අර්බුදයෙන් ගොඩ එන ලකුණු ! Featured

Monday, 25 April 2022 16:59

වසංගතයත් සමඟ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ලෝක ආර්ථිකය අර්බුදයකට මුහුණ දී සිටී. ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර, අමෙරිකාව, බ්‍රිතාන්‍ය වැනි රටවල පවා දශක 3, 4කට පසු ඉහළම උද්ධමන අගයක් වාර්තා විය.

රටවල් 100කට වැඩි ගණනක් IMFවෙතින් හදිසි මූල්‍ය සහන ඉල්ලා තිබේ. ගෝලීයකරණයෙන් අත්මිදී ක්‍රියාත්මක වීමට වර්තමාන ලෝකයේ කිසිදු ආර්ථිකයකට නොහැකිවී ඇති පසුබිමක මෙම මූල්‍යායතන මඟහැර යා නොහැකි ය. නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරන රටකට ශක්තිමත් දේශීය ආර්ථිකයක් ගොඩනඟා ගැනීම අභියෝගාත්මක වුවද වසංගතයට පසු එළැඹ ඇති දුෂ්කරම වකවානුව සහ අවස්ථාව ඊට යොදාගැනීම ද විය යුතුය.

IMF සහාය ලබාගැනීම යනු ආර්ථිකය ගොඩනැඟීමේ එකම මාර්ගය නොවන අතර, නිෂ්පාදන ආර්ථිකයකට ගමන් කිරීම ඇතුළු අනෙකුත් උපායමාර්ග පිළිබඳ කටයුතු කිරීමද විය යුතුය. නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයක් ඇති රටක් ලෙස ශ්‍රී ලංකාවද මුහුණ දී සිටින අභියෝග ජය ගැනීම සඳහා එම උපකරණ හා මෙවලම් යොදාගැනීම ප්‍රායෝගිකය. ඒ සමඟම උද්ගතව ඇති තත්ත්වය හදිසියේ පහළ වීමක් නොව කාලයක් තිස්සේ අප අනුගමනය කළ ප්‍රතිපත්ති සමඟද බැඳී පවතින්නක් බැවින් ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කළ යුතු වන්නේ එම පසුබිම ද සැලකිල්ලට ගනිමිනි. රටේ ආර්ථිකය නිවැරදි දිශානතියට යොමුකිරීම මෙන්ම හදිසියේ විසඳුම් සොයා ගැනීමට සිදුව ඇති තත්ත්ව නිසියාකාර කළමනාකරණය කර ගැනීම යුගයේ අවශ්‍යතාව වී තිබේ.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) සහාය ගැනීම පිළිබඳ පළවූ විවිධ මතිමතාන්තර වලින් පසුව නව මුදල් අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි, මහ බැංකු නව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ නව ලේකම් කේ.එච්.එම්. සිරිවර්ධන ඇතුළු නියෝජිත පිරිස අමෙරිකාවේ වොෂින්ටන් ඩී.සී හිදී අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙත ගොස් සිටී. ශ්‍රී ලංකාවට මෙම ආර්ථික අභියෝග ජය ගැනීම වෙනුවෙන් ඉදිරියේදී IMF සහාය ලැබෙනු ඇති බව එහිදී සහතික වී තිබීම අප මේ මොහොතේ ලබා ගත් ජයග්‍රහණයකි.

මේ අතර තුර දැනටමත් චීනය හා ඉන්දියාව ශ්‍රී ලංකාව හමුවේ ඇති ආර්ථික අභියෝග ජයගැනීම වෙනුවෙන් සිය සහාය ලබාදීමට ඉදිරියට පැමිණ තිබේ. ඉන්දියාව මෙරටට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීම වෙනුවෙන් ඇ. ඩො.මිලියන 500ක් ණය මාර්ගයක් ලබාදීමට එකඟ වී ඇති අතර, තවත් ඇ.ඩො.බිලියනයක් ලබාදීම වෙනුවෙන් සාකච්ඡා සිදුවෙමින් ඇත. දැනටමත් ඇ.ඩො.බිලියනයක ණය ආධාර ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදී තිබේ. චීනයෙන්ද ඇ.ඩො.බිලියන 2.5ක ණය මාර්ගයක් අපේක්ෂා කළ අතර, ඒ පිළිබඳ කටයුතු කෙරෙමින් ඇතැයි වාර්තා විය. දැනටමත් හදිසි ආධාර වශයෙන් ඇ. ඩො.මිලියන 31ක් වටිනා සහල්, ඖෂධ ඇතුළු ද්‍රව්‍ය ලබාදීමට චීනය ‍පොරොන්දු වී ඇත. චීනයේ යුනාන් පළාතද ශ්‍රී ලංකාවට ආධාර කිරීමට ඉදිරිපත්ව ඇතැයි වාර්තා විය. මීට අමතරව ජපානයේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ සහායද ලබා ගැනීමට කටයුතු කරමින් ඇතැයි මුදල් අමාත්‍යවරයා පවසා තිබිණි.

මේ අයුරින් මිතුරු රටවලින් හා IMF වෙතින් ශ්‍රී ලංකාව අපේක්ෂා කළ සහාය ලැබෙන පසුබිමක ඉදිරි කාලසීමාව තුළ දැනට රට හමුවේ ඇති ආර්ථික අසීරුතා හා පීඩනයෙන් නිදහස් වීමට හැකිවනු ඇති බව පැහැදිලි වේ. රට තුළ සර්ව ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීම සම්බන්ධයෙන් මෙම ක්‍රියාමාර්ග හේතුවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

-පංචාලි

Leave a comment

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us