වැඩ කරන්න, අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය වැදගත් නැහැ Featured

Sunday, 13 February 2022 14:20

ජනතාවට දුන් පොරොන්දු යථාර්ථයක් බවට පත්කිරීමේ දී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය හෝ වැදගත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.


එසේම කොවිඩ් වසංගතය පාලනයට අවශ්‍ය පියවර ගනිමින් රටේ සංවර්ධන කාර්යයන් ද සිදු කෙරෙමින් පවතින බවත් එමෙන්ම දෙවසරකට ආසන්න කාලයක් රට වසා තැබීමෙන් බිඳවැටුණු ආර්ථිකය ක්‍රමයෙන් ගොඩ නැගෙමින් ඇති බවත් ජනාධිපතිවරයා පවසයි.

විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීයවේදීන් සමග කෙරෙන සම්මන්ත්‍රණ මාලාවේ පෙරේදා (12) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී පැවති පළමු සාකච්ඡා වටයට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබිණි.

මෙය වැදගත් ප්‍රකාශයකි. එහි විශේෂත්වය නම් පසුගිය දිනවල ඇතැම් පිරිස් වෙතින් කොවිඩ් වසංගත තත්වය නිසා ජනාධිපතිවරයා අපේක්ෂා කළ ලෙස සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව එම වැඩපිළිවෙල නිසි පරිදි ක්‍රියාවට නැංවීමට නොහැකිව වසර දෙකක් අපතේ යෑම නිසා ඒ වෙනුවෙන් අතිරේක වසර දෙකක් ඉල්ලා ජනමත විචාරණයකට යායුතු බවට කළ ඉල්ලා සිටින තත්වය යුතු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කළ බැවිනි.

ජනතාව විසින් කලින් කලට විධායක බලතල සහිත පාලකයෙක් ආණ්ඩුවක් තෝරා පත්කර ගන්නේ ඒ බලය පවරන කාල සීමාව තුළදී පැමිණෙන සියළු අභියෝග දරාගෙන ජනතාවගේ සුබසිද්ධිය, ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින පාලනයක් අවශ්‍ය නිසාය. ඒ ඉටු කිරීමට අසමත් නම් එම පාලකයන් ඉවත්කර නව පාලනයක් පිහිටුවා ගැනීමේ අයිතිය මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය තුළ හැකියාව තිබේ. කොවිඩ් සමයේදී ඒ එල්ල වූ අභියෝගය හමුවේ එය ජයගැනීමට වත්මන් පාලනයට නොහැකි වූවා නම්, තවදුරටත් අසමත් වෙනවා නම් වෙනත් පාලනයක් පිහිටුවා ගැනීම ජනතාව සිදුකරනු ඇත. එහෙත් තත්වය එතරම් නරක නැත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස පත්කර ගැනීමත් පොදුජන පෙරමුණු ආණ්ඩුව පත්කර ගැනීමත් ගැන ඇතැම් පිරිස් කණස්සල්ලට පත්ව සිටීම සත්‍ය නමුත් ආණ්ඩු පෙරළියක් අවශ්‍ය බව මධ්‍යස්ථ මතධාරීන් හෝ අපේක්ෂා නොකරයි. මන්ද වෙනත් විකල්ප නොමැති බැවිනි.

ඒ කෙසේ වෙතත් තමන් බාරගත් රට, සියළු අභියෝග හමුවේ නොසැලී ජනතාවගේත් රටෙත් අභිවෘද්ධිය වෙනුවෙන් හැකි උපරීම දායකත්වය ලබා දෙමින් වත්මන් පාලනය සිදුකෙරෙමින් පවතින බව පිළිගත හැකි සත්‍යයකි. එසේම තමන් නිවැරදී දේ සිදුකරමින් සිටින බවත් සියළු අභියෝග ජය ගන්නා බවටත් ජනාධිපතිවරයා සතුව තිබෙන විශ්වාසය අධිෂ්ඨානය ඔහුගේ සියළු ප්‍රකාශ තුළින් ගම්‍යවන දෙයකි. එමෙන්ම තමන් බාර ගත් වගකීම කුමක්ද කියන කාරණය ගැන ද ඔහුට ඉහළ අවබෝධයක් තිබෙන බවත් පසක් වේ.

බලයට තනතුරුවලට කෑදර කමින් පමණක් වැඩ කරන පාලකයෙක් සිටියා නම් පාලන කාලය තවත් වසර දෙකකින් වැඩිකර ගැනීමට පසුපසින්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් ක්‍රියාත්මක වන රටක ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන්ම කළ හැකි කුප්ප වැඩ තිබේ. එසේම තිබෙන බලය හමුවේ ඒවා කිරීමට පැකිලෙන්නේද නැත. එහෙත් ඒ ජඩ දේශපාලනයෙන් ජනාධිපතිවරයා වෙනස් බව ඔහුගේ අවංක, විශ්වාසනීය කියුම් කෙරුම් වලින් පෙන්වා තිබේ. මෙහෙම පාලකයන් රටකට පහළ වන්නේ කළාතුරකිනි. එහෙම පාලකයෙක් පන්නා දැමීමට සිහිබුද්ධියක් ඇති ජනතාව නම් නිකමටවත් කල්පනා කරන්නේ නැත. එවැනි පාලකයෙකුගේ අශ්‍යතාවය වෙනුවෙන් අමුතුවෙන් ජනමත විචාරණ පැවැත්විය යුතු නැත. ජනතාව ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී ඒ උදාර නායකයා රැකගනු ඇත.

-the novemberist

Leave a comment

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us