අධීක්ෂණය යටතේය. මෙරට ජාතික ඖෂධ නියාමන අධිකාරියද මෙම එන්නත මේ වන විට අනුමත කර තිබේ. මෙරටට ඖෂධ ගෙන්වීමේදි ඒ සියළුම ඖෂධ, නියාමන අධිකාරියේ අනුමැතියට යටත්ව ගෙන්වන අතර එහිදී මෙරටට නොගැලපෙන හෝ බාල ඖෂධ ගෙන්වීමට ඉඩක් නැත. මේ නිසා එහි පූර්ණ වගකීම නියමන අධිකාරිය සතුවෙයි. මෙරට එන්නත්කරණය සම්බන්ධයෙන් තිබෙන විශිෂ්ට වැඩ පිළිවෙල අනුව ඉතා කඩිනමින් එන්නත් කිරීමේ කටයුතු සිදුවෙනු ඇති බවට විශ්වාස කළ හැකිය. මීට පෙර වසූරිය සරම්ප පෝලියෝ ඇතුලු රෝග ගනනාවක් මෙරටින් මුලුමනින්ම තුරන් කිරීමට හැකි වූයේ මේ එන්නත් කිරීමේ ක්‍රියාවලියේ සාර්ථකත්වය නිසාය.

කොහොම නමුත් රටේ ආර්ථිකය යළි පුනර්ජීවනය ලැබීමට අවශ්‍ය පසුබිම යළි සැකසෙමින් තිබේ. විශේෂයෙන්ම විදේශ විනිමය ලබෙන ප්‍රමුඛ ක්ෂෙත්‍රයක් වන සංචාරක කර්මාන්තය වසංගත තත්වයට ගැලපෙන කොන්දෙසි යටතේ හෝ යළි ඇරඹීමට හැකි වීමම රටේ ජයග්‍රහණයකි. ඕණෑම දෙයක් මුල් වරට සිදු කිරීමේ දී යම් යම් අඩුපාඩු සිදුවීම බලාපොරොත්තු විය යුතුය. නමුත් දක්ෂකම කියන්නේ ඒවා ක්ෂණ්කයෙන් නිවැරදි කරගැනීමට හැකිවීමය. මෙරටට සංචාරකයන් යළි ගෙන්වා ගැනීමේදී යම් අඩුපඩු සිදුවු බවට කෑකෝ ගැසීමක් සිදු වූවද ඒවා දැන් නිවැරදි කරගෙන ඇත. මේ සමත්කම ගැන කිසිවකු අවධානයට යොමු නොකළද සියල්ල වඩාත් නිවැරදි ලෙස සිදු වෙමින් තිබේ. මේ ආකාරයෙන්ම විදේශීය ආයෝජකයන් පිරිසක් ද මේ වන විට මෙරටට පැමිණ නව ආයෝජන අවස්ථා ගැන සාකච්ඡා කෙරෙමින් තිබේ. ඒ අතර ඇමරිකාවේ තෙවන විශාලම ආර්ථික කලාපය ලෙස හැඳින්වෙන කැලිෆෝනියාවේ Silicon Valley හී තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ නවෝත්පාදක ව්‍යවසායකයකු වන ඉන්සාෆ් මොහිදීන් පසුගියදා මෙරටට පැමිණීමත් සිදුවිය. මෙරට දී ජන්මය ලබා තිබෙන මේ ඇමරිකානුවා මෙරටට සහය වීමේ අපේක්ෂාවෙන් පසුවෙයි. ඔහුගේ මැදිහත් වීම තවදුරටත් මෙරටට විදේශ ආයෝජකයන් ගෙනවා ගැනීමට රුකුල් දෙන්නකි.

මේ අතර වත්මන් පාලනය විසින් රටේ ආර්ථික ක්‍රියාකරකම් සක්‍රීය කිරීම වෙනුවෙන් විශාල ලෙස ණය ආධාර සැපයීම, ණය පොලී අනුපාත්යන් පහල දැමීම, බදු ලිහිල් කිරීම ආදී පියවරයන් රැසක් ද ගෙන තිබේ. ඒවායෙහි සාර්ථකත්වයන් දැන් ලැබෙමින් තිබේ. ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම, දේශිය කෘෂි හා කර්මික කර්මාන්ත ගොඩනැගීම වෙනුවෙන් විශේෂ බරක් යෙදීම සහ අපනයන අවස්ථා මතු කරගැනීමට දරණ උත්සායයන්ද සාර්ථක වෙමින් තිබේ. රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යෑම ගැන ඇතැමුන් මැසිවිලි නැගුවද අද ක්‍රියාත්මක කරන ආර්ථික වැඩ පිළිවෙල අනුව අපනයන කටයුතු වඩ වඩාත් සාර්ථත කරගැනීම තුල ඩොලරයේ අගය ඉහළ යෑමේ වාසිය අත්පත් කරගත හැක. ආනයනයන් විශාල වශයෙන් සීමාකර තිබීම මත වෙනදා ඩොලරයේ අගය ඉහළ යෑමෙදි රටේ ආර්ථිකයට සිදුවන පීඩනය අද අවමව තිබේ.

