වැඩියෙන් වියදම් කරන එකාට දිනන්න බැරිවෙන්න ඡන්ද නීති වෙනස් කෙරෙයි ! Featured

Tuesday, 07 December 2021 13:10

මෙරට ක්‍රියාත්මක සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ වන අසාධාරණ, නීත්වාරෝධී මැතිවරණ මෙහෙයුම් සම්බන්ධයෙන් වන බරපතල චෝදනාවක් වී තිබුණේ අධික පිරිවැයක් දරමින් ඇතැම් මැතිවරණ අපේක්ෂකයින්, පක්ෂ කණ්ඩායම් විසින් කරන එම මැතිවරණ ව්‍යාපාර නිසා සෙසු අපේක්ෂකයන්ට සිදුවන අසාධාරණයය.

මෙම තත්වය මත අධික පිරිවැයක් දැරිය හැකි ජාවාරම්කරුවන්, දුෂිතයන්, අපරාධකරුවන් වැනි නුසුදුස්සන් පාර්ලිමේන්තු පැමිණීමේ අවස්ථා පසුගිය කාලයෙහි දකින්නට ලැබිණි. එසේම ඇතැම් දේශපාලකයන් වෙනුවෙන් ව්‍යාපාරිකයන්, ජාවාරම්කරුවන් විසින් විශාල වශයෙන් මුල්‍ය ආධාර ලබාදීම මඟින් ඊට පෙරළා වැඩි ප්‍රතිලාබ බලාපොරොත්තු වීම නිසා දේශපාලකයාද දූෂිතයකු බවට පත් වීම සුලබ දෙයක්ව තිබේ.

මෙම තත්වයන් මත දශක ගනනාවක සිට අපේක්ෂකයන්, පක්ෂ හෝ කණ්ඩායම් මැතිවරණ සඳහා වැය කරන මුදල් ප්‍රමාණය හා ඔවුන්ගේ දේපොළ වත්කම් ප්‍රමාණය සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමක් මෙන්ම ඒ සම්බන්ධ නියාමනයක් අවශ්‍ය බවට සමාජ සංවිධාන, විද්වතුන් නිරන්තරයෙන් පෙන්වා දී තිබිණි. එහෙත් ඒ සඳහා නිසි පියවරයන් ගැනීම මේ දක්වා සිදුව නොමැත.

කෙසේ නමුත් වත්මන් ජනාධිපතිවරයා මේ වෙනුවෙන් නව නීති සම්පාදනය කිරීම සඳහා වන යෝජනාවක් පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර තිබූ අතර මෙම සතියේ එම යෝජනාව අනුමත කිරීම සිදුව තිබිණි.

මෙරට රාජ්‍ය පාලන ක්‍රමවේදය පදනම් වන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නැති නම් මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය මත සැකසුනු මූලධර්මයන් මතය. ඒ අනුව මේ මැතිවරණ ක්‍රියාවලිය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී සාධාරණ සහ සාමකාමී වීම අතිශය වැදගත්ය. ඊට ඇති බාධාවන් ඉවත් කර වඩාත්ම සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන් සකස් කිරීම විය යුතුව තිබෙන්නකි. ඒ අනුව ජනාධිපතිවරයා මෙම යෝජනාව ඉදිරිපත් කරමින් සිදු කර ඇත්තේ මේ රටේ ප්‍රාජාතන්ත්‍රවාදය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහ වන විශිෂ්ට පියවරයක් බව අවිවාදිතය.

