විපක්ෂය මොනවා කිව්වත් පොහොට්ටුව තවමත් පෙරමුණේ....

Sunday, 06 February 2022 23:10

එළඹෙන ජනාධිපතිවරණයෙහි විපක්ෂයේ අපේක්ෂක ධුරය වෙනුවෙන් මේ වන විට ලක ලැහැස්ති වෙන පුද්ගලයන් දහ පහළොස් දෙනෙක්වත් සිටිති. සමහරු දැනටමත් දිනලාය. ආණ්ඩු පිහි‍ටුවල ඇමැති මණ්ඩලද නම් කර අවසන්ය.

ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂයක් කියන්නෙ ජනතාවගෙන් සියයට 80 ක් 90ක් විතර මේ වන විට ඒ පැත්තට හැරී ඇති බවකි. අනෙක් විපක්ෂ පක්ෂත් එහෙමට ගනන් හදාගෙන ඇතිවාට සැකයකුත් නැත. මොකද ඒ හැමෝම මේ වන විට හිතන් ඉන්නේ ජනතාව ඔවුන්ව දිනවාවි කියාය. සමාජජාලාවලට මේ දිනවල ආණ්ඩු පාක්ෂිකයන්ට යන්න බැරිය. විපක්ෂය එහි රජ කරමින් තිබේ.

කොහොම නමුත් සමාජ ජාලා වල හැදෙන දේශපාලන ‍රැලි කියන්නෙ ඒ සමාජ ජාලාවලින් එළියට ගලා යන දේවල් නොවේ. සමාජ ජාලවලින් ආණ්ඩු පෙරළුවාය පිහිටෙව්වාය කියන පිරිස් මේ සමාජ ජාලාවල කොතෙකුත් සිටිති. ඒ වැඩ කළාය කියමින් වැජඹෙන මීඩියා ඔස්තාර්ලාද සිටිති. එහෙත් ඒ ඇත්ත නොවේ. මේරටේ දේශපාලන තීන්දු තීරණ ගැනෙන්නේ මේ සමාජ ජාලාවල දේශපාලන පිස්සන් නොවේ. මහ පොළවේ ඇත්ත ජීවිත ගත කරන, ඇත්ත ප්‍රශ්න වලට මුහුණ දෙන, ඇත්ත බලාපොරොත්තු සහිත මිනිසුන් විසිනි. ඡන්ද පොළට ගොස් තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන්නේ මේ මිනිසුන් විසිනි. සමාජ ජාල දේශපාලන සංදර්ශන කියන්නේ හරියට අර මැතිවරණ වේදිකා වල අන්තිමට දකින්න ලැබෙන සංගීත සංදර්ශන වැනි යමකි.. ඊට වඩා දෙයක් එහි නැත. සංගීතේ හොඳට තියෙනවා නම් පක්ෂය කුමක් වුණත් සංගීත කැමැත්තෝ, නැ‍ටුමට කැමැත්තෝ, ආතල් කැමැත්තෝ ඒ විඳීමට එකතු වෙති.

සමාජ ජාලා වල අද දේශපාලන තත්වයත් එසේය. ආතල් විතරය. ඇත්ත දේශපාලනය මීට වඩා ගොඩත් වෙනස් බව කියන්න උදාහරණ රැසක් මේ දිනවල් දකින්නට තිබේ. ඒ පොදුජන පෙරමුණ මේ දිනවල ප්‍රාදේශිය මට්ටමින් සිදු කරමින් යන ‍රැස්වීම් මාලාවය. විපක්ෂය කියන විදිහටත් සමහර විට පොදුවේ හැමෝම වගේ කතා වෙන විදිහටත් වත්මන් ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව හෝ ජනතාවට වහ කදුරු වී ඇති නම් මේ පොහොට්‍ටු රැස්වීම් වල සිටිය යුත්තේ මැස්සන් බල්ලන් බළලුන් පමණය. එහෙත් අතුරු සිදුරු නැති වෙන්න මේවායේ සෙනගය. තව දුරටත් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව කෙරෙහි වන විශ්වාසය සහ බලාපොරොත්තුව මේ මිනිස්සු අත් හැර නැත. කවර තරමේ පීඩාවන්ට මුහුණ දෙමින් සිටියත් ජනතාව සිටින්නේ වත්මන් පාලනය සමඟ බව මෙම රැස්වීම වලට සහභාගී වන සෙනඟ කන්දරාවම සාක්ෂිය. ජනතාව ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගෙන තිබෙනවාට මීට වඩා සාක්ෂි අවශ්‍ය නැත.

විපක්ෂය තමන්ගේ ජාතික තලයේ රැස්වීම් වෙනුවෙන් තමන්ට දැරිය හැකි උපරීම සෙනඟ ගෙන්වා ගන්නා හොටල් සහ කුඩා ශාලා පරිශ්‍රයන් සමඟ සසදද්දී මේ පොහොට්ටුවේ ප්‍රාදේශීය රැස්වීම වල වෙනස වටහා ගත හැක. මේ අනුව එළඹෙන පෙබරවාරී 9 වෙනිදා අනුරාධපුරයේ පැවැත්වෙන පොදු ජන පෙරමුණේ ජන රැලිය විසින් ඇත්තටම තවමත් ‍රැල්ල ඇත්තේ කොයිබටද කියන එක නිසැකවම තහවුරු කරනු ඇත.

විපක්ෂය කියන ලෙස ඉතිහාසයේ අතිශය දරුණුතම ආර්ථික අර්බුදයක්, ආහාර ඖෂධ හිඟයන්, ඉන්ධන හිඟයන් ආදී එකි මෙකී නොකී අර්බුද තොගයක් එක්ක පීඩාවන්ගෙන් මිරිකි මිරිකි ඉන්න ජනතාව ඒ සියල්ල පසෙකලා පොහොට්‍ටුව කෙරේ තවමත් විශ්වාසය තබා සිටින්නේ ඇයිද යන්න ගැන විපක්ෂය පොඩ්ඩක් තේරුම් ගන්නවා නම් ඇත්ත අර්බුදය තියෙන්නේ කොහෙද කියා සොයාගත හැක. අද ඇත්තේ රටේ අර්බුදයක් නොව විපක්ෂයෙ අර්බුදයකි. විපක්ෂයට කොන්ද පණ ඇති, දැක්මක් ඇති නායකයෙක් නැත. හරි හමන් සංවිධානයක් නැත. ප්‍රතිපත්ති වැඩ පිළිවෙලවල නැත. අඩු ගානෙ නිකම් කෑ ගගහා ඉන්නවත් එහෙමයි කියන්න ප්‍රබල සටන් පාඨයක්වත් නැත. ඇත්ත අර්බුදය ඕකය.

රටේ ඇත්තේ අර්බුදයක් නොව අර්බුදයක් වලක්වාලමින් යන ගමනකි. විපක්ෂයට එය නොතේරුණත් ජනතාව එය තේරුම් ගෙන තිබෙයි. මේ අනුව ඉදිරියේදී එන කවර මැතිවරණයක් වුව පොහොට්ටුව මිස වෙනත් කිසිදු පූට්ටුවකට මොන වෙට්ටු දැම්මත් දිනන්න නම් බැරි බව සහතිකය.

 

-the novemberist

Leave a comment

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us