ආහාර නාස්තිය අවම බව තහවුරු වේ ! දිගටම ගෙන ගියොත් රටත් ගොඩ ! Featured

Wednesday, 22 June 2022 22:01

වළකට වැටීමත් මොළයට ලාබයක් යැයි කියන්නේ අර්බුධ තුළින් අපේ වැරදි අඩුපාඩුකම් හෙළිදරව් වෙන නිසාය. එයින් පාඩම් ඉගෙන ගත හැකි නිසාය. රටේ වත්මන් අර්බුධය විසින් මේ වෙනකොට අපිට පාඩම් රැසක් කියා දී තිබෙනවා. ඒ අතරින් අරපිරිමැස්ම සහ නාස්තිය අවම කරගැනීම ගැන පාඩම විශේෂයෙන්ම වැදගත්. 

මේ වෙනකොට මේ රටේ මිනිස්සු ආහාර භාවිතය ගැන අලුත් දේ උගනමින් සිටින බවට තොරතුරු හෙළි වෙනවා. මේ අතරින්  ආහාර සුරක්ෂිතතාවය මෙන්ම නාස්තිය අවම කිරීමත් වැදගත් පාඩමක්. ආහාර අර්බුදයේ රතු එළි රට හමුවේ දැල්වෙමින් තිබෙන අවස්ථාවක මේ අතිශය වැදගත් පාඩමක්.

 අද ආර්ථික හා බලශක්ති අර්බුදය හමුවේ රටට තර්ජනයක් විය හැකි තවත් ගැටළුවක් වන්නේ ආහාර හිගයයි. එයට දැන් අප සියළු දෙනා මුහුණ දී සිටියි. සාමාන්‍යයෙන් වසරක් තුළ අප අපතේ යවන ආහාර ප්‍රමාණය අපට තවත් මාස 6කට සෑහෙන තරම් ප්‍රමාණයක්  බව ඔබ දන්නවාද ?

රටෙන් කොටසක් මන්දපෝෂණයෙන් පෙළෙද්දී තවත් කොටසක් අධි පාරිභෝජනයට හුරු වී සිටීම වත්මන් අර්බුධය හමුවේ ඉතාම පැහැදිලිව පෙන්නුම් කර තිබෙනවා. නමුත් මේ වෙනස්කම අතර පරතරය අවම කිරීම පහසු දෙයක් නොවේ. අද අරගලය නමින් එන ජන උද්ඝෝෂණ තුළත් මේ දෙපාර්ශ්වයම සිටියි. නමුත් අප නොදැන සිටි දේ නම් මේ ගැටළුව විසඳා ගැනීමේ පහසු මඟක් මේ සියළු දෙනා අත ඇති බවයි.

සමස්ථයක් ලෙස සෑම දිනකම අප අතින් නාස්තිවන ආහාර ප්‍රමාණය මුළු පරිභෝජනයෙන් තුනෙන් එකකි. ගතවූ වසරේදී මෙරට තුළ අපතේ ගිය ආහාර ප්‍රමාණය මිලියන 10ක ජනතාවක් පෝෂණය කිරීමට ප්‍රමාණවත් බව විශ්ලේෂකයන් පේනවා දෙනවා. සාමාන්‍ය වර්ෂයකදී අප රට තුළ විනාශ වන ආහාර ප්‍රමාණය මෙරට සමස්ත ජනගහනය තවත් මාස 6ක් පෝෂණය කිරීමට ප්‍රමාණවත් වීම ආහාර නාස්තියේ බිහිසුණු බව තහවුරු කර දෙන සාධකයකි.

ආහාර නාස්තිය ලංකාවට පමණක් සිමා වූ දෙයක් නොවන අතර එය ගෝලීය ගැටලුවකි.ආහාර නාස්තියේ ගෝලීය සාමාන්‍ය 30%ක් 40% ක් වන අතර ඇතැම් රට වල එය 50% දක්වා ඉක්මවා යනවා .

එක්සත් ජාතීන්ගේ කෘෂිකර්ම දත්ත වලට අනුව මෙම නාස්තිය නිසා වසරකට එකතු වන ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් බිලියන 1.3ක් වන අතර ඉන්වන ආර්ථික පාඩුව ඩොලර් බිලියන ගනනකි.

ගෝලීය ප්‍රමාණයෙන් සෑම වසරකම පලතුරු එළවලු අස්වැන්නෙන් අඩක් සහ මුහුදු ආහාර,ධාන්‍ය වලින් තුනෙන් එකක පමණ අපතේ යන බව වාර්තා වෙනවා.එමෙන්ම කිරි නිෂ්පාදනය, මස් සහ කුකුල් මස් වල නාස්තිය 20%ක් පමණ වෙනවා .

කෙසේවෙතත් ආහාර නාස්තියේ අඩුම අගය වාර්තා වන්නේ ශ්‍රී ලංකාව ද ඇතුලත් දකුණු ගිනිකොන දිග ආසියා කලාපයෙනි. එනමුත් ඒ නොසැලකිය හැකි තත්වයක් නොවේ.

මෙරට බවබෝග අස්වැන්නෙන් 30% - 40% ප්‍රමාණයක් අපතේ යන බව සොයාගෙන තිබෙනවා. එමෙන්ම පසුගිය කාලයේ කළ සමීක්ෂණයකින් පිසූ ආහාර විශාල ප්‍රමාණයක්ද අපතේ යන බව සොයා ගැනුනා.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයත් සහ ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනයත් එක්වී මෑතකදී කරන ලද එම අධ්‍යයනයකින් හෙළි වුයේ , කොළඹ නාගරිකව එකතු වන ඝන අපද්‍රව්‍යවලින් 50% ක් පමණක් පමණ සමන්විත වන්නේ අපතේ යන පිසූ ආහාර වලින් බවයි.

කෙසේවෙතත් මේ දින වල අප රටේ කසල එකතු කරන්නන් පවසා සිටින්නේ මේ දිනවල ලැබෙන කසල අතර ඉදුල් සහිත කසල ඉතා අඩු මට්ටමක පවතින බවය..එය එසේ සිදුවෙතැයි නිගමනය කල හැක්කේ මෙම කාලය තුල ආහාර වල මිලගණන් ඉතා අධික මට්ටමක පවතින බැවින් මිනිසුන් ඉතා අරපරිස්සමකින් ආහාර භාවිතා කරන බවයි..

මෙය මෙම කාලයට පමණක් නොව සැමදා පැවතිය යුතුම පුරුද්දක් විය යුතුය..අප රටේ අධික ආහාර පරිභෝජනයත් ,නාස්තියත් මෙම අර්බුදයට වක්‍ර ආකාරයෙන් බලපෑ එක් සාධකයකි..එම නිසා තව දුරටත් මෙම ආහාර සකසුරුවමින් භාවිතා කිරීම රට වෙනුවෙන් ඔබේ යුතුකමකි.

 

-මහේෂි

Leave a comment

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us