ජවිපෙ රනිල්ගේ සාකච්ඡාව මඟ හැරියේ ඇයි? බෑ කිව්වේ අනුරද ? පක්ෂයද? Featured

Thursday, 11 August 2022 16:17

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ ඒකාබද්ධ කරගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවක් හෝ වැඩපිළිවෙලක් නිර්මාණය කර, රට මෙම මොහොතේ මුහුණ දෙන අර්බුදයයන්ගෙන් මුදවා ගැනීම සඳහා සාමුහික උත්සාහයක් ගත යුතු බවට යෝජනාව පසුගිය කාලය පුරාම සිදු කරමින් සිටියේය. ඒ අනුව එම සියලු දේශපාලන පක්ෂ කණ්ඩායම් වෙත ලිඛිතවම ඒ දැනුම් දීමටද කටයුතු කර සිටියේය.

ඒ අනුව දේශපාලන පක්ෂ හා වෙන්ව සිටින කණ්ඩායම්ද ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා වලට සහභාගී වූ අතර එහිදී තම තමන්ගේ යෝජනා ලබා දීමද සිදු කර තිබිණි.

ජනාධිපතිවරය සමඟ වන සාකච්ඡාවට ජාතික ජන බලවේගය ( ජනතා විමුක්ති පෙරමුණ) ද සම්බන්ධ වන බවත් ඒ අනුව පසුගිය 09 වෙනිදා ඒ වෙනුවෙන් යොදා ගැනීමට තීරණය කර තිබෙන බවටත් ජාජබ මන්ත්‍රී විජිත හේරත් පසුගිය 07 වෙනිදා මාධ්‍යට දැනුම් දීමටද කටයුතු කර තිබිණි. එහෙත් හිටි හැටියෙම 08 වෙනිදා සවස ප්‍රකාශ කර සිටියේ එම සාකච්ඡාවට ජවිපෙ සහභාගී නොවන බවය.

අනුර කියන විසඳුම

කෙසේ නමුත් ජවිපෙ නායක අනුරකුමාර දිසානායක පසුගිය මාස කිහිපය තුළම පෙනී සිටියේ වත්මන් අර්බුදය විසඳීම වෙනුවෙන් සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවය. ඒ වෙනුවෙන් සිය පක්ෂයේ උපරීම සහය පළ කරන බවත් අවධාරණය කර තිබිණි.

එහෙත් ජවිපෙ නායකයා එවැනි ස්ථාවරයක සිටියත් පසුගිය 07 වෙනිදා මාධ්‍ය සාකච්ඡාවේදී විජිත හේරත් පවසා සිටියේ සාකච්ඡාවට තමන් සහභාගී වන නමුත් සර්වපාක්ෂික ආණ්ඩුවකට එකතු නොවන බවත්ය. එසේම ආණ්ඩුවක් වෙනුවට සර්වපාක්ෂික වැඩ පිළිවෙලක්ට සහය දෙන බවත්ය. ඊට පැය 24ක් යනන් කලින් සාකච්ඡා සඳහා සහභාගී නොවන බව ප්‍රකාශ කිරීම විමතිය දරණ කරුණක් විය.

මේ වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ඇතුලු විපක්ෂයේ අනෙක් පක්ෂ කණ්ඩායම් සියල්ලම පාහේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා සිදුකර තිබුණු අතර එහිදී ජනාධිපතිවරයා සමඟ එකඟතා ගනනාවක්ට එළැඹීමටද ඔවුන්ට හැකිව තිබිණි.

රනිල්ගේ විසඳුම හරිම එකද?

විශේෂයෙන්ම පාර්ලිමේන්තු සැසිවාරය විවෘත්ත කිරීමේ අවස්ථාවේදී ජනාධිපතිවරයා කළ විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් බොහෝ දේශපාලන පක්ෂ වල ප්‍රසාදය හිමිව තිබිණී. එහිදී ජනාධිපතිවරයා අපේක්ෂා කරන විසඳුම් යෝජනා ප්‍රකාශයට පත්වුණු අතර එම වැඩ පිළිවෙලත් පසුගිය කාලයේ අරගලයෙහි නිරතව සිටි කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන යෝජනා සමඟද බොහෝ සමානකම් තිබිණි. මේ අනුව මේ සියළු පාර්ශ්ව අතර බරපතල විරෝධතා දකින්නට නොලැබුණු අතර සාකච්ඡා මාර්ගයෙන් හොඳම විසඳුමක් වෙත පිවිසීමේ ඉතා විවෘත්ත අවස්ථාවක් නිර්මාණය වී තිබේ.

මේ අනුව මෙහිදී ජනතා විමුක්ති පෙරමුණ නැතිනම් ජාතික ජන බලවේගයේ විසඳුම් යෝජනාද මෙම සාකච්ඡාව සඳහා ඉදිරිපත් විය යුතු වීම ජනාධිපතිවරයා මෙන්ම මෙරට ජනතාව අපේක්ෂා කළ දෙයකි. එම යෝජනා ක්‍රියාත්මක වීම නොවීම කුමක් වූවත් එම යෝජනා ලබා දී සාකච්ඡා කිරීමවත් විය යුතුව තිබිණි.

ජවිපෙ තීරණාත්මක අවස්ථාවක් මඟ හැරීම

ජවිපෙ කවර ආණ්ඩුවක් ගන්න වූ තීන්දු තීරණ වලට විරුද්ධ වීම හැර ආණ්ඩුවක් සමඟ එකඟතා සහිතව කටයුතු කරමින් රටත් ජනතාවත් වෙනුවෙන් පෙනි සිටින අවස්ථා ඔවුන්ගේ ඉතිහාසයේ විරල බව ඇත්තකි. එහෙත් මේ ඒ ඉතිහාසයේ පුරුදු අනුව කටයුතු කළ හැකි අවස්ථාවක් නොවේ. විශේෂයෙන්ම මෙරට ජනතාව මේ අසීරු මොහොතේ ජවිපෙ තමන් වෙනුවෙන් ඉදිරිපත් කරන විසඳුම් හෝ ඒවා ක්‍රියාත්මක කරගැනීමට ඔවුන