සිනමාවේ වීරයාවත් පජාත කළ රංජන් Featured

Wednesday, 05 May 2021 11:40

සද්ද විද්ද රාජපක්ෂ පළග පතිර අඹකුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පොන්සු නම් තරුණයා පසු කලක රන්ජන් රාමනායක විය. ඒ ප්‍රධාන චරිතයක් මගින් ශ්‍රී ලාංකීය සිනමාවට මං විවරකර දුන් චිත්‍රපටි නිෂ්පාදකවරයෙකුට ගරු කිරීමක් වශයෙන් ඔහු සිය නාමයට රාමනායක කොටස එක්කර ගැනීයෙනි. ඒ අනුව ඔහුගේ ජනප්‍රිය නාමය රන්ජන් රාමනායක විය.

සිය සිනමා දිවිය 'ජය කොතැනද' චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවමින් ආරම්භ කළ රන්ජන් රාමනායක එම චිත්‍රපටයේ රඟ දක්වන්නේද වංචාකාර චරිතයකි. තවත් චිත්‍රපට කිහිපයකට රංගනයෙන් දායක වූ රාමනායක අධ්‍යක්ෂණයට හා තිර රචනයටද දායක විය. ඔහු රගපෑ වන් ෂොට් වන් ,ලීඩර් චිත්‍රපට තුළින් ඔහු දිනාගත් තරුණ තරුණියන්ගේ ආකර්ෂණය, උන්මාදය තුළින්ම ඔහු දියවන්නා සිහිනය තුළ තදින්ම කිමිදෙන්නට විය. එහි පළමු පියවර තබන රන්ජන් 2008 වසරේදී , සබරගමුව පළාත් සභාවේ මහ ඇමති ධූරයට තරඟ වැද එම ඡන්දයෙන් සභාවේ ප්‍රධාන විපක්ෂ අමාත්‍යවරයා බවට පත්විය.

එතැනින් නොනැවතුන රාමනායක 2010 වසරේදී එක්සත් ජාතික පක්ෂය හරහා රත්නපුර මැතිවරණ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වරම් හිමිකරගත්තේය..

එතැන් පටන් ඔහු ජනප්‍රිය වුයේ රියල් පාර්ලිමන්ට් ජෝක්ස් හරහාය. ඕනෑම මැතිවරණයකදී ප්‍රසිද්ධ වේදිකාවන්ට ගොඩවෙන රන්ජන් රාමනායක අම්මලාට නංගිලාට අමතමින් කියන්නේ පට්ට පල් බොරු බෙගල්ය..ඔහුට බොරු බේගල් වපුරන්නට ලයිසන් අනවශ්‍යය. සාක්ෂි අනවශ්‍යය. ඔහු ඔහුගේ හිතේ හැටියට බේගල් ඇද බා සිංදුවක් දෙකක් කියමින් වේදිකාවෙන් බැස යන්නේය. කකුළුවා නටන්නේ වතුර රත් වනතෙක් කියන්නා වාගේ රන්ජන් රාමනායකට නටන්නට සිදු වුයේ වතුර රත්වන තෙක් පමණි.

මැතිවරණ වේදිකාවලද පාර්ලිමේන්තුවේදී ද තිත්ත ඇත්ත හෙළි කරනවා කියා බෙරිහන් දුන් රන්ජන් හිරේ ගියත් කමක් නැතැයි කීවේ රඟ පෑ චිත්‍රපටවල මෙන් සුපිරි වීරයකුවන්නට සිතා විය යුතුය. නමුත් ඔහුට ඔහුවවත් බේරාගැනීමට හැකිවූයේ නැත. වෙන කවුරුත් ඔහුව බේරගන්න ආවෙත් නැත. වීරයා දැන් ඉන්නේ හිරගෙදරය. මේ ලෝක ඉතිහාසයේ හිරගෙදරින් එළිය ඇවිත් මහා ජනතා වීරයෝ වූවන් සිටී. ඔවුන් කිවේ හිරගෙදර ඔවුන්ට සරසවියක් වූ බවය. තමන්ට පැනවුණු දඬුවම් කාලය විඳවා ඔවුන් එළියට ආවේ පරිණත මිනිස්සු විදිහටය.

එහෙත් දැන් අපේ වීරයා රංජන් කියන්නේ හිරගෙදර බත් කන්නට බැරි බවය. සිමෙන්ති පොළොවේ නිදාගන්න බැරි බවය. වතුර බාල්දියෙන් නාන්න බැරි බවය. හැමදාම ජම්පරය ඇඳගෙන ඉන්න බැරි බවය.. කොහොම හරි තවත් නම් ඉන්න බැරියෝ කියන එක ඔහුගේ දුක සැප බලන්නට එන යන හැමෝටම අහන්න තියෙන එකම අඳෝනාව වී ඇත. ඔහු හැමෝගෙන්ම ඉල්ලන්නේ ජනාධිපතිට කියා සමාව ඉල්ලා දී තමන්ව එළියට ගන්නා ලෙසය. දැන් රන්ජන්ට ඉතිරිව ඇත්තේ තෝරා ගැනීම් දෙකකින් එකකි. ඒ වසර හතරක සිරගත ජීවිතය ගෙවා අවසන්කර වීරයා සේ එළියට එන්නටත් හැකිය. නැතිනම් ජනාධිපතිවරයාගේ ආත්ම අනුකම්පාව දීනා, නිවට නියාළු, දීනයකු සේ එළියට පැමිණිය හැකිය.. ඉතිං අද නාහෙන් අඬමින් ඉන්න වීරයා ජනපතිගේ සමාව ලැබෙන තෙක් හිරගෙදර යකඩ කම්බි කූරුවල මේ මොහොතේත් එල්ලී සිටී. අපට අනුව නම් දැනටමත් වීරයා මියගොස් හමාරය ...ඒ අනුව සිනමා වීරයන් දේශපාලන වීරයන් වෙන්නට යෑමෙන් සිදුව ඇත්තේ රටට සැබෑ වීරයන් අහිමිව යෑමත් ප්‍රේක්ෂක ෆැන්ටසි බිදීයාමත් පමණකි.

-පංචාලි

Leave a comment

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us