රට අරාජික නොකර ගොඩ ගැනීමේ වෑයමට එක්වනු !

Sunday, 17 July 2022 12:42

නීතියේ ආධිපත්‍යය හැම විටම වැදගත්ය. එය බිඳ දැමුව හොත් අප නැවත ගමන් කරන්නේ වනචාරී යුගයක් කරා බව සිහි තබා ගත යුතුය.

බල හුවමාරුව සිදු විය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදි ආකාරයකටය. ඊට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන ව්‍යවස්ථාව තුළ තිබේ. ව්‍යස්ථා වෙනසකට වුව යා යුත්තේ පිළිගත් නීතියට ගරු කරමින් එහි සඳහන් උපදේශනවලට අනුවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටේ මූලික නීතිය බව අප වටහාගත යුතුය. ඊට පිටින් යෑමේ හැකියාවක් කිසිවකුට නැත.

රට අරාජිත තත්ත්වයක් කරා ඇදී ගිය හොත් සිදු වන ඛේදවාචකයේ තරම සිතා ගන්නට බැරි තරම්ය. ලක්ෂ පහළොවකට වැඩි රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන්නේ කවුද? විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් ගෙවන්නේ කවුද? තෙල්, ගෑස්, ඖෂධ මේවා මිලට ගන්නේ කෙසේද? අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් ගැන වගකියන්නේ කවුද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡා මේ වන විට අඩාළ වී ඇත. එය පවතින්නේ රට ගොඩනැඟීමේ අවසන් තුරුම්පුව හැටියටය. පවතින තත්ත්වය තුළ අයි.එම්.එෆ් ණය අහෝසි වන්නටත් බැරිකමක් නැත. මේවා පිළිබඳ වගකීමකින් ක්‍රියා කිරීම සෑම පාර්ශ්වයකම යුතුකම වෙයි. රටේ අනාගතය දෙස බලා එම වගකීම ඉටු කරන්නට කවුරුත් වග බලාගත යුතුය.

දේශපාලන පක්ෂ හා ඒවායෙහි නායකයන් ද සද්භාවයකින් ක්‍රියා කළ යුතුය. තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රවලට අනුව වැඩ කිරීමේ හැකියාවක් මේ මොහොත තුළ නැත. පළමුව අර්බුදයෙන් රට බේරාගෙන නිදහස් හා සාමකාමි සමාජ ආර්ථික හා දේශපාලනික පසුබිමක් නිර්මාණය කරගත යුතුය. තනි පාර්ශ්වයකට එය ඉටු කිරීමේ හැකියාවක් නැත. සාමූහික වගකීම මෙහිදී වැදගත් වෙයි. දේශපාලන පක්ෂවලට හා ඒවායෙහි නායකයන්ට පොදු එකඟත්වයක් කරා යෑමට සිදුවනු ඇත. එය අත්‍යවශ්‍ය සාධකයකි. එලෙසම අරගලකරුවන් ද ප්‍රචණ්ඩත්වයෙන් හා බලහත්කාරයෙන් ඉවත් විය යුතුය.

-මහේෂි

Leave a comment

Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

Connet With Us