ජවිපෙ දකින සිහින ... Featured

Friday, 07 January 2022 12:20

ආණ්ඩුවට එරෙහිව ගොඩනැඟෙන ජනතා අප්‍රසාදය සහන මලු බෙදීමෙන් යටපත් කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත මහතා පවසයි.

සියලු අංශවලින් එල්ල වන දැඩි පීඩනය හමුවේ ජනතාව ආණ්ඩුවට එරෙහිව නැඟී සිටින්නට පටන් ගෙන තිබෙන බවත් මෙය සහන මලු බෙදා යටපත් කරන්නට මුදල් ඇමැතිවරයාට නොහැකි බවත් ඒ මහතා කීය.

නාවලපිටියේදී පසුගිය දා පැවති රැස්වීමකදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩි දුරටත් කතා කළ ලාල්කාන්ත මහතා මෙසේ ද කීවේය. “අය වැයෙන් ජනතාවට සහන මුකුත් ලැබුණේ නැහැ. රාජ්‍ය සේවකයෝ රුපියල් දස දහසක වැටුප් වැඩි වීමක් ඉල්ලුවා. ගොවියෝ සහන ඉල්ලුවා. ඒවා මුකුත් නොදුන්න ආණ්ඩුව එක පාරටම සහන මල්ලක් දුන්නේ ඇයි. අය වැය ඉදිරිපත් කළ අවස්ථාවට වඩා අද ආණ්ඩුවට එරෙහිව ජනමතයක් ගොඩනැඟිලා. සල්ලි බෙදලා මේක පාලනය කරන්න බැහැ.

ව්‍යාපාරිකයන් කියන්නේ භාණ්ඩ හිඟයි මිල වැඩියි කියලා. භාණ්ඩ මිල වැඩි වීම් මීට කලින් ශ්‍රී ලංකාවේ වෙලා තියෙනවා. නමුත් මෙහෙම වැඩි වීමක් කවදාවත් වෙලා නැහැ. දැන් මේ අයට කරන්න පුළුවන් සල්ලි බෙදන එක විතරයි. මොකද බියගම තියෙනවා සල්ලි අච්චු ගහන කර්මාන්ත ශාලාවක්. සල්ලි බෙදුවට නිෂ්පාදනය දවසින් දවස කඩා වැටෙනවා. අන්තිමට වෙන්නේ පාන් ගෙඩියක් ගන්න විල් බැරෝවක සල්ලි අරන් යන්න වෙන එකයි'' යනුවෙන් සදහන් කර ඇත.

වත්මන් ආණ්ඩුව පත් වී මේ වන විට වසර දෙකක ගෙවී ගොස් අවසානය...ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනතාවට දුන් පොරොන්දු පත්‍රයේ පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ කිරීමට නොහැකි වූ බව අප පිළිගනිමු..එයට සාධාරණ හේතු තිබු බව මෙරට ජනතාවට අමුතුවෙන් මතක් කළ යුතු නැත..ජනාධිපතිවරයා මේ රට භාරගන්නා විට මේ රට සුපැහැදිලි දියුණුවේ මාවතකට වැටී තිබුණු රටක් ලෙස නොතිබුණු බව රහසක් නොවේ..

එහෙත් පැවතී ආණ්ඩුවේ වැරදි කියමින් නිකරුනේ කාලය වැය කිරීමට ජනාධිපතිවරයට අවශ්‍ය නොවීය..ඒ වන විටත් රටේ ආර්ථිකයට දරුණු පහරක් වැදී තිබුණේ පාස්කු ප්‍රහාරය මතය...කෙසේ හෝ පඹ ගාලක පැටලී තිබුණු රට යථාතත්වයට ගැනීමට උත්සහා දරමින් සිටියදී නොබෝ දිනකින්ම මෙරටටද කණකොකා හැඬලීය..ඒ ලෝකයම වෙලාගත් කොරෝනා වෛරසය මෙරටටද ඇතුළු වීමත් සමඟය...එතැන් පටන් මේ වන තෙක්ම ජනාධිපතිවරයා සියල්ලට ප්‍රථම මෙරට වැසියාගේ ජිවිත සුරක්ෂා කරලීම උදෙසා එම අභියෝගය දෑතට ගත්තේ විපක්ෂයේවත් අනෙක් පාර්ශ්වයන්ගේ වත් කිසිදු සහයක් නොමැතිව බව අප මතක් කරන්නෙමු.. දිගින් දිගටම වූයේ ඊට බාධාකරන කඩාකප්පල්කාරී ක්‍රියාවන්ය.

