ජඩමාධ්‍ය වපුරණ තොරතුරු භීෂණයට රටක් විනාශ කළ හැකිය! Featured

Monday, 04 July 2022 10:27

මේ රටේ ජනමාධ්‍ය භාවිතය, 'ජඩ මාධ්‍ය' භාවිතයක් නොවන බව නැවත නැවත හුවා දැක්විය යුතු නැත. නිරන්තරයෙන්ම රට වැසියා නොමඟ යැවීම සිදු කිරීම මේ රටේ ජන මාධ්‍ය භාවිතයේ දැනුවත් ප්‍රමුඛ කාර්යය වී තිබේ.

නිවැරදි මිනිස්සු වැරදි කාරයන් කරන්නත්, වැරදි මිනිස්සු නිවැරදි කාරයන් කිරීමත්, මේ ජඩ මාධ්‍ය භාවිතය විසින් අදත් සිදු කරමින් තිබේ. කිසිදා මේ ලෝකයේ සිදු නොවුණු සිදුවීම්  සිදුවූ බවට තහවුරු කිරීත් සිදු වූ සිදු වීම් නොවුණ බව තහවුරු කිරීමටත් මේ ජඩ මාධ්‍යයන් සමත්ය.

මේ ජඩ මාධ්‍ය භාවිතය නිසා බරපතල ලෙස අසාධාරණයට, අයුක්තියට, පීඩාවනට ලක්වූ මිනිස්සුන් මේ රටේ විශාල පිරිසක් සිටී. කඩා ඉහිරවන ලද පවුල් පන්සල් ප්‍රමාණයද විශලය.මිනිසුන්ට දිවි නසා ගන්න තැනට පත් කළ අවස්ථා තිබේ., රට ජාති ආගමික ආදී වශයෙන් බෙදා වෙන්කර ඔවුනොවුන් අතර ලේවැකි ගැටුම් සිදුවන්නට හැකි හැම විටම ඉඩ කඩ සකසා දූන්නේ මෙම ජඩ මාධ්‍යයි. රටක් මිත්‍යාවෙන් ඔදල් කර අමු ගෝත්‍රික තැනකට ඇද දැම්මේ මෙම ජඩ මාධ්‍යයයි. රටක් බුද්ධිමය වශයෙන්, ආචාර ධාර්මික වශයෙන් ගොඩ නැංවීමට සහය වෙනවා වෙනුවට ජඩ මාධ්‍ය කරමින් සිටින්නේ රට හැකි තරම් මුග්ධ අශිෂ්ට කාලකණ්ණි තැනකට ඇද දැමීමට ක්‍රියා කිරීමය. ඒ වගේම විනාශ කරන ලද පෞද්ගලික ව්‍යාපාර විශාල ප්‍රමාණයක්ද තිබේ. බොරු පුවත් පළ කර පය 24 න් විනාශ කළ ව්‍යාපාරික ආයතන මේ රටේ තිබේ. පටු දේශපාලන වුවමණා එපාකම් මත පට්ටපල් බොරු සමාජ ගත කර මේ රටේ ජනතාව නිරන්තරයෙන්ම නොමඟ යැවීම මෙම ජන මාධ්‍ය විසින් සිය ඉතිහාසය පුරාම සිදුකරමින් සිටින තක්කඩිම කටයුත්තය.අවශ්‍ය නම් මේ සියල්ල ගැන උදාහරණ සාක්ෂි සහිතව පෙන්වා දීම සිදුකළ හැකිය.

මෙතරම් හෑල්ලක මේ රටේ ජඩ මාධ්‍ය ගැන කලින්ම ලිව්වෙ. ඒ කරුණු සනාත කරන තවත් සිදුවීමක් ගැන අසන්නට ලැබුණු බැවිණි.

ඒ පසුගිය මැයි 09 වනදා ගාලුමුවදොර පැවැති ජන අරගලයට , පැවැති ආණ්ඩු පාලනයට හිතවත් පාර්ශ්වයක් විසින් පහර දීමට කටයුතු කිරීමත් නිසා පැන නැගුණු ප්‍රතිහාරයන් සමඟ වූ සිදුවීමක් ජන මාධ්‍ය විසින් පාර්ශවික, තහවුරු නොකළ, පුවතක් නිසා රට මෙන්ම ලෝකයද නොමඟ යෑම සිදුව තිබුණු බැවිනි. මේ පුවත් නිසා තවත් අනර්ථකාමී විනාශයන් ගනනාවකට මඟ පැදිනි.

