අපි වවමු ! රට නගමු ! Featured

Saturday, 25 June 2022 12:01

වෙළෙඳපොළ තත්ත්වයන් නිරීක්ෂණය කරන විට මේ වන විටත් ආහාර අර්බුදයක් පවතින බව රහසක් නොවේ..

එසේම විශ්ලේෂකයන් පවසන පරිදි සාගතයක් පිළිබදව දිගින් දිගටම අනතුරු ඇගවීම් කර ඇත. මේ අතර ආණ්ඩුව එම අවදානම බරපතළ ලෙස ගනිමින් ඊට පෙර සූදානමක් ඇති කරන බව ද පෙනී යයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාරය වන සහල් ගිනි ගණන්ය. ඒ හැරුණු කොට වෙළෙන්දෝ තම සිතැඟි පරිදි සහල් මිල තීරණය කරති. -සහල් පමණක් නොව අනෙකුත් සියලු ආහාර වල මිළත් අහස උසටය. එක් අතකින් ආහාර නිෂ්පාදනය අඩු වී ඇත. තව අතකින් ප්‍රවාහනය හා බෙදා හැරීම අවුල්ය. තවත් අතකින් වෙළෙඳපොළ හැසිරීම අන්තිම නරකය. මේ සෑම දෙයකින්ම තැළෙන්නේ පොඩි වන්නේ පිඩිත ජනතාවය .

එහෙමයි කියා රට හැරදායාද නොහැක..එහෙත් ආණ්ඩුව රට රැකියාවට යොමුවී මුදල් උපැයිම සදහා රාජ්‍ය නිලධාරීන්ටත් පුද්ගලික අංශයේ නිලධාරීන්ටත් වැටුප් රහිත වසර පහක කාලයක් ලබා දෙමින් සහන සලසා ඇත..අපට දුප්පත්කම අලෙවි කරන්න පුළුවන. ඒ වෙනුවෙන් සැර විවේචන ඉදිරිපත් කරන්නත් පුළුවන. ආණ්ඩුවට එරෙහිව පෙළපාළි යන්නටත් පුළුවන. එහෙත් මේ එකක්වත් ගැටලුවලට විසඳුම් නොවේ. ඒවායින් සිදු වන්නේ කාලය කා දැමීම හා අර්බුදයේ දිග පළල වැඩි කිරීමය. සුද්දා මේ රට හැඳින් වූයේ රත්තරන් භූමියක් හැටියටය. වියළි දණ්ඩක් පොළොව මතට දැමුව හොත් එය දලු ලා වැඩෙන සාරවත් පසක් අපට ඇති බව සුද්දා පෙන්වා දී ඇත. අපේ අතීත මිනිසා එයින් උපරිම ඵල නෙළා ගත්ත ද නූතන මිනිසා එයින් දුරස්ය. පුරන් කුඹුරු අක්කර සිය ගණනක් රටේ පවතී. හිස් ඉඩම්, මුඩු ඉඩම් සෑම පළාතකම තිබේ. මේවායින් නිසි ප්‍රයෝජන ගත හොත් තව පරම්පරා ගණනකට ආහාර ගැටලුවක් ඇති වන්නේ නැත. වත්මන් ආණ්ඩුව මිට අවදානය යොමුකරමින් මේ වන විටත් මුඩු ඉඩම් , බන්ධනාගාර භුමි තුලත් වගා කටයුතු ආරම්භ කර තිබේ..වත්මන් ආණ්ඩුවේ අදහස වී ඇත්තේ අප නැවත වගා සංග්‍රාමයක් වෙත යා යුතු බවය. එය බුද්ධිමත් තීරණයක් බව පෙන්වා දිය යුතුය.

ආණ්ඩුව කෘෂිකර්මය හා ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇත. මේ කමිටුවේ පළමු කාර්යය වන්නේ රටේ ආහාර නිෂ්පාදනය, සැපයීම හා බෙදා හැරීම සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු වාර්තා කිරීමය. එම වාර්තාවල තත්ත්වයට අනුව වගා සංග්‍රාමය පිළිබඳ ඉදිරි සැලසුම් සකස් කිරීමට නියමිතය. ඉදිරි කන්නයේ වී වගාවට සිදු වන්නේ කුමක් ද? රටට අවශ්‍ය මුළු සහල් තොගය එම කන්නයෙන් ලබා ගත හැකි ද? යන කරුණු මෙහිදී විශ්ලේෂණය කරනු ලැබේ. ආහාර අර්බුදයක් ඇති වීමට නියමිත නම් වහාම සාධක දෙකක් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. පළමුවැන්න ආහාර සුරක්ෂිතතාවයි. දෙවැන්න වගා සංග්‍රාමයයි.

ග්‍රාමීය අංශයේ සෑම පුරවැසියකුම පාහේ යම් පමණක ගොවියෙකි. එලෙසම වගා කළ හැකි සුළු හෝ බිම්කඩක් මේ සෑම පුරවැසියකුටම තිබේ. ලිබියාවේ ගඩාෆි පාලන සමය තුළ කුකුළු මස් හා බිත්තර පිළිබඳ අර්බුදයක් මතු විය. ඊට විසඳුමක් ලෙස තට්ටු නිවාසවල කුකුළන් ඇති කිරීමට අවසරය දුනි. එය සාර්ථක පියවරක් වූ අතර ලිබියාවේ මස් හා බිත්තර අර්බුදයට කදිම විසඳුමක් විය. ලීබියාවත් එසේ ගොඩ ගියා නම් අපේ රට ගැන කතා කුමටද..මේ සරුසාර පසම අපට ආශීර්වාදයකි..අවශ්‍ය වන්නේ සමස්ත පුරවැසියාගේම බුද්ධිමත්භාවයත් ,උත්සාහයත් පමණි.

-මහේෂි

Last modified on Saturday, 25 June 2022 12:03

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us