එදා මෙරට ජනතාවටද තිබුණ එකම බලාපොරොත්තුව බඩට නොකා හෝ ජිවිත බේරා ගැනීම පමණි. කෙසේහෝ වසංගතය සමඟ දරුණු සටනකින් අනතුරුව අප රටක් ලෙස සතුටු විය හැකි මට්ටමකට අද පැමිණ ඇත්තේ වත්මන් ජනාධිපතිවරයා නිසායැයි කීම අතිශෝක්තියක් නොවනු ඇත. වසංගතයට සාර්ථකව මුහුණ දුන් රටවල් අතර ශ්‍රීලංකාවට පළමු පෙළේ තැනක් හිමි වන්නේ ඒ අනුවය. මේ අභියෝගය හමුවේ ජනතාවට දුන් පොරොන්දු ඒ ආකාරයෙන්ම ජනපතිවරයාට ඉටු කිරීමට නොහැකිවීම සාධාරණය. එහෙත් මේ දක්වා සැලකියයුතු මට්ටමකට ජනතා පොරොන්දු ඉටු කළ නායකයෙක් බව කිව යුතුය...තවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රසිද්ධියේ කියා සිටින්නේ ඉදිරි වසර තුන ඇතුළත ජනතාවට දුන් සියලු පොරොන්දු ඉටු කරන බවය..

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත නන් දොඩවන්නේ නින්දෙන් අවදි වී දැයි අප නොදනිමු. රාජ්‍ය සේවකයන්ට මේ මොහොතේ දිය හැකි උපරිම වරප්‍රසාද වත්මන් ආණ්ඩුව දී ඇති බව නින්දෙන් අවදි වූ ලාල් කාන්තට මතක් කරමු..පසුගිය දිනක රාජ්‍ය සේවකයින්ට රුපියල් 5000ක දීමනා හිමි වුයේ ඒ අනුවය...එපමණක් නොව උපාධිධාරීන් පනස්දහසකට වැඩි පිරිසකට පසුගියදා ස්ථිර සේවය යටතේ රාජ්‍ය සේවයට බදවා ගත් බවවත් ලාල් කාන්ත නොදන්නේදැයි නොදනිමු..අධ්‍යාපන සුදුදුකම් මද වූ විරැකියාවෙන් පෙළෙන අඩු ආදායම් ලාභි පවුල් වල ලක්ෂයක් දෙනාට රජයේ රැකියා සැපයීය.

ලෝක වෙළඳපොළේ බඩු මිල ඉහළ යාමත් සමඟ සෑම රටකටම එය බලපාන බව නොදාන්නා ලාල්කාන්තලා ගැන අපි අනුකම්පා කරමු... මෙරට ඩොලර් හිඟය නිසා ඇතිව තිබෙන තත්වයන් මේ ආණ්ඩුවේ වරදක් නොව කොවිඩ් තත්වයන් නිසා පැන නැඟුනකි. ඊට පිළියම් යොදමින් රට වැසියා බඩගින්නේ නොතැබීමට රජය සියළු පියවරයන් ගෙන තිබේ.

මෙරට වත්මන් පාලනය ගැන ජනතාව තුළ අප්‍රසාදයක් ගොඩනගමින් තම අභිප්‍රායන් වෙත යාමට සිහින දකින ජනතා විමුක්ති පෙරමුණට අපට අවසාන වශයෙන් කීමට ඇත්තේ වත්මන් ආණ්ඩුව ගැන ජනතා විමුක්ති පෙරමුණ මවන තරම් අප්‍රසාදයක් ජනතාවට නොමැති බවය...ආණ්ඩුව කලින් ගෙදර යවන්න පාරට බැහැපන් කීවාට රට වැසියෝ ඒය තුට්ටුවකටවත් ගනන් නොගන්නේ ඒ නිසාය. දැන් පන්සල් ගානේ යමින් කොතරම් සුදු වතින් සැරසී ජනතාවට බණ දේශනා කරත් මෙරට ජනතාවට ජනතා විමුක්ති පෙරමුණ තරම් පිළිකුල් ,අපුල පක්ෂයක් තවත් නොමැත..සියයට 3 දක්වා තමන් පල්ලම් බැස ඇත්තේ ඉතිහාසය පුරාම බොරුවෙන් තක්කඩිකමෙන් ත්‍රස්තවාදයෙන් දේශපාලනය කරන්න යෑම නිසා බව ජවිපෙට තවම නොතේරීම අවාසනාවන්ත තත්වයකි.

-පංචාලි

Leave a comment

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us