ජවිපෙ ගැරඬි හැව ඉවත්කර නයා වීම Featured

Thursday, 03 February 2022 12:37

තරුණ තරුණියන් හැට දහසකට අධික ප්‍රමාණයක ජීවිත බිල්ලට දෙමින් ඔවුන්ගේ ලේ මතින් පැමිණ දරදුරා දේශපාලනයක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දරන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු ජවිපෙ යළි මේ රටේ ලේ දකින්න ආසා නැති බව වරෙක පැවසීම අප පළමුව අගය කර සිටිමු.

ඔහු විසින් ජවිපෙ ම්ලේච්ඡ තිරිසන් ත්‍රස්තවාදය යළි ගොඩ නැගීමට තමන් අදහස් නොකරන බව වචනයකින් හෝ පැවසීම සතුටට කරුණකි.

නමුත් ලේ මතින් මිනිකඳු මතින් ගොඩ නැගුනු ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායක අනුර කුමාර දිසානායක ඉස්ලාම් අන්තවාදීන් ආරක්ෂා කරමින් ඔවුන්ට ගොඩනැගෙන්න අවස්ථාව ලබා දුන් සහ ලබා දෙන ආකාරය පිළිබඳව මෙරට ප්‍රධාන පෙලේ හිමි නමක් සාක්ෂි සහිතව අවස්ථා ගණනාවකදී පෙන්වා දී ඇති බවත් අප මතකයේ ඇත.. අනුර කුමාර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ අතීත ම්ලේච්ඡත්වය ගැන මේ රටේ සියලු දෙනා හොඳින් දන්නා සේම අනුරගේ සිහිනය කුමක්ද යන්නත් මෙරට ජනතාවට රහසක් නොවේ. ජවිපෙ පක්ෂයම සුදු රෙදි පොරවන් සුචරිත පක්ෂයක් ලෙස මෙරට ජනතාවට පෙන්වීමට උත්සහා කළද ඔහුන් නොදැනුවත්වම ඔහුන්ගේ මිලේච්ඡ භාවය විටින් විට එළියට පැමිණෙමින් ඇත. එයට හොදම උදාහරණය පසුගියදා වූ සිදුවීමෙන් යළි තහවුරු විය.

පසුගියදා පැවති ගම්පහ කලගෙඩිහේන ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමක් අතර තුර සිදු වූ කලහකාරී සිදු වීම මේ වන විටත් සමාජයේ අන්දෝලත්මක සිදු වීමක් වී ඇත..මෙරට සිවිල් පුරවැසියන් ජවිපෙ දේශපාලනයට එල්ල කළ විරෝධය මැඩ පැවැත්වීම සඳහා ජවිපෙ මැර කල්ලි විසින් එම පුද්ගලයන්ට අමානුෂික ලෙස පහර දෙන විට අපට නැවතත් 88/89 භීෂණ යුගය මතකයට නැගේ..ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි යන කියමන පසක් කරමින් අහු වෙන තැන කිසිදු වග විභාගයකින් තොරව ,හේතු රහිතව පහර දෙමින් මැර බලය පෙන්වීමට ජවිපෙ තවමත් පසුබට නොවන්නේ පුරුද්දටය..රට වැසියන් ලෙස අප කල්පනා කල යුතුව ඇත්තේ ජවිපෙ මැරයන් කිසිදු බලයක් නොමැතිකොට ප්‍රසිද්ධියේ මෙලෙස හැසිරෙනවා නම්, මෙවන් පුද්ගලයන්ට දේශපාලන බලයක් තිබුණි නම් මොවුන්ගේ හැසිරීම 88/89 භීෂණ යුගය සේ වන බවය. තමන්ගේ මතයට එරෙහි වන්නන් ඝාතනය කිරීම ජවිපෙ විසින් සිදුකළේ ඉවක් බවක් නොමැතිවය.

මෙම අමානුෂික ප්‍රහාරය කිසි විටෙකත් සාධාරණිය නොවනු ඇත. මන්ද මෙරට නීති පද්ධතිය තුළින්ම ප්‍රධානවම හෙළිකර ඇත්තේ නිදහසේ ජිවත් වීමේ අයිතියය..නිදහසේ ජිවත් වීමේ අයිතිය ගැන කතා කරන විට එයට භාෂණයේ ප්‍රකාශනයේ නිදහසද එකතු වේ. එය හරි හෝ වේවා වැරැදි හෝ වේවා ඊට ප්‍රතිචාර දැක්වීමේ ශිෂ්ඨ සම්පන්න භාවිතාවන් තිබේ. රටේ පිළිගත් නීති තිබේ. එසේනම් කිසියම් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින් හෝ තවත් පුද්ගලයෙකුට පහර දීමම මෙරට නීතියට පටහැනි ක්‍රියාවක් ලෙස සැලකේ..එම නිසා මෙම අමානුෂික ක්‍රියාවට ලක් වූ වින්දිතයා හට හෙට දිනයේ සිදු වන සාධාරණය කුමක්දැයි අප මෙරට පුරවැසියන් ලෙස බලා සිටිමු.

-පංචාලි

Leave a comment

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us