පසුගිය කාලයේදී සිය විවාහක බිරියගෙන් වෙන්වී දරුදෙදෙනාද අතැරගොස් සිටි මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා යළි සිය නිවසට ගොස් ඇතැයි වාර්තා වේ.
ඔහු සිය ෆෙස්බුක් පිටුවේ ප‍්‍රධාන ඡායාරූපයද වෙනස් කරමින් ඒ සඳහි සිය විවාහක බිරිය හා ඔහුගේ ඡායාරූපයේ යොදා තිබේ.
එසේම එම ෆෙස්බුක් පිටුවේ කවරයේ ඡායාරූපයට එක්කර ඇත්තේ සිය බිරිය හා දරු දෙදෙනා සමඟ නාන තටකයක ගන්නා ලද ඡායාරූපයකි.
ඔහු අදාල ඡායාරූපයට මගේ ජීවිතය (My Life) ලෙස ද චචන කිහිපයක්ද එක් කර ඇත.
නලින් සිය ෆෙස්බුක් පිටුවේ ප‍්‍රධාන ඡායාරූපයට ඔහුගේ බිරිය සමඟ ගත් ඡායාරූපයක් යෙදූ පළමු අවස්ථාවද මෙය වේ.
(lankanewsroom)

 
		  	 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														