09 වෙනිදා රට පුරා භිෂණය වැපිරීමේ සුදානම හෙළිවේ. Featured

Wednesday, 06 July 2022 13:27

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පුරවැසියකුට සිය හැරමිටිය තමන්ට කැමැති විදිහකට කැරකැවීමේ නිදහස සහ අයිතිය ඇත. එහෙත් ඒ නිදහසත් අයිතියත් අනෙක් පුරවැසියකුගේ නහය කෙළවරින් අවසන් වේ. එනම් නිදහස සහ අයිතිය කියන්නේ අනෙකාගේ නිදහස සහ අයිතියට බාධාවක් නොවෙන විදිහට පාවිච්චි විය යුතු බවය. ප්‍රජතන්ත්‍රවාදි සමාජයක නිදහස සහ අයිතිය සීමා වෙන තැන එතැනය. එසේ නොමැතිව ප්‍රජාතන්ත්‍රවාදය පවතින්නේ නැත.

අද මේ රටේ ජනමාධය සහ සමාජ මාධ්‍ය කටයුතු කරන්නේ ද මේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමයකට ඔබින ලෙස නොවේ. මාධ්‍ය භාවිතයට ලැබී තිබෙන අසීමාන්තික නිදහස අද වල්බූරු නිදහසක් දක්වා ව්‍යාප්තව තිබේ. පට්ටපල් බොරු සමජ ගත කරමින් සමාජය නොමඟ යැවීම, සමාජය බෙදාවෙන් කරමින් සමාජය තුළ ගැ‍ටුම් ඇති කිරීම වෙනුවෙන් දැනුවත්ව භාවිතා වේ. මේ දැනුවත්ව භාවිතා කිරීම අතිශය භයානක් තත්වයකි. ශ්‍රී ලංකාව වැනි රටක් ජරාවාස වීමට මේ වල්බූරු මාධ්‍ය භාවිතය ප්‍රධාන හේතුවක්ව තිබේ. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළ මේ වසංගතයක් මෙන් පැතිර තිබේ. සමාජ ජාල තුළ සැරි සරණ තොරතුරු වලින් සියයට අනූවක් වත් පට්ටපල් බොරුය.

ප‍ටු දේශපාලනික අවශ්‍යතා,බඩගෝස්තරය වෙනුවෙන් වන පෞද්ගලික අවශ්‍ය තා, තකඩිකම්, කුහුකකම්, වෛරීසහගත හැඟීම් ආදියෙන් ඒ පිරී පවති.

මෙවැනි තොරතුරු වලට ඕනෑතරම් උදාහරණ පෙන්වා දිය හැකිය. ඒ අතර අතිශය භයානක, අනතුරුදායක විය හැකි පට්ටපල් බොරු තොරතුරු ප්‍රචාරය වීම් ද දකින්නට ලැබේ. මේවා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීමක්ද නියමාකරයෙන් සිදු නොවන බවත් දකින්නට ලැබේ.

ජනමාධ්‍යට හිමි කරගෙන තිබෙන බලය පාවිච්චි කරමින් ඒවාට මුවා වී මෙසේ බොරු පචාරය කරමින් සමාජය නොමඟ යැවීමට එරෙහිව ජනමතයක්ද නිර්මාණය වී නැත. එවැනි දියුණු මානසිකත්වයක් සහිත ජනතාවක් තවම රටේ නිර්මාණ වී නැති බව ඇත්තකි. ඉතා දියුණු ජනතා භාවිතයක් යැයි ඇතැමුන් හඳුන්වනු ලබන ගාලුමුවදොර ජන අරගලයෙනුත් පටට්පල් බොරු සමාජගතකරමින්, අමු ගෝත්‍රක හැසිරීම් ප්‍රදර්ශනය කරමින් තිබීමෙනුත් මෙ රටේ ජනතාවගේ ඇත්ත තත්වය වටහා ගත හැක. මේ ජඩමාධ්‍ය භාවිතයට අවසරයක් ලැබී ඇත්තේ මේ ජනතාවගේ හැටියට යැයි කීමෙහිද වරදක් නැත.

