කොළඹ වරාය ආසන්නයේ ඉඩම් අක්කර 13ක් චීනයට විකුණයි. ඒක ඇත්තද? Featured

Thursday, 29 July 2021 12:36

කොළඹ වරාය ආසන්නයේ ඉඩම් අක්කර දහතුනක් දීර්ඝ කාලීන බදු පදනම මත චීන සමාගමක් සහ වරාය අධිකාරිය සමඟ වන ඒකාබද්ධ ව්‍යාපෘතියක් සඳහා ලබාදීමට රජය මේ වනවිට සූදානම් වෙයි. ඒ සඳහා අනුමැතිය ඉල්ලමින් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් කොළඹ ඉඩම් චීනයට විකුණනවාය කියමින් පදනම් විරහිත ප්‍රචාරයක් මේ වනවිට විපක්ෂ කණ්ඩායම් විසින් ගෙනයමින් තිබේ.

විදේශිය සමාගම් වල ආයෝජනය සහිතව රාජය හා ඒකාබද්ධව සිදු කරන ජ්‍යාපෘති වෙනුවෙන් ඉඩම් වෙන්කිරීම විදේශ රාජ්‍යයකට එම ඉඩම් විකිණීම සිදු කිරීමක් බවට කාලයක් තිස්සෙ පක්ෂ විපක්ෂ පිරිස් විසින් ගොඩනගන මිත්‍යාව අද මේ රට සංවර්ධනය කිරීම සඳහා වන නරක බලපෑමක් බවට පත්ව තිබේ.

මෙරට සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් විදේශීය සමාගම් වල ආයෝජන බලාපොරොත්තු වන්නේ එම ව්‍යාපෘති වෙනුවෙන් විශාල පිරිවැයක් දැරීම, නවීන තාක්ෂණික දැනුම සහ පහසුකම් රජයට ලබාදීම අපහසු වන තැනදීය. ලෝකයේ ඕනෑම දියුණු රාජ්‍යයක වුව සංවර්ධන උපාය මාර්ග සැකසීමේදී මෙවැනි උපක්‍රම පාවිච්චි කරනු ලබයි. අද කොළඹ වරාය ලෝකයේ දියුණු කාර්යක්ෂම වරායක් බවට පත්කරගැනීමට හැකිව තිබෙන්නේද මෙවැනි විදේශ ආයෝජන නිසාය. විදේශීය ආයෝජන රටකට අවාසි සහගත වන්නේ එහි උපරීම ප්‍රතිලාබය රට තුළට ගැනීමට නොහැකි නම්ය. එම ප්‍රතිලාබයන් ලබාගැනිමට රාජ්‍ය පාලකයන් සමත් වීම විය යුතුය. එහෙත් මෙම යෝජිත ව්‍යාපෘතිය රට අවාසිදායක දෙයක් නොවන බව ඒ සම්බන්ධ තොරතුරු සොයා බැලීමේදී පැහැදිලි කරුණකි.

මෙහිදී සිදුන්නේ සාමාන්‍යයෙන් වසරක් තුළදී බහාළුම් හුවමාරු මිලියන 3 කට වැඩි ප්‍රමාණයක මෙහෙයුම් කරන කොළඹ වරායේ කොළඹ ජාත්‍යන්තර බහාළුම් පර්යන්තයේ (CICT) සහ අනෙක් පර්යන්තවල මෙහෙයුම් කටයුතු තවත් ඉහළ දැමීමට අවශ්‍ය වන වරාය සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ගොඩනැගීමය.

බහාළුම් වැඩි ප්‍රමාණයක් ගබඩා කිරීමට අවශ්‍ය ගුදම් පහසුකම් (Warehouse) සැපයීම, ආනයනික භාණ්ඩ සදහා අගය එකතු කර ප්‍රතිනැව්ගතකරණ පහසුකම්, විවිධ රටවලට අයත් ප්‍රතිනැව්ගතකරණ භාණ්ඩ ගබඩා කිරීම, අධිශීතාගාර පහසුකම් සහිත ගුදම් පහසුකම් ඇති කිරීම වැනි නව පහසුකම් හරහා වරාය මෙහෙයුම් දියුණු කිරීම මේ අනුව සිදුවේ.