එදා 'ලංකාදීප' සහ 'ඩෙලිමිර්' පුවත් වෙබ් අඩවි විසිනි වාර්තා කර සමාජ මාධ්‍යට මුදා හරින ලද පුවත්කින් කිය වුණේ "ගෝඨාගෝගමේ විරෝධතාකරුවන්ට පහර දෙන්න සිරකරුවන් ගෙන්වා ඇති බවට වාර්තා වෙයි" යනුවෙනි. ඒ තහවුරු කිරීමට විඩියෝ පටයක්ද මුදා හැර තිබිණි.

ලංකාවේ ප්‍රධානතම ජනමාධ්‍ය ආයතන වෙබ් අඩවි සහ එම සමාජ මාධ්‍යයන් ඔස්සේ මෙම පුවත විනාඩි කිහිපයක් ඇතුළත ලොව පුරා පැතිර ගියේ මෙම සිදුවීම අතිශය බරපතල තත්වයක් නිසාය.අදාල පුවත් වාර්තා කිරීමේ දී යොදා තිබුණු සිරස්තලය එහි අඩංගුව සහ විඩියෝ පටය නිසා පුවත ගැන සැක සංකාවක් ඇති කරගැනීමට හේතුවක් නොවීය. මිලියන් ගනනාවක් ජනතාව මෙම පුවත් සත්‍යක් විය හැකි බව බාරගෙන තිබිණි.

එමෙන්ම පැවැති දේශපාලනික තත්වය මත මෙම පුවතත් සමඟ අරගලයෙහි නිරත ජනතාව තව දුරටත් වියරුවට පත් කරන්නට හේතු විය. පෙර සංවිධානාත්මකව තමන්ට එරෙහිව ප්‍රහාරය දියත් කළ බවට මෙමගිනුත් ලැබෙන තහවුරුව නිසා වියරු වූ අරගලකරුවන් ඊට එරෙහි ප්‍රතිප්‍රහාරයන්ද තිව්ර කිරීමට මෙම පුවත පාදක විය.

මෙම පුවතෙන් වු බරතල අනියම් තර්ජනය සිදු වුයේ ඇවන්ටගාර්ඩ් ව්‍යාපාරික සමාගමටය. විශේෂයෙන්ම ඇවන්ට්ගාර්ඩ් ව්‍යපාරික ආයතනයට එරෙහිව විශාල ජනමතයක් ඇති කිරීමටත්, එම ආයතනය විනාශ කිරීමටත් මෙම පුවත් නිසා අරගලකරුවන් පෙළඹීම සිදු විය.

එමෙන්ම මෙම පුවත ජාත්‍යන්තර වශයෙන් ප්‍රචාරය වීමත් සමඟ මෙම ජාත්‍යන්තර කිර්තියක් උසුලන සමාගමට ජාත්‍යන්තර වශයෙන් නැවත කළු පැල්ලමක් එක් විය. මෙයට පෙර නීති විරෝධී පාවෙන අවිගබඩාවක් පවත්වා ගැනීමක් ගැන, ගිනි අවි වෙළදාමක් ගැන පට්ටපල් බොරු චෝදනාවක් පසුගිය යහපාලනය විසින් සහ ජනමාධ්‍ය මඟින් ගෙතීම නිසා අති දැවැන්ත හානියක් මෙම සමාගමට සිදු විය. එමඟින් රටට ලැබෙමින් තිබූ ඩොලර් බිලියන ගනනක් අහිමි වූ අතර දස දස ගන්නකට සිය ආදායම් අහිමි විය. අධිකරණය මඟින් එම චෝදනා පදනම් විරහිත බවත් එම නිසා එම සමාගම නිදොස් කොට නිදහස් කිරීමට කටයුතු කළත් සිදුවූ හානිය සිදුව හමාරය. අදත් ඒ වැරැද්ද නිවැරදිකර ගැනීමට හැකිව නැත.

කෙසේ නමුත් ඇවන්ට්ගාර්ඩ් ආයතනයට මෙම හානිදායක තත්වයට මුහුණ පෑමට සිදු වූයේ අරගලයට පහර දීමට එම සමාගම සම්බන්ධ බවට පසුව එකතු කරන ලද බොරු තොරතුරු නිසාය. මෙම සිරකරුවන් පිරිස, සිරකරුවන් පුනරුත්තාපන වැඩ සටහන යටතේ කොළඹ ඉදිකිරීම සමාගමක සේවයට යොදා ගැනීමට යැයි කියමින් රැගෙන පැමිණි අය බවටත් මෙම පුනරුත්තාපනය වැඩ සටහන ඇවන්ට්ගාර්ඩ් ආයතය විසින් සිදුකිරීමත් නිසා මෙම පහර දීම එම ආයතනයේ වැඩක් බවට ප්‍රචාරය විය. සත්‍ය ලෙසම සිරකරුවන් පුනරුත්තාපන වැඩ සටහනරු මිලියන සිය ගනනක් වැය කරමින් ප්‍රජා සත්කාරයක් ලෙස ඇවන්ට්ගාර්ඩ් ආයතනය විසින් කරමින් තිබෙන්නකි.

