බලාපොරොත්තුවේ රන් අරුණලු ... Featured

Thursday, 28 October 2021 12:53

ජාත්‍යන්තර ගුවන් සමාගම් පහක් ශ්‍රී ලංකාව සමඟ අලුතින් ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි. මේ වසර අවසන් වීමට පෙර මෙම නව ගුවන් ගමන් ආරම්භ කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම සඳහා ජාත්‍යන්තර මට්ටමෙන් සිදු කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස නව ගුවන් සමාගම්, ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ආරම්භ කිරීමට පෙළෙඹී තිබේ. ස්විස්ටර්ලන්තයේ ඒඩ්ල්වයිස් ගුවන් සේවය සතියකට ගුවන් ගමන් වාරයක් හා රුසියාවේ එයාරෝ ෆ්ලොට් ගුවන් සේවය සතියකට ගුවන් ගමන්වාර දෙක බැගින් ආරම්භ කිරීමට නියමිතය. එමෙන්ම ප්‍රංශයේ එයාර් ෆාන්ස් ගුවන් සමාගම සතියකට ගුවන් ගමන්වාර තුන බැගින් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර තිබේ.

ලබන දෙසැම්බර් මාසයේ පළමු සතියේ සිට රුසියාවේ එයාර් අසුර් ගුවන් සේවය ගුවන් ගමන් වාර දෙක බැගිනුත් ඉතාලියේ නියෝස් එයාර් ගුවන් සේවය සතියකට ගුවන් ගමන් වාර දෙක බැගිනුත් ආරම්භ කිරීමට නියමිත බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

වසංගත අර්බුදයත් සමග කඩා වැටුණු ආර්ථිකය යළි නගා සිටුවීම සදහා වත්මන් ආණ්ඩුව සුවිශාල පරිශ්‍රමයක් දරමින් සිටි. ඒ අනුව රටේ විවිධ ක්ෂේත්‍රයන් වෙත දැඩි අවධානයක් යොමු කරමින් එකී ක්ෂේත්‍රයන් පුළුල් පරාසයක් කරා ගෙන යාමට ආණ්ඩුව කටයුතු කරමින් ඇත. ඒ අනුව රටේ ආර්ථිකයට සුවිශාල මෙහෙවරක් ඉටු කරන සංචාරක ව්‍යාපාරය නැවතත් නගා සිටුවීම සඳහා වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් තිබේ.

රටේ ආර්ථිකයේ මුදුන් මුල වන් සංචාරක ව්‍යාපාරයට මරු පහරක් එල්ල වුයේ පසුගිය යහපාලන සමයේ සිදු වූ පාස්කු ප්‍රහාරයෙන් පසුවය. වත්මන් ආණ්ඩුව බලයට පත් වූ පසු එය නගා සිටුවීම ඇරඹු අතර මෙරට සංචාරය කිරීමට සිමා පනවා තිබු රටවල් ක්‍රමයෙන් එම සිමාවන් ලිහිල් කිරීම දක්වා සුබදායි වර්ධනයක් ළගා කර ගැනීමට වත්මන් ආණ්ඩුවට හැකි විය. එහෙත් අවාසනාවකට මෙරට කොවිඩ් වෛරසයේ ගොදුරක් වීමට සිදු වූ නිසා යථා තත්වයට පත්වෙමින් තිබු සංචාරක ක්ෂේත්‍රයට දෙවන වරටත් මරු පහරක් එල්ල විය..මේ සියල්ලෙහි අවසාන ප්‍රතිපලය වුයේ රටේ ඩොලර් හිඟ තත්වයක් උදාවිම ඇතුළු තවත් අර්බුද ගණනාවකට රටක් වශයෙන් අපට මුහුණ දීමට සිදු වීමය.

කෙසේ වෙතත් රට නැවත යථා තත්වයට පත් කරගත යුතු බව සිහි බුද්ධියෙන් තේරුම් ගත් වත්මන් ආණ්ඩුව ඒ සදහා විවිධ වැඩපිළිවෙලවල් කඩිනමින් දියත් කරමින් සිටි. එහි එක් ප්‍රධාන අරමුණක් වී ඇත්තේ සංචාරක ක්ෂේත්‍රය නැවතත් නගා සිටුවීමය. ඒ අනුව සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම සඳහා ජාත්‍යන්තර මට්ටමෙන් සිදු කළ සාකච්ඡාවන් රැසකට සහභාගී වීමේ ප්‍රතිපලයක් ලෙස නව සමාගම් ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ආරම්භ කිරීමට සුදානම් වී ඇත.

ශ්‍රි ලංකාව ලොකයේ හොඳම සංචාරක ගමනාන්තයක් ලෙස වසර කිහිපයක් තිස්සෙ ලොකයේ සංචාරක කර්මාන්ත ප්‍රවර්ධන ආයතන වල උත්කර්ෂයට නැංවී තිබේ. එසේම මේ වන විට මේ රටේ පවතින සාමකාමී හා ආරක්ෂිත වටපිටාවද ඊට මහත් රුකුලක්ව තිබේ. කොවිඩ් තර්ජනය සමනය කර ගැනීමට සමත්වීමද රටට හිතකර ලෙස බලපා තිබේ.

කොහොම නමුත් නව ගුවන් සමාගම් කිහිපයක්ම ලංකාවට නව ගුවන් ගමන් වාර කිහිපයක් ලබා දිම නිසා සංචරක කර්මාන්තයේ ඉදිරි පිම්මක් පැණිමේ අවස්ථාව නිතැතින්ම හිමිවේ. ඒ සමඟම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පවතින් කීර්ති නාමය තව තවත් වර්ධනය කිරීම හරහා සමස්තයක් ලෙස එය සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධියට හේතුවෙයි. මෙමඟින් ලැබෙන විදේශ විනිමය මෙරට ජාතික ආර්ථිකය තව දුරටත් ශක්තිමත් වීම සිදු වෙනු ඇති අතර සංචාරක කර්මාන්ත ක්ෂෙත්‍රයේ නව ආදායම් අවස්ථාද ගොඩනැගීම සිදුවේ.

එය මේ මොහොතේ අප රට ලැබූ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය. වත්මන් ආණ්ඩුවේ නොපසුබට උත්සාහයන් නිසා මෙරට සමස්ථ ආර්ථිකය මෙන්ම ජන ජීවිතය නැවතත් නොබෝ කාලයකින් යථා තත්වයට පත්වනු ඇතැයි මෙරට පුරවැසියාගේ බලාපොරොත්තුවයි.

-පංචාලි

Leave a comment

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us