රටක් නිවැරැදි දිශානතියක් දක්වා ගමන් කරන්නේ නම් මේ ජඩ මාධ්‍ය භාවිතයේ යෙදෙන මාධ්‍ය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මහජන විරෝධයක් මෙන්ම ඒවාට එරෙහිව රටේ පිළිගත් නීතිය ක්‍රියාත්මක වීමක් විය යුතුය. එසේ නොමැතිව ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී සාධාරණ නිදහස් සමාජයක් ගොඩනැගිය නොහැක. රජය මේවාට වහා මැදිහත් විය යුතුය. එය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ආරක්ෂා කර ගැනීම රජය සතු අනිවාර්ය වගකීමක්ද වේ.

කෙසේ නමුත් මේ කරුණු මතු කිරීමට හේතු වූයේ මෙලෙස පට්ටපල් බොරු සමාජ ගත කරමින් සමාජය තුළ වෛරී සහගත අදහස් ප්‍රචාරය කරමින් සමාජය ගිනි අවුළුවන්නට සිතා මතා කටයුතු කරන එක්තර වෙබ් අඩවියක ක්‍රියාකාරකම් නිසාය. මෙවැනි වෙබ් අඩවි ගනනාවක් අද ක්‍රියාත්මක අතර ඒ සියල්ලටමත් මේ කියන දේ අදාලය.

සයිබර් නිව්ස් ඩොට් කොම් යනුවෙන් පවත්වාගෙන් යන වෙබ් අඩවියක පසුගියදා පළව තිබූ පුවතක් උදාහරණයට ගෙන මෙය පැහැදිලි කරමු.

මෙම වෙබ් අඩවියෙහි 'ලේ හලන සැලසුමකට “ආණ්ඩුව” සූදානම්. ප්‍රවේශම් වෙන්න,', යනුවෙන් පළව තිබු පුවත කිසිදු සත්‍ය තොරතුරකින් ආවරණය නොවන, පිළිගත හැකි තහවුරු කරන ලද තොරතුරකින් ආවරණය නොවුණු බොරු පල් හෑලි ගොඩක් සමාජ ගත කර තිබිණි.

ඒ අනුව මේ වන විට සමාජය ‍තුළ තැනින් තැන ජවිපෙත් පෙර‍ටුගාමි පක්ෂයත් සිදුකරන විරෝධතා මර්දනය කිරීම වෙනුවෙන් රජය සාහසික මර්දනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ යැයි පැවසේ . ඒ අනුව ජුලි 09 වන දා කොළඹ පැවැත්වීමට සැලසුම් කර තිබෙන විරෝධතා ව්‍යපාරය ලේ වැකි සාහසික මර්දනයකින් කඩාකප්පල් කර එහි වගකීම එම පක්ෂ මත පැටවීමෙ සැලසුමක් ඇතැයි කියා දෙයක් ගැන පවසා තිබේ. කොටින්ම මෙහි ජුලී 9 වනදා යන්න සඳහන් කර තිබෙන්නෙ ජුනි 9 වෙනිදා යනුවෙනි. එම දිනය පවා නියමාකරව සනදහන් කිරීමට තරම් වත් වගකීමක් නැති මෙම වෙබ් අඩවි හිමිකරුවා මෙහි ඉදිරිපත් කර තිබෙන අනෙක් තොරතුරු සියල්ලමත් පට්ටපල් බොරුය.

මෙම වෙබ් පඩංගුවේ ඇති තොරතුරු කිසිදු සත්‍ය තොරතුරක් මත පදනම් වී නැති බව කියන්න හොඳම හේතුව නම් මෙම ජනතා උද්ඝෝෂණ මර්දනය කිරීම සැලසුම් කර ඇත්තේ ඇවන්ට්ගාර්ඩ් අධිපතිවරයා ලෙස සඳහන් වීමය. මේ අනුව මේ වන විට ඇවන්ට්ගාර්ඩ් අධිපති ආරක්ෂක මණ්ඩල රැස්වීම වලට සහභාගී වෙමින් මේ දිනවල ඒ වෙනුවෙන් ක්‍රියාකාරී වෙමින් තිබේ.