ඒ අනුව මෙම සිරකරුවන් පිරිසද කොළඹ ඉදිකිරීම් වැඩ බිමකට ගෙනවිත් තිබිණි. ඒදා රට තුළ ඇතිවූ තත්වයන් මත එම වැඩ කටයුතු වේලාසන අහවර කරනැවත ඔවුන් වටරැක පිහිටි එළිමහන් සිරකඳවුර වෙත රැගෙන යාමේදී අදාල සිද්ධිය වී තිබිණි.. අරගලයට පහර දීම සඳහා පිට පළාත්වලින් ආණ්ඩුවේ ආධාරකරුවන් ගෙන ආවාය කියන සැකය මත කොළඹින් පිටත්ට යන සෑම වාහනයක්ම නවතා පරික්ෂාකිරීමට අතරමඟ එක් රැස්වූ මැර පිරිස් විසින් කටයුතු කර තිබිණි. එලෙස සැක සිතු අය වාහන වලින් බස්සවා පහරදීම, වාහන වලට ගිනි තැබීම සිදු කර තිබිණි.ඝාතන පවා සිදුවිය.

ඒ අනුව මෙම සිරකරුවන් රැගත් බස් රථයද නවතා ඔවුන්ව බිමට බස්සවා පහරදීම සිදු කරන අතර වාරයේදී විඩියෝ ගත කර ඇත. එහිදී පැහැදිලිවම මෙම සිරකරුවන් තමන් පුනරුත්තාපනය වන සිරකරුවන් බවත් ආපසු යන බවත් කියයි.

නමුත් මෙය ලංකාදීප සහ ඩේලිමිරර් වෙබ් අඩවි විසින් නිශ්චිතවම සඳහන් කළේ අරගලයට පහර දීමට පැමිණි සිරකරුවන් පිරිසක් අරගලකරුවන් අල්ලා ගත් බව හැඟවෙන් පරිදිය. (මෙම ලියුම්කරු පවා මෙම පුවත් නිසා නොමග ගිය අයෙකි)

මෙම සිදුවීම් සත්‍ය බවට වැරදි අවබෝධයෙන් යුතුව මෙරට මානව හිමිකම් කොමිසමටත් ජාත්‍යන්තර මාන්ව හිමිකම් කොමිසමටත් පැමිණිලි කිරීම ඒ අනුව සිදුව තිබිණි. ඒ අතර බන්ධනගාර කොමසරිස් වරයා අරගලයට පහරදීමට සිරකරුවන් නොගෙනාව බවත් ඔවුන් වැඩ බිමට ගෙන ගෝස් ආපසු ගෙන යෑම ගැනත් සහතික කරමින් මාධ්‍ය නිවේදයක් ද නිකුත් කර තිබිණි.එහෙත් ඒ පිළිගැනීමට කිසිවකුත් පියවරගත්තේ නැත. බොරුව ඒ තරමට සත්‍යයක් බව සමාජය තුළ තහවුරුව තිබිණි.

කෙසේ නමුත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ලැබුණු පැමිණිල්ල අනුව ඒ විමර්ශනය කර ඔවුන්ගේ තීන්දුව පසුගිය ජුනි 30 වනදා නිවේදනයක් මඟින් නිකුත් කර තිබිණි.

සත්‍යය දැන් නිල වශයෙන්ම පැහැදිලිව හෙළිදරව් වී ඇත. අරගලයට හෝ ඊට පහර දීමට හෝ මෙම සිරකරුවන්ගේ කිසිදු මැදිහත් වීමක් නැත. ජනමාධ්‍යය විසින් කළ වාර්තා සහ අරගලකරුවන්ගේ චෝදනාව පට්ටපල් බොරුවක් වී අවසන්ය. (ඊ්ට අදල නිවේදනය පහත දැක්වේ)

නමුත් මේ වන විට තිබෙන ගැටළුව නම් මේ පට්ටපල් බොරුව සමාජ ගත කළ ජනමාධයට එරෙහිව ගන්නා පියවර ගැනය. මේ ලියන මොහොත වන තුරුත් අදාල බොරු පුවත ලංකාදීප, ඩේලිමිරර් වෙබ් අඩවි වල ප්‍රසිද්ධ කර තිබේ. ඒ ඉවත් කිරීමක් හෝ තමන් පළ කළ පුවත අසත්‍යක් බව හෝ සඳහන් කිරීමට පියවර ගෙන හෝ නැත.

