රට රැකියාවට ගොස් ගෙදරත් රටත් ගොඩදාගමුද ? Featured

Thursday, 23 June 2022 19:24

ආණ්ඩුව රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ඉතා වැදගත් තීරණ දෙකක් ගෙන තිබේ. පළමුවැන්න සමස්ත රාජ්‍ය සේවය පිළිබඳ අධ්‍යයනයක් සිදුකොට එය ප්‍රතිසංවිධාන කිරීමට පියවර ගැනීමය.

දෙවැන්න දැනට රාජ්‍ය සේවයේ නියුතු අයට බාධාවකින් තොරව විදේශ රැකියා සඳහා පිටත්වීමට අවස්ථාව දීමය.

පළමු කාරණයේ ඉලක්කය වන්නේ විධිමත් හා කාර්යක්ෂම සේවාවක් ජනතාවට සැපයීම සඳහා රාජ්‍ය සේවය යොමු කරවීමය. දෙවන කාරණයේ ඉලක්ක දෙකක් ඇති බව පෙනෙයි. එක රටට අවශ්‍ය විදේශ විනිමය උපයා ගැනීමය. දෙවැන්න රාජ්‍ය සේවකයන්ගේ පවුල්වල ආර්ථිකය සවිමත් කිරීමය. පවතින ආර්ථික අර්බුදයට යම් ආකාරයක විසඳුමක් ද අදාළ වැඩසටහන් ඔස්සේ උකහා ගත හැකිය.එය සාධනීය තීන්දු තීරණ බව විවාදයක් නොමැත.

විදේශ රැකියා සඳහා පිටත් වන රාජ්‍ය සේවකයකුට වැටුප් රහිත වසර පහක නිවාඩු දීමට රජය තීරණය කර ඇත. අවශ්‍ය නම් වසර පහෙන් පසු නැවත රාජ්‍ය සේවයට එකතු විය හැකියි. ඔහුට හෝ ඇයට හෝ හිමි ජ්‍යෙෂ්ඨත්වය අහිමි වන්නේ නැත. උසස්වීම් අහිමි වන්නේ නැත. විශ්‍රාම වැටුපට හෝ පාරිතෝෂික දීමනාවට හෝ කිසිදු බලපෑමක් නැත. මෙය රාජ්‍ය සේවකයා සම්බන්ධයෙන් ඉතා වාසි සහගත අවස්ථාවක් සේ සැලකිය හැකිය. වසර පහක් යනු දීර්ඝ කාලයක් නොවේ. එහෙත් විදේශ සේවාවක නිරත වන තැනැත්තකුට එම කාලය තුළ සැලකිය යුතු ආදායමක් උපයා ගත හැකිය. එලෙසම රටේ පවතින ඩොලර් අර්බුදය විසඳීමට යම් දායකත්වයක් ද ඒ මඟින් දිය හැකිය.

අපේ රටේ රාජ්‍ය සේවය සම්බන්ධයෙන් පවතින ඇතැම් නීති හා රෙගුලාසි යල්පිනූ ඒවා බව බොහෝ දෙනා දනිති. ඒවා විවේචනයට හසු කරන අය ඇතත් වෙනස් කිරීමට උත්සුක වන කෙනකු නැත. මේ අර්බුදකාරී අවස්ථාවේ ඒවා වෙනස් කිරීමට පියවර ගැනීම පැසසිය යුතු කටයුත්තකි.

අප පසු කරමින් සිටින්නේ ඉතිහාසයේ නොවූ විරූ අර්බුදයකි. මේ අර්බුදය තුළ තමන් හා තම පවුල සුරක්ෂිත කිරීමේ වගකීම බොහෝ දෙනකුට පැවරී ඇත. තව අතකින් අපේ රට ගොඩනැඟීමට කුමන හෝ දායකත්වයක් සැපයීමේ වගකීම ද අප හමුවේ ඇත. රාජ්‍ය සේවකයා මේ අතින් බලන විට කේන්ද්‍රීය පුද්ගල සාධකයකි. ඔහුට තමන් හා තම පවුල වෙනුවෙන් ද රට වෙනුවෙන් ද බොහෝ දේවල් කළ හැකිය.

-මහේෂි

Leave a comment

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us