පළමු කාරණය ඇවන්ට්ගාර්ඩ් ව්‍යාපාරයේ හිමිකරු නිශ්ශංක සේනාධිපති මේ වන විට විදේශ ගත වී සිටීමය. දැනට මාසයකටත් වැඩි කාලයක් පුරා ඔහු මෙරට නැත. ව්‍යපාරික කටයුත්තු වෙනුවෙන් විදේශ ගත වී මෙරටට ඩොලර් උපයා දීම වෙනුවෙන් ඔහු වෙහෙසකර කටයුත්තක නියැලී සිටී. විදේශ ගතව සිටින මිනිහෙක මෙරට ආරක්ෂක මණ්ඩල රැස්වීම් වලට සහභාගී වෙමින් මෙම මර්දනිය ක්‍රියාමාර්ගය සැලසුම් කරමින් සිටින්නේ කෙසේද යන්න අප දන්නේ නැත. අනෙක ආරක්ෂක මණ්ඩල රැස්වීම් වලට එහෙම කාටවත් සහභාගී විය නොහැක. ජනාධිපතිවරයාට වුව හිතුමතේ කටයුතු කළ නොහැක. එමෙන්ම මේ රැස්වීම හොර රහසේ සිදුකරන්නක් නොව නිත්‍යනුකූල ක්‍රියාපටිපාටියක් අනුව සිදුකෙරෙන්නකි. එයට සහභාගී වන්නේ කවුද කියා ලිඛිතව වාර්තා වේ.

අනෙක මේ ජන උද්ඝොෂණ තුවක්කුවේ බලයෙන් මර්දනය කිරීමට අවශ්‍ය නම් ඒ අමුතුවෙන් සැලසුම් කිරීමක් කළ යුතු නැත. ඒවා සම්බන්ධයෙන් පොලිසිය සහ ආරක්ෂ අංශ වලට පුහුණුවක් මෙන්ම ඊට අවශ්‍ය ක්‍රමවේදයන් උගන්වා තිබේ. එසේම ඒ වෙනුවෙන් නිරන්තර සූදානමක ඔවුන් පසුවේ. අවශ්‍ය වන්නේ ඊට අණ දීම පමණය.

එහෙත් මේ කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී විරෝධතාවකට රජය මෙතෙක් බාධාකර නොමැත. ඒ සියල්ල පැවැත්වීම වෙනුවෙන් ජනතාවට ඇති අයිතිය ආරක්ෂ කර තිබේ. ඒ ගැන පසුගියදා මෙරටට පැමීණි අමරිකානු රාජ්‍ය නියෝජිතයන් විසින්ද අගය කර තිබිණි. ගාලු මුවදොර සහ රට පුරා දැන් මාස තුනකට ආසන්න කාලයක් පුරා කඳවුරු බැඳගෙන කරන විරෝධතාවයන් තවමත් සිදු වෙමින් තිබේ.

රජය යම් බාධාකිරීමක් සිදු කළා නම් ඒ් ප්‍රචණ්ඩකාරී සිදුවීම් වැලැක්වීම වෙනුවෙන් පමණි. කොටින්ම පසුගිය මැයි 09 වනදා ආණ්ඩු පාක්ෂික පිරිසක් ගාලු මුවදොර විරෝධතාවයට පහර දීමට සූදානම් බවට තොරතුරු වාර්තා වෙද්දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වහාම ක්‍රියාත්මක වූයේ එය වලක්වා ගාළුමුවදොර උද්ඝෝෂකයන් ආරක්ෂා කීරීමට බවත් දැන් ප්‍රසිද්ධ කරුණකි. නමුත් ඇතැම් දේශපාලකයන් සහ ඇතැම් පොලිස් නිලධාරීන් ඒ නොතකා කටයුතු කිරීම සිදුවී තිබිණි. ආණ්ඩු පක්ෂයේම පිරිසක් සිදුකරන්න ගිය ප්‍රචණ්ඩ ක්‍රීයාවලියට එරෙහිව ජනාධිපතිවරයා කටයුතු කර තිබිම සත්‍ය තත්ත්වයය.

මැයි 09 වන්දා ගලුමුවදොරට ප්‍රහාරය එල්ල කළ, ඒ සැලසුම් කළ සියලු දෙනාට එරෙහිව අද නීතිය ක්‍රියාත්මක වෙමින් තිබේ. එමෙන්ම රට පුර ප්‍රචණ්ඩව හැසිරුනු පිරිස් වලට එරෙහිවත් නීතිය ප්‍රකාරව කටයුතු කරමින් තිබේ. නීතිය පසිඳළීම අධිකරණයට බාර දී තිබේ. කිසිවකුත් ඝාතනය කිරීමට හෝ නිත්‍යනු නොවන ක්‍රියාමාර්ග හරහා මර්දනය කිරීමට කිසිදු ක්‍රියාාමර්ගයක් රජය ගෙන නොමැත.

