ඔබ ඉල්ලා සිටි නායකයා මමයි...! එහෙම කියන්න පුලුවන් කාටද? Featured

Thursday, 04 February 2021 15:20

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද නිදහස් දින කතාවේ කළ වැදගත්ම ප්‍රකාශය ''ඔබ ඉල්ලා සිටි නායකයා මමයි'' යන උදාන වාඛ්‍යයය. සමස්ත කතාව තුලම තිබුණ සෙසු සියල්ල මේ ප්‍රකාශය නැවත නැවත අවධාරණය කිරීමකි.

මේ රටේ නායකයෝ බොහෝ සිටියහ. පඳුරකට පයින් ගැහුවත් හතර අතේ විසිවෙන තරමට නානාප්‍රකාර නායකයන් කියා කියන බොහෝ පිරිස් අදත් සිටිති. ඒ අතරින් තමන් විසින්ම තමන් නායකයා ලෙස පත්වීම හදාගත්, නැතිනම් ඒ වෙනුවෙන් වෙන සුදුස්සන් සිටියදී කුමන්ත්‍රණකාරීව නායකත්වය පැහැර ගත්ත වුන්, එත් නැතිනම් තමන් කෙතරම් අසාර්ථක වුණත් කනායකත්ව බලහත්කාරයෙන් රඳවාගෙන සිටින පිරිස මෙන්ම අනෙකෙකු විසින් නායකත්වයට පත්කරන ලද නායකයන්ද සිටිති. එහෙත් කිසිවකුට හෝ තමන්ව නායකත්වයට පත්කළ අය ඉදිරියේ 'ඔබ ඉල්ලා සිටි නායකයා මමයි' කියා කියන්න තිබෙන හැකියාව සීමාසහිතය.

තමන්ව නායකත්වයට පත්කරගත් ජනතාව බලාපොරොත්තු වූ නායකත්වයේ ගුණය පෙන්විය නොහැකි කිසිවකුට ඔබ ඉල්ලා සිටි නායකයා මමය කියා කියන්න බැරිය. නායකත්ව වගකීම ඉ‍ටුකිරීමට නොහැකිව ඉන් අසමත් වූවන්ට තව දුරටත් රෙද්දක් ඇඳගෙන මමයි ඔබ ඉල්ලා සිටි නායකයා කියන්නට බැරිය. තමන් පත්කරගත් නායකයා අසමතකු, දුර්වලයකු නැතිනම් හොරෙක්, වංචාකාරයෙක්, රැවටිලි කාරයෙක් හෝ ඔහුව නායකත්වයට පත්කරගැනීමෙහි අපේක්ෂාවන් පාවා දෙන්නෙකු හෝ වී නම් එම වැරැද්දේ වගකීම ඔහුව නායකත්වයට පත්කළ වුන් වෙත පැවරේ. එසේම එවැනි නායකත්වයක් යළි ඉවත් කිරීමේ වගකීමද අයිතියද ඇත්තේ ඒ ජනතාවටමය. මේ නිසා නායකත්වය දැරුවා කියා ඒ හැමෝටම තමන්ව පත්කළ ජනතාව ඉදිරියෙහි මමයි ඔබ ඉල්ලා සිටි නායකයා ලෙස පෙනී සිටිය හැක්කේ තමන් තමන්ගේ නායකත්ව භූමිකාව හරියට ඉ‍ටුකළ බවට විශ්වාසයක් ඇති වුණ්ට පමණි. තමන්ට පැවැරූ වගකීම තමන් නියමාකාරයෙන් ඉ‍ටුකළ බවට වගවිය හැකි නම් පමණි. තමන්ගෙන් බලාපොරොත්තු වූ නායකත්ව කාර්යභාරය ඒ ආකාරයෙන් විශ්වාසනීයව, වගකීම් සහගතව තවදුරටත් සිදුවෙනු ඇති බව සෘජුව පැහැදිලිව පෙන්වා දියහැකි නම් පමණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ' ඔබ ඉල්ලාසිටි නායකයා මමයි ! කියා ගරු ගාම්භීරව ඒ ජනතාව ඉදිරියේ අද පවසන්නට පුලුවන්කම ලැබෙන්නේ ඔහු ඒ වගකීම නියමාකාරයෙන් ඉ‍ටුකළ බවට ඔහු තුල වන විශ්වාසය නිසාය. එසේම තම ධුර කාලය තුල තමන් ජනතාවට ලබාදුන් අපේක්ෂාවන් සියල්ල ඉ‍ටුකර දෙන බවට අධිෂ්ඨානය කැපවීම ඔහු තුළ නැතිනම් ඔබ ඉල්ලා සිටි නායකයා මම වෙමිය යැයි කියන්න නොහැකිය.

ගෝඨාභය රාජපක්ෂ මේ රටේ සිටි සෙසු රාජ්‍ය නායකයන්ගෙන් වෙනස් වන්නේ ඔහු සතු මේ සුවිශේෂී නායකත්වයේ ජීව ගුණය නිසාය. ලංකා ඉතිහාසයේ අසීරුතම පාලන යුගය යැයි කිව හැකි තරම් අති විශාල අර්බුධයන් රැසක් විසැඳීමේ වගකීම කරටගෙන රටේ නායකත්වය බාරගත් ගෝඨාභය රාජපක්ෂ අතිදුෂ්කර තත්වයන් හමුවේ වුව සෘජුව රටට වඩා වාසිදායක තීන්දු තීරණ අරගනිමින් මේ ගෙවුණු වසරකුත් මාස දෙකක තරම් කාලය තුල කළ කී දෙයින්ම ඔහු භාරගත් වගකීම් ඉ‍ටු නොකර මිස මේ අත්නොහරින බවට වන විශ්වාසය ජනතාව තුල තහවුරු කර තිබේ.

අද ඔහුට ' ඔබ ඉල්ලා සිටි නයකයා මමය' කියා අවධාරණය කරන්න සිදු වුයේ තමන් ගෝඨාභය රාජපක්ෂ බවත් භාරගත්තු වැඩේ අවසන් නොකර නොයන බව කාට කාටත් දැන්වීමට බවද පැහැදිලිය. එසේම කිසිවකුට තමන් හා පිස්සු කෙලීමට නොහැකි බවත් රාජ්‍ය යාන්ත්‍රණයේ සහ දේශපාලන අධිකාරියේ සෑම දෙනාටම පැවැරුණු වගකීම නියමාකාරයෙන් ඉ‍ටුවියයුතු බවටත් දැඩි ස්වරයේ දැනුම් දීමක් අද සිදු කළ ප්‍රකාශය තුළ තිබිණි.

ජනාධිපතිවරයා අද සිදු කළ ප්‍රකාශයේ තැනින් තැන අල්ලාගෙන විපක්ෂ කොටස් කවර අවලාද නැගුවත් ඒ අයට යෝජනා කරන්නේ නොතේරෙන යමක් ඇත්නම් ඒ කතාව දෙතුන්සැරයක් නොව හැට හැතෑ සැරයක් හෝ කියවා ජනධිපතිවරයා මේ කියන්නේ කුමක්ද යන්න හොඳින් තේරුම් ගන්නා ලෙසය. ඒත් තමන්ගේ මන්ද බුද්ධිකභාවය අනුව තවදුරටත් එය තේරුම්ගත නොහැකිනම් ඉදිරි වසර කිහිපය දෙස ඉවසා බලාසිටින ලෙසද යෝජනා කරමු.

- the novemberist

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us