රිෂාඩ්ව නිදොස්කොට නිදහස් නොකරන්න ආණ්ඩුව වගබලාගත යුතුයි! Featured

Saturday, 24 April 2021 10:35

ත්‍රස්තවාදීන්ට අනුබලදීම සහ සමීප සම්බන්ධතා පැවැත්වූවාය යනුවෙන් පොලිසිය විසින් කරන චෝදනා අනුව ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.

මේ වන විට් ඔවුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරමින් සිටින බවත් පොලිසිය ප්‍රකාශ කරයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මුස්ලිම් දේශපාලන පක්ෂ කණ්ඩායම් වෙත එල්ල කෙරුණු චෝදනා අතර වඩාත් ප්‍රබලව ඊට වගකිව යුත්තා රිෂාඩ් බදියූදීන් බවට මතයක් විශේෂයෙන්ම යහපාලන සමයේදී විපක්ෂය නියෝජනය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් පක්ෂ නායකයන් සහ එම පාක්ෂිකයන් වෙතින් එල්ල වී තිබිණි. යහපාලනය පෙරළා දැමීමෙන් පසුව පළමු කාර්යය ලෙස මේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ චූදිතයන්ව අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම මෙම කණ්ඩායම් විසින් දැඩි බලාපොරොත්තු තබාගෙන සිටියහ. විශේෂයෙන්ම රිෂාඩ් බදියුදීන් එල්ල්ලුම් ගහට නියම වෙතැයි ඔවුන් අවංකව බලාපොරොත්තු විය.

කෙසේ නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී වසර දෙකක් ගත වන තුරුම පාස්කු ප්‍රහාරයට වගකියන මට්ටමේ සෘජු චෝදනාවක් රිෂාඩ්ට එරෙහිව එල්ල කරගැනීමට වත්මන් රජය සමත් වූයේ නැත. ඒ වෙනුවෙන් වූ ජනාධිපති කොමිසම පවා ඔහුට එරෙහිව එල්ල කළේ වෙනත් චෝදනාවකි. කොහොම නමුත් මේ මොහොත වෙන විට පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා යැයි කියන යම් තොරතුරක් මත රිෂාඩ්ව අත්අඩංගුවට ගෙන තිබේ. මේ අනුව රිෂාඩ් මෙම ප්‍රහාරයට සම්බන්ධ බවට එල්ල කරන චෝදනාව අධිකරණය හමුවේ සැකයකින් තොරව ඔප්පු කිරීමට පොලීසිය සහ එම නඩුව පවරන නීතිපතිවරයා විසින් සමත් විය යුතුය. එතෙක් රිෂාඩ් යනු සැකකරුවෙකුම පමණි.

රිෂාඩ් අත්අඩංගුවට ගැනීම ගැන මේ වන විට ආණ්ඩුවට පක්ෂපාති කොටස් උද්දාමයට පත්ව සිටී. ඒ තමගේ අපේක්ෂාවන් ඉ‍ටුවූවා යැයි ඔවුන් කලපනා කරන නිසාය. එසේම පසුගිය වසර එකහාමරක් මුළුල්ලේ තමන් බලාපොරොත්තු වූ මට්ටමට වත්මන් පාලනය ක්‍රියාත්මක නොවීම නිසා බරපතල අපහසුතාවයන්ට මෙම කණ්ඩායම් පත්ව තිබීම මත මෙම අත්අඩංගුවට ගැනීමේ සිදුවීම ඔවුන්ට නව පණක් ලැබුණාසේ වී ඇති බව මේ මොහොත වන විටත් එම පිරිස් සමාජ මාධ්‍ය ඔස්සෙ පළ කරන සටහන් වලින් මනාව පැහැදිලි වේ.

ලංකාවේ පොදු ජනතාවගේ දේශපාලනය එතරම්ම සරළ බොළඳ තැනක පැවැතීම ගැන අමුතුවෙන් කතා කරන්නට දෙයක් නොමැති වූවත් යම් ලෙසකින් රිෂාඩ් අධිකරණය හමුවේ චෝදනාවලින් නිදොස් කොට නිදහස් වුවහොත් මේ පිරිසට සිදුවන දේ නැවත පොළාපනින්නේ ආණ්ඩුව කෙරෙහි බරපතල කළකිරීමක් ඇතිකරන දිශාවටය.

ආණ්ඩුව සහ ආණ්ඩුවේ ප්‍රචාරක මෙහෙයුම් යාන්ත්‍රණයන් විසින් මේ තත්වයන් පිළිබඳ තක්සේරුවක් නොමැතිව කටයුතු කළහොත් අද ආණ්ඩුව රිෂාඩ් අත්අඩංගුවට ගැනීමෙන් යම් දේශපාලන වාසියක් අත්පත් කරගැනීමට කල්පනා කරනවා නම් එය බරපතල වැරැදීමක්ද විය හැකිය. පසුගිය කාලයෙහි එවැනි වරද්දා ගැනීම් ගනනාවක් සිදුව තිබිණි.

ඒ කොහොම වුවත් පාස්කු ඉරිදා ප්‍රහාරයට සෘජුවම වගකිව යුත්තන් සම්බන්ධයෙන් නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීම ගැන ආණ්ඩු පාක්ෂිකයන් පමණක් නොව සමස්ත පුරවැසියාම අපේක්ෂාකරන්නකි. ඒ වෙනුවෙන් වත්මන් පාලනය පූර්ණ නිදහස, අනුග්‍රහය ලබාදීම විය යුතුය. දේශපාලන පාක්ෂිකභාවයන්, දේශපාලන බලපෑම්, දේශපාලන ගනුදෙනු නිසා යුක්තිය පසිඳලීම යම් ලෙසකින් හො යටපත්වීමක් සිදුවන බවට ජනතාවට හෙළිවුවහොත් එය ආණ්ඩුවේ පැවැත්මට හානිදායක වන බව නොකිවයුතු මනාය. ආණ්ඩුවට මෙය හරියට අතුරේ යනවාක් මෙන් අනතුරුදායක විය හැකිය. මන්ද මේ රටේ දේශපාලනය ක්‍රියාත්මක වූ ආකාරය තනිකරම ප්‍රෝඩාජනක, තක්කඩි, රැවටිලිකාර, මුග්ධ බව නොදන්නා කිසිවකුත් මේ රටේ නොමැති බැවින් නැවත එම අත්දැකීමම ලැබීම ජනතාවගෙන් මඟහැරීමට ආණ්ඩුවලට කළ නොහැකි දෙයක් බැවිනි.

- සුජය

Leave a comment

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us