මෙම තත්වයන් මත යළිත් වතාවක් ජනතා උද්ඝෝෂණ මර්දනය කිරීමට ලේ වැකි කුමන්ත්‍රන්යක් රාජ්‍යය විසින් ක්‍රියාත්මක කර තිබෙන බවත් කොහෙවත් සිටින ඇවන්ට්ගාර්ඩ් අධිපතිවත් මෙයට ඈදා පට්ටපල් බොරුවක් සමාජ ගත කිරීමෙහි ඇති වුවමණාව කුමක්ද කියන එකත් පැහැදිලි කළ යුතුය.

පසුගිය මැයි 09 වනදා රට පුරා මැති ඇමැතිවරුන්ගේ නිවාස කාර්යාල ආදිය ගිනි තබා විනාශ කළේ ,කොල්ල කෑවේත්, ආණ්ඩු පාක්ෂික ජනතාවගේ පමණක් නොව එජාප සහ සජබ පාක්ෂිකයන්ගේත් නිවාස, කාර්යාල, ව්‍යපාරික ස්ථාන ගිනි තබා කොල්ල කෑමටත් මූලිකව ක්‍රියාකර තිබුණේ සංවිධානාත්මකව බව මේ වන විට සිදු කෙරී ඇති විමර්ශන වලින් පැහැදිලිව තිබේ.

ජුලි 09 වනදා සිදුවීමට නියමිතව ඇත්තේ මෙහිම දෙවන පියවර බවට සමාජය තුළ කසු කුසුවක් නිර්මාණය වෙමින් තිබේ. එසේම රාජ්‍ය බුද්ධි සේවාවන්ටද ඒ් පිළිබඳ සැකයක් ඇතිව තිබේ නම් එයත් සාධාරණය.

ජවිපෙ නායකත්වය කෙරෙන්ම ජුලි 09 වනදා සිදුවන්නේ මැයි 09 වනදා සිද්ධියෙහි දෙවන පියවර නැතිනම් දෙවැනි රැල්ල බවට ප්‍රකාශ කර තිබෙන වටපිටාවක ජුලි 09 වනදා මහා විනාශයක් සිදු වීමට නියමිත බවට සැක කිරීම වැරදි නැත.

මේ සම්බන්ධයෙන් ජවිපෙ සහ අණ්ඩුවට එරෙහිව ජනතා උද්ඝෝෂණයන්ට පක්ෂව කරුණු දක්වන බොහෝ සමාජ මාධ්‍යකරුවන්ද සමාජ මාධ්‍ය මඟින් ජනතාව උසි ගන්වමින් සිටින්නේ රට ගිනි තැබීමේ දිසාවට යොමු වෙන ලෙස ඉල්ලීම කරමින්ය.

මේ අනුව පැහැදිලි වන්නේ රට පුරා මහා ප්‍රචණ්ඩත්වයක් වපුරා පවතින පාලනය පෙරළා දැමීමේ සහසික ප්‍රචණ්ඩ උත්සාහයක් ක්‍රියාත්මක බවය. ගිනිතැබීම්, පහර දීම්, ඝාතනයන් සිදු විය හැකි අනතුරක් පැහැදිලිව තිබේ. එමෙන්ම මෙය ජවිපෙ, පෙර‍ටුගාමින් හෝ වෙනත් බලවේගයක් විසින් සංවිධානත්මකව සිදු කිරීමට සැලසුම් කර ඇතැයි යන සැකය තිබේ.

මේ අනුව ප්‍රජාතන්ත්‍ර විරෝධි,නීති විරෝධී, ප්‍රචණ්ඩකාරි, ත්‍රස්තවාදී කටයුතු සිදු වෙනු ඇත. එහෙත් මේ දුෂ්ඨ ත්‍රස්ත බලවේග ආරක්ෂා කරගැනීම වෙනුවෙන් දැන් මේ බොරු සමාජගත කරන වෙබ් අඩවිකරුවා කියන්න හදන්නේ මේ ත්‍රස්ත ක්‍රියාවන් රජය සහ ඇවන්ට්ගාර්ඩ් අධිපතිගේ සැලසුමක් අනුව සිදු කෙරෙන්නක් බවය. එමඟින් ඇත්ත ත්‍රස්තයන් අහිංසකයන් කිරීමේ වුවමණාව මෙම වෙබ් පුවත මඟින් වෙලාසනම පෙන්නුම් කිරීමෙන්ද පැහැදිලි වන්නේ මේ සියලු පිරිස් එකම දාමයක පිරිසක් වන බවය. ජුලි 09 වනදාට නියමිත ප්‍රචණ්ඩ ක්‍රියාවන් රජය මත පටවා ඇත්ත ත්‍රස්තයන් නිදහස් කරගැනීම මොවුන්ගේ මේ වුවමණාව බව පැහැදිය.