අරගලයේ නිරත ජනතාවත් රටේ සාමාන්‍ය ජනතාවත් මේ සම්බන්ධයෙන් දරණ මතය කුමක්දැයි අප නොදනිමු. එදා මේ බොරුව සමාජ ගත කිරීමට කටයුතු කළ අනෙක් ජනමාධ්‍යයන් හෝ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් හෝ තමන්ට වූ වරද ගැන පැහැදිලි කරන්න උත්සුක වී ද නැත. මෙම බොරුවම නඩත්තු කරගෙන යෑම පමණක් මේ මොහොතේත් සිදු වෙමින් පවති..

තමන්ගේ පාර්ශ්වික වුවමණාවන් මත මෙලෙස බොරු සමාජ ගත කරන අරගලයකින් මේ රටට ජනතාවට බලාපොරොත්තු විය හැක්කෙ කුමක්ද? මේ ජඩ දේශපාලන වුවමණාවනුත්, ජඩ මාධ්‍ය භාවිතයනුත් සහ අරගලකරුවන්ගේ අරගලයත් එකම ජඩ කමක් බව කියා පෑම හැර මෙතන වෙන කිසිවක් නැත.

එම ඇත්ත අද ජනතාව විසින් පිළිගත යුතුය. ඒ පිළිගැනීමට තරම් බරපතල හේතුවක් මානව හිමිකම් කොමිසම ලබා දී තිබේ. රටේ කවර සිදුවීමක් වූවත් එය ජනමාධ්‍යය, සමාජ මාධ්‍යය විසින් වාර්තා කිරීම කෙලෙස සිදු කළත් එය පිළිගැනීමට පෙර ඇත්තටම සිදු වූයේ කුමක්ද යන්න විචාරශීලීව, ගවේෂණශීලීව සොයා බැලීමවිය යුතු බව මෙම සිද්ධිය පසක් කර තිබේ.

මෙම සිදුවීම නිසා ඇවන්ට්ගාර්ඩ් ආයතනයේ මුලස්ථාන ගොඩනැගිල්ලට මැරයන් පහර දී හානිකර තිබිණි. ඇවන්ට්ගාර්ඩ් අධිපතිවරයාගේ නිවසට පහර දී ඒ ගිනි තබා විනාශ කිරීමට මැර අරගලකරුවන් උත්සහ කර තිබිණි. එහෙත් ප්‍රදේශවාසි ජනතාවගේ මැදිහත් වීමෙන් එදා ඒ අරගලයේ නාමයෙන් පැමිණි මැරයන් පාරාජය වී ආපහු හැරී ගියේය. එහෙම නොවන්න කවර විනාශයක් සිදු වන්න ඉඩ තිබිණිද?

රට බොරුවෙන් මුලාකර, රට විනාශ කිරීමට මෙම ජඩ මාධ්‍ය භාවිතය විසින් සිදු කරන දැනුවත් වැරදි ගැන ජනතාව අවධියෙන් සිටිය යුතුය. මෙය දැනුවත්ව සිදු කළ ජඩ වැඩක් බව කියන්නේ, මේ පුවත ප්‍රචාරය කිරීමට පෙර එහි ඇත්ත නැත්ත පරික්ෂා කිරීම ජනමාධ්‍යයේ මූලිකම ආචාර ධර්මයක් නිසය. එය ජනමාධ්‍යවේදියකුට අත් නොහැරිය හැකි වගකීමක් නිසාය. ඒ කවර විමසීමක්වත් නොකර මෙම පුවත ප්‍රසිද්ධ කළේ විනාශයක්ම අපේක්ෂාවෙන් බව සැක නැති කරුණකි.

මේ නිසා ඇත්ත වශයෙන්ම ජනතාව අරගල කරනන් පටන් ගත යුත්තේ තමන්ව නොමඟ යවන මේ ජඩ මාධ්‍ය භාවිතාවන්ට එරෙහිව වන අරගලයකිනි. මන්ද මෙවැනි පට්ටපල් බොරු නිසා අවසානයේ අමාරුවේ වැටෙන්නේ ජනතාවම නිසාය. ජඩ මාධ්‍යය, ජන මාධ්‍යයක් බවට වෙනස් කිරීම කර නොගතහොත් හැමදාම බොරු වළවල් වල වැටී තමනුත් රටත් ජාතියත් සියල්ලම විනාශ වීම පමණක් සිදුවන බව මේ සිදුවීම කිය දෙන අගනා පාඩමකි.

- සූජය

letter1letter 1 aletter 2

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us