මෙම මධ්‍යස්ථානය ගොඩනැගීමේ ව්‍යාපෘති යෝජනාව අනුව 70%ක් විදේශ ආයෝජන සහ 30%ක් දේශීය ආයෝජන වන සේ අවුරුදු 35ක BOT (Build, Operate & Transfer) ආයෝජන ගිවිසුමක් අනුව සිදුකිරීමට නිමිතය.

රාජ්‍ය ආයෝජනය මත මෙම ව්‍යාපෘති ආදායමෙන් 15% ක්, වාර්ශික බිම්කුලී, බහාළුම් ගබඩාකරණයේ රාජ්‍ය භාගය ඇතුළු තවත් ආදායම් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමිවෙනු ඇත. මෙම ගිවිසුම් අනුව වසර 35කින් පසුව මෙම මධ්‍යස්ථානයේ පූර්ණ අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුවෙනු ඇත.

කොළ වරාය සංවර්ධනය සදහා මෙම යෝජිත ව්‍යාපෘතිය කාලයක් තිස්සේ දැඩි අවශ්‍යතාවයක්ව පැවැතියකි. ඉදිරි කාලයේදී නැගෙනහිර සහ බටහිර පර්යනතයන් සංවර්ධනය වන විට එම අවශ්‍යතාවය තව දුරටත් දැඩි වෙනු ඇත. මේ නිසා රටේ අනාගත දියුණුව ගැන කල්පනා කර මෙම ව්‍යාපෘතිය දියත් කිරීමට රජය ගත් තීන්දුව කිසිසේත්ම වැරදි නොවේ. මෙමගින් කොළඹ ඉඩම් චීනයට හෝ චීන සමාගමකට හෝ පැවැරීමක් සිදුවන්නේ නැත. විපක්ෂ කණ්ඩායම් රජයට එරෙහිව බොරු චෝදනා ගෙතීමට ඇත්ත කරුණු කාරනා සඟවා සිදුකරන මේ බොරු ප්‍රචාරයන් ගැන මේ රටේ ජනතාව ඇත්ත වශයෙන්ම හෙළා දැකිය යුතුය.

මෙහිදී ශ්‍රී ලංකාවට වන අවාසියක් නැත. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් කෙරෙන විදේශ ආයෝජන වෙනුවෙන් ඔවුන්ට හිමි ලාභංශයක් තිබේ. එය ලබා දිය යුතුය. එසේ නොමැතිව එම ආයෝජන රටට ලැබෙන්නෙ නැත. එය ගනනයකර ඒ වෙනුවෙන් අපට දිය හැකි උපරීම සාධාරණ අවස්ථා ඔවුනට ලබාදිය යුතුය. මේ මොහොතේ එම වයාපෘතියේ සියළු ආදායම් රටට නොලැබීම රටට පාඩුවක් නොවේ. එහෙත් වසර 35 කින් ඒ සියල්ල රටට හිමිය. අද කොළඹ වරායේ, කොළඹ ජාත්‍යන්තර බහාළුම් පර්යන්තය (CICT) චීන සමාගමක් සමඟ 2013 වසරේ සිට ඒකාබද්ධව වරාය අධිකාරිය මෙහෙයුම් කටයුතු සිදු කරන්නේ ද වසර 35 ක ගිවිසුමක් අනුවය. 2013 දී බහාළුම් හැට දහසක්වත් හුවමාරු නොවූ මෙම පර්යන්තය විදේශ ආයෝජන නිසා අද බහාළුම් මිලියන 3ක් හසුරුන තැනට වර්ධනය වී ඇත. එසේ වූවත් ඒ අනුව වසරින් වසර රටට ලැබෙන ආදායමක් වැඩිවෙමින් ඇත. එමෙන්ම තව වසර 27 කදී පමණ එහි පූර්ණ අයිතිය සමඟ සියළු ආදායම් රටට හිමිවේ.

රට සංවර්ධන කිරීමේදී මෙවැනි උපක්‍රම පාවිච්චි කිරීම වැරදි නැති බවට තවත් මෙවැනි උදාහරණ පෙන්වා දිය හැකිය. මෙය විපක්ෂ කණ්ඩායම් නොදන්නවා නොවේ. එහෙත් දේශපාලන තක්කඩිකම් වෙනුවෙන් රටත් ජනතාවත් බිල්ලට තැබීමට ඔවුන්ගේ ඇති සූදානම මෙම බොරු පච ප්‍රචාර මඟින් තහවුරු වන ඇත්තය.

- the novemberist

Leave a comment

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us