මෙම පට්ටපල් බොරු සමාජ ගත කරන පිරිස් සම්බන්ධයෙන් රජය නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුව ඇත. මන්ද මේවා නිසා අමාරුවේ වැටෙන්නේ මේ රටේ අහිංසක ජනතාවය. ඔවුන්ව ප්‍රචණ්ඩත්වයට පොළඹවා ගැනීම මඟින් සත්‍ය ලෙසම තමන්ගේ සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් යම් කෙනෙකු මේ මොහොතේ සාමකාමීව උද්ඝෝෂණයක නිරතවන්නේ නම් ඔවුන්වත් යම් උගුලක පැටලැවීම මෙයින් සිදු වෙයි.

රජය නිතිය ක්‍රියාත්මක කිරීමට යෑමේදී මෙම අහිංසකයන්ටද පීඩාවට පත්වීමට සිදුවෙයි, අත්අඩංගුවට ගැනීම් සිදු වෙයි, නඩු හබ වලට පැටැල්වීමට සිදුවෙයි. එම අවස්ථාවන් පාවිච්චි කර, සාමකාමී අරගලකරුවන් මර්දනය කරනවෝ කියමින් යළිත් රජයටම එරෙහිව විරෝධතාවන් සිදු කළ හැකි බව මේ සටකපට වැඩ සංවිධානය කරන දේශපාලන කණ්ඩායම් අත්දැකීමෙන්ම දන්න දෙයකි. ඔවුන් අහිංසක ජනතාව තමන්ගේ පටු දේශපාලන වුවමණාවන් වෙනුවෙන් පාවිච්චි කිරීම ඉතිහාසය පුරා සිදුවන්නකි. මළකඳන් උඩින් දේශපාලනය කිරීමට මේ අය ඉතා දක්ෂය.

රට ගිනි තබා එහි ප්‍රතිපලයන් විසින් ඇතිකරන තත්වයන්ද තමන්ගේ වාසිය වෙනුවෙන් යොදාගැනීමට දැන්ම තියා සූදානම් වීමක් බව මෙම වෙබ් පුවත මඟින්ම සනාතකරන දෙයයි. රට වැසියන් මේ පට්ටපල් බොරු පුවත් වලින් පරිස්සම් විය යුත්තේ තමන්ගේ නිදහස සහ අයිතීන් ආරක්ෂා කරගමින් තමන්ගේ වුමණාවන් දිනා ගත යුතු බැවිනි.

මෙම වෙබ් අඩවියේ සඳහන් තොරතුරු අනුව ඇවන්ට්ගාර්ඩ් අධිපතිවරයා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට යළිත් සඳහන් කර තිබේ. මෙම පට්ටපල් බොරුව සමාජ ගත කළේ සජබයේ අශෝක අබේසිංහ මන්ත්‍රීවරයා විසිනි. කිසිදු සාක්ෂියක් , පදනමක් නොමැතිව ඔහු මේ ගැන මාධ්‍යයට ප්‍රකාශ කර තිබු අතර ඒ සම්බන්ධයෙන් පොලිස් ප්‍රශ්න කිරීම වලදී ඒ සම්පූර්ණයෙන්ම අසත්‍ය, පදනම් විරහිත ප්‍රකාශයක් බව ඔහුට පවසන්නට සිදුව තිබිණි. ප්‍රසිද්ධියේද ඔහුට ඒ බව කියන්නට සිදුවිය.

