රටේ ප්‍රශ්නය විධායක ජනාධිපති ක්‍රමයද ? Featured

Wednesday, 27 April 2022 21:05

වසර හතළිස් දෙකක් ගත වුව ද අද ද රටෙහි ප්‍රමුඛ දේශපාලන කතිකාව '78' ව්‍යවස්ථාවයි.රටෙහි දේශපාලන අර්බුද රැසක ප්‍රමුඛ සාධකය ලෙස මනාප ක්‍රමයත් විධායක ජනාධිපති ක්‍රමයත් බොහෝ විට පෙන්වා දෙයි.

එයින්ද විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ දැඩි සමාජ කතිකාවතක් ඇතිව තිබේ.

රටේ ප්‍රමුඛ විපක්ෂය වන සමගි ජන බලවේගය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සමගින් වන විසි එක්වන ව්‍යවස්ථා සංශෝධනය කරලියට ගෙනවිත් තිබේ. ඒ සඳහා වන යෝජනාව කථානායකවරයාට පසුගියදා භාර දෙනු ලැබීය. ස.ජ.බ.ය යනු එ.ජා.ප.යෙන් කැඩීගිය කණ්ඩායමයි. එය කැඩී ගිය කණ්ඩායමටකට වඩා නම වෙනස් වූ එ.ජා.ප.ය ලෙස හැදින්වුවට වරදක් නැත.

එලෙස බලන කළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට ස.ජ.බ. ය යෝජනා ගෙන ඒම දෛවයේ සරදමකි. එදා විධායක ජනාධිපති ක්‍රමය ගෙන එන විට සජිත්ගේ පියා වන රණසිංහ ප්‍රේමදාස එ.ජා.ප. යේ දෙවැනියාය. අනෙක් පැත්තෙන් බැලූ කළ රණසිංහ ප්‍රේමදාස එදා රටේ දෙවැනි පුරවැසියාය. ඒ තුළ වත්මන් විපක්ෂ නායකවරයා විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට යෝජනා ගෙන ඒම තවත් පැත්තකින් දෛවයේ සරදමකි. විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්න අද යෝජනා ගෙන එන විපක්ෂනායකවරයා අවසන් ජනාධිපතිවරණයේ එ.ජා.ප. අපේක්ෂකයා බවත් මතක් කළ යුතුය.

'78' ව්‍යවස්ථාව ගෙන එන විට එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු අනෙකුත් පක්ෂ එයට විරෝධය පළ කළහ.එය ඒකාධිපති ව්‍යවස්ථාවක් ලෙසින් ඔවුහු දුටු වේය.මැතිනි, අනුර වගේම මහින්ද රාජපක්ෂ වැනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් එයට විරෝධය පළ කළහ. දොස්තර එස් . ඒ . වික්‍රමසිංහ,එන්.එම්. පෙරේරා,,කොල්වින් අාර් ද සිල්වා, සරත් මුත්තෙට්ටුවේගම, වාසුදේව නානායක්කාර වැනි වාම නායකයෝ ද එදා එයට එරෙහිව උද්ඝෝෂණ, විරෝධතා කළහ. එහෙත් හයෙන් පහක බලයක් ගත් ජේ. ආර්. ප්‍රමුඛ එ.ජා.ප. ආණ්ඩුව විධායක ජනාධිපති ක්‍රමය සහිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආවේය.

එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න පොරොන්දු දුන්නද ඇය 1994 සිට එකොළොස් වසරක් ජනාධිපති ධූරයේ රැඳී සිටියේ එම ධුරයේ අසීමිත වූ බලය හිතුමතේ භුක්ති විදිමිනි.

මහින්ද රාජපක්ෂ යුගයේ ත්‍රස්තවාදය නිමා කිරීම විධායක ජනාධිපති ධූරයේ බලතල සාධනීයත්වයේ වඩාත් ප්‍රමුඛ අවස්ථාව ලෙසයි මෙරට දේශපාලන ඉතිහාසයට එක්ව තිබෙන්නේ. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට මහින්ද රාජපක්ෂ සේම 2015 දී බලයට පැමිණි එවක පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ද පොරොන්දු දුන්නේය. දින සියයක් ඇතුළත ඒ සඳහා පියවර ගැනෙන බව ද ඒ තුළ කියවිණි.එහෙත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයෙන් යන තෙක්ම එය අහෝසි නොකෙරිණි

දේශපාලන අර්බුද මැද ඉතිහාසයේ එක් එක් අවස්ථාවල මේම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳ මාතෘකාව කරළියට පැමිණි සේම වත්මන් අර්බුදකාරීත්වය යටතේද මෙම මතෘකාව කරලියට පැමිණ ඇත. විපක්ෂ නායකවරයා ප්‍රමුඛ ස.ජ. බ. ය විධායක ජනාධිපති ධූරයේ අහෝසිය ගැන අද ගෙනැවිත් තිබෙන යෝජනාව කූට දේශපාලනික අරමුණු කරා ගමන් ගන්නා යෝජනාවක් නොවී එය සැබවින්ම රටෙහි පොදුජන යහපතට ගෙන ආ යුතු යෝජනාවක් විය යුතුය. අනෙක් අතට පවතින අර්බුදවලට විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට වඩා සියලු දේශපාලන පක්ෂ එක්ව රටට වඩා සාධනීය, රට ගොඩනැඟිය හැකි විසැඳුමකට එළැඹිම කාලෝචිත බව කිව යුතුය.

-පංචාලි

Last modified on Wednesday, 27 April 2022 21:06

Leave a comment

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us