මැතිවරණ වියදම් පාලනය කිරීම මේ වන විට ලෝකයේ බොහෝ රටවල දැඩිව ක්‍රියාත්මක වන්නකි. එහෙත් මෙය ශ්‍රී ලංකාවටත් අලුත් දෙයක් නොවේ. මන්ද මෙම මැතිවරණ වියදම් පාලනය සම්බන්ධ දැඩි නීති රීති මෙරට කලකට පෙර තිබිණි. ඒ 1977 ට පෙර යුගයේය. නමුත් 1977 පත්වූ නව පාලනය විසින් හඳුන්වා දුන් මැතිවරණ ක්‍රියාවලිය තුළ මේ අත්‍යවශ්‍ය නීති අහෝසි විය. සමස්ත මැතිවරණ ක්‍රියාවලියම දුෂ්‍ය වීමට ඉඩ හැර තිබුණු අතර ඒවායේ ප්‍රතිපල ලෙස අද පාර්ලිමේන්තුව යනු ජාවාරම්කාරයන්ගේ, දූෂිතයන්ගේ, අපරාධකරුවන්ගේ රස්තියාදුකාරයන්ගේ ක්ෂේම භූමියක් බවට පත්ව ඇත. පාර්ලිමේන්තුවේ උත්තරීතර බව මුළුමනින්ම කෙලසා දමා ඇත. අද නිරන්තරයෙන් අසන්න දකින්න ලැබෙනෙන් ගහමරා ගැනීම හෝ කුණුහරුපය. වැදගත් වාදයක් විවාදයක් දකින්නට ලැබෙන්නෙම නැති තරම්ය. ඇතැම් මන්ත්‍රීවරයෙක් හරවත් සාරගර්භ යමක් කතා කළත් ඊට වටිනාකම් හිමි වන්නේ නැත. නැතිනම් ඒ තුළ සිටින බහුතරයක් මන්ත්‍රීවරුන්ට ඒවා තේරුම්ගැනීමට තරම් බුද්ධියක් හෝ වුවමණාවක් නැත. මේවා මාධ්‍ය මඟින් ප්‍රචාරය වන්නේත් නැත. මාධ්‍යද හුරුවී සිටින්නේ මේ තුළ වන කටහැකර මෝඩ කතා, කුණුහරුප, කෂඩ සිදුවීම් වාර්තා කිරීමටය. මේ නිසා පාර්ලිමේන්තුවෙහි වැදගත්කම ගැන අංශු මාත්‍රයක හැඟීමක මෙරට පුරවැසියාටද නැත. ඔවුන් නියෝජිතයන් තෝරන්නේ තමන්ට ඇති පෞද්ගලික වාසියකට හෝ අධිකව මුදල් වැය කරමින් ප්‍රචාරක කටයුතු කරන අපේක්ෂකයාගේ උපක්‍රම වලට රැවටීමට ලක්වීමෙනි. මේ නිසා උගත් බුද්ධිමත් ඇත්තම ජනතා හිතවාදී නියෝජිතයන්ට අවස්ථාව අහිමිවී තිබේ. පුරවැසියා පාර්ලිමේන්තුව හරක් පට්ටියක් හොර ගුහාවක් ලෙස හඳුන්වන තැනට පත්ව ඇත්තේ මේ නිසාය. මේ තත්වය පාර්ලිමේන්තුවට පමණක් නොව පාළත් සභාව තුළ පළාත්පාලන ආයතන තුළද දකින්නට ලැබේ.

ඉතිහාසයේ වාර්තා අනුව 1977 පෙර යුගයේදී මෙම මැතිවරණ වියදම් නියාමනයක් පැවැතීම නිසා එම නීති කඩ කළ අපේකෂයන්ට මන්ත්‍රීධුරය අහෝසි වූ අවස්ථාවන් කිහිපයක්ද තිබිණි. ඒ අනුව 1946 ලංකා මැතිවරණ ආඥා පනත යටතේ 1952 මැතිවරණයට තරග කර ජයගත් වැලිමඩ මන්ත්‍රීවරයාගේ මන්ත්‍රීධුරය අහෝසි කරණු ලැබුවේ නියමිත කලය තුළ සිය මැතිවරණ වියදම් වාර්තාව ඉදිරිපත් නොකිරීම මතය. තවත් වරෙක මහනුවර දිස්ත්‍රිකයෙන් තරග කර ජයගත් මන්ත්‍රීවරයකු තම ප්‍රතිපත්ති ප්‍රකාශය දෙමළ බසට පරිවර්තනය කිරීම සඳහා වැය වූ රුපියල් 25 ක මුදල ගැන සිය වියදම් වාර්තාවේ අඩංගු නොකිරීම නිසා ඔහුට මන්ත්‍රී ධුරය අහිමිව තිබේ. එතරම් දැඩිව මෙම නීතිය එකල ක්‍රියාත්මකව තිබේ.

කොහෝම නමුත් අද සිදුවන අහිතකර තත්වයන් පාලනය කිරීම සඳහා මුල් වරට උත්සාහයක් ගනු ලැබුවේ පසුගිය යහපාලන යුගයේදීය. ඒ අනුව ඡන්ද විමසීම්වලදී ඇති වන නීති විරෝධී ක්‍රියා අවම කිරීම සඳහා විධිවිධාන සැලසීම පිණිස පවතින අණපනත් සංශෝධනය කිරීමට අදාළව 2017 ඔක්තෝබර් මස 17 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබා දී ඇති අනුමැතිය හිමිව තිබිණි. එසේම පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීම් ව්‍යූහය හා නීතිරීතිවලට අදාළ ප්‍රතිසංස්කරණ හඳුනාගෙන සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණ තිබිණි.

එම කරුණු ද සැලකිල්ලට ගනිමින් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යෝජිත සංශෝධනයන් කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය ‍විසින් ඊයේ අනුමත කර තිබේ.

ජනාධිපතිවරයා ගත් පියවර අනුව අදාල නීතිරීති මෙරට මැතිවරණ ක්‍රියාවලිය තුළට ඇතුලත් කිරීම මෙරට මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය ලබන විශාල ජයග්‍රහණයක් බව යළි යළිත් අවධාරණය කළ යුතුය.

- the novemberist

Leave a comment

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us