දැන් මේ වෙබ්කරුවා එම බොරු තොරතුර නැවත සමාජ ගත කරයි. ඇවන්ට්ගාර්ඩ් ආයතනයට එරෙහිව තිබූ සියලු චෝදනාවලින් එම ආයතනය නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය කටයුතු කර තිබේ. එකදු රුපියලක හෝ වංචාවක් සිදුවී නැති බව අධිකරණ යමුවේ ඔප්පු කෙරිණි. නීති විරෝධි කිසිදු කටයුත්තක් සිදු නොවුණු බව අධිකරණය හමුවේ ඔප්පු විය.

ගාලු මුවදොර උද්ඝෝෂණයට පහරදීමට සිරකරුවන් යොදා ගත්තාය එය සිදු කළේත් ඇවන්ට්ගාර්ඩ් අධිපති බවට එම උද්ඝෝෂණයේ නිරත වූවන් චෝදනා කළද එම චෝදනාවෙන්ද ඇවන්ට්ගාර්ඩ් ආයතනය නිදොස් කොට නිදහස් කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කටයුතු කර තිබිණි.

ඇවන්ට්ගාර්ඩ් අධිපතිවරයාගේ දේශපාලනික පාක්ෂික භාවය අනෙකකි. මේ රටේ ඕනෑම පුරවැසියකුට තමන්ගේ අවබෝධය, කැමැත්ත, වුවමණාව, පරිදි දේශපාලන අදහස් දැරීමටත් දේශපාලන පක්ෂයක්ට සහය දැකිවීමේත් අයිතිය තිබේ. ඒ අයිති ඇවන්ට්ගාර්ඩ් අධිපතිවරයාටත් ඇත.ඔහු ඒ අනුව කටයුතු කිරීම කිසිසේත්ම වැරදි නැත.

නමුත් දේශපාලනික පාක්ෂික භාවය පදනම් කරගෙන මේ රටේ සිදු වූ හෝ නොවුණු, සිදුවීමට නියමිත යැයි කියන යම් නීති විරෝධී කටයුත්තකට ඔහුව සම්බන්ධ කර පට්ටපල් බොරු පුවත් සමාජ ගත කිරීම සිදුවෙයි.

එසේ වන්නෙ මේ ජඩ මාධ්‍ය කරුවන්ගෙ පටු දේශපාලන පක්ෂපාතීකම අනුවය. ඔවුන්ට ද තමන්ගේ දේශපලන්යක් කිරීම අයිතිය නිදහස ඇතත් අනෙකෙකුට චෝදනා කිරීමේ දී අඩුම තරමින් ජන මාධ්‍ය භාවිතාව අනුව, ආචාරධර්ම අනුව නිවැරදි, අපක්ෂපාත, සාධාරණ, සත්‍ය තොරතුරු, තහවුරුවකින් පසුව සිදු කළ යුතුය. එය අත්හල නොහැකි වගකීමකි..

අප මේ කියන වෙබ් කරුවා ඊටත් එහා ගොස් ප්‍රචණ්ඩ භාවිතයක නිරතවන්නෙකු බව පැහැදිලිය. යම් ලෙසකින් ජුලි 9 වනදා රට තුළ යම් ප්‍රචණ්ඩ ත්‍රස්ත ක්‍රියාදමයක් සිදුවුවහොත් ඊට පසුබිම සකසන්නකු ලෙස මෙම වෙබ් කරුවා හඳනාගත හැකිය. ඔහුද එම සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙක් විය හැකිය. මොහු කවුරුද යන්න හෙළි කළ හැකි තොරතුරු අප සතුව ඇතත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම නීතියටම බාර දෙමු.

නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලින් විය යුත්තේ මෙලෙස පටට්පල් බොරු සමාජගත කර, සමාජය නොමඟයවන, සමාජය කැළඹීමකට පත් කරන, සමාජ සාමය විනාශ කරන මේ සාහසික සමාජ මාධ්‍යයන් ක්‍රියාත්මක කරන ජඩයන් අත් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමය.

මේ සමාජ පිළිලයන්ය. සමාජය තුළ වැජඹෙමින්, එයින් පෝෂණය ලබමින්, සමාජය විනාශ කරන්නන්ය. ඒවා මර්දනය කිරීම මේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ පැවැත්මට අත්‍යාවශ්‍යය. ඊට විරුද්ධ විය හැක්කේ රටට ද්‍රෝහී ත්‍රස්තවාදී වුව්මණාවන් මත වැඩ කරන පිරිස් වලට පමණය.

 

-the novemberist

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us