එමෙන්ම අතර ලංකාවට විශාල වශයෙන් ආදායම් ලැබෙන රේගුව වැනි ආයතන වල වංචා දූෂණ අවම කිරීම සඳහා ජනාධිපතිවරයා දැඩිව කටයුතු කිරීම වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකිය.

කොහොම නමුත් කොවිඩ් 19 තත්වය නිසා ලෝකයෙම ආර්ථික ක්‍රියකාරකම් වල සිදු වූ පසුබෑම හමුවේ ශ්‍රී ලංකාවටද අහිතකර බලපෑම් සිදුවූවද සාම්ප්‍රදායික නොවන නව ආර්ථික ප්‍රතිපත්ති හරහා එම තත්වයන් සමනය කරගැනීමට අවශ්‍ය පියවරයන් ගැනීමට කඩිනම් වීම නිසා රටේ ආර්ථිකය මුලුමනින්ම කඩා වැටීමට තිබූ අවස්ථා වලක්වා ගැනීමට මේ වනවිට සමත්ව තිබෙන බව කිසිවකුට ප්‍රතික්ෂේප කළ නොහැකි තත්වයකි.

මේ අනුව ඉදිරි මාස කිහිපය තුලදී කොවිඩ් එන්නත් කරණය හරහා වසංගතයෙන් විය හැකි බාධාකාරී තත්වයන් පහව යෑම තුල සීග්‍ර ආර්ථික දියුණුවක් රටට අත්පත් කරගැනීමට හැකිවීම නියත තත්වයක් බව කිව කියුතුය. එසේම මේ මොහොතේ රටේ සියලු පුරවැසියන්ගේ වගකිමවන්නේ වඩත් නිවැරදිව කළමනාකරණය කරගනිමින් රටේ ආර්ථිකය හැසිරවීමට රජය ගන්න උත්සාහයට සහය වීමය. රජයක් තීන්දු තීරණ ගන්නේ රටෙත් ජනතාවගේත් යහපත් මුල් තැනෙහි තබාය. ඒවායෙහි යම් අඩුපාඩු පෙන්වා දෙමින් ඊට සහය වීම ජනතවගේ වගකීමක් වන නමුත් ඒවා කඩාකප්පල් කිරීම වෙනුවෙන් වන දුෂ්ඨ ක්‍රියාමාර්ගවලට එරෙහි වීමත් ජනතාව වෙතින් සිදුවිය යුතු වගකීමකි. මේ නිසා ඇතැම් විපක්ෂ කොටස් ගෙනයන පදනම් විරහිත චෝදනා, විවේචන, අවලාද ගැන පරිස්සම් විය යුතුය. රාජ්‍ය බලය අත්පත් කරගැනීමේ දේශපාලනික මළ පෙරේතකම් හමුවේ විපක්ෂ කොටස් ඕණෑම දහදුරා කටයුතක නිරත වීම විය හැකිය. එහෙත් මේවාට ඉඩදීම නොවිය යුතුය.
රට දැන් යන්නේ වඩාත්ම නිවැරදි මාවත හොයාගෙනය. විශේෂයෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඒ වෙනුවෙන් එඩිතරව කටයුතු කරමින් තිබේ. විපක්ෂයේ මෙන්ම ආණ්ඩුවේද සමහර කොටස්කාරයන් ඊට බාධාකාරීව කරන කුප්පකම් නොතකා ඔහු සිය අභිප්‍රාය වෙනුවෙන් කැපවී සිටින බව පසුගිය වසර පුරාම පෙන්වා දී ඇත. මේ නිසා ඔහු කෙරෙහිවන විශ්වාසය බලාපොරොත්තුවක් තවදුරටත් තබා ගැනීම ගැන සැක උපදවන්න හේතුවක් ද නැත.

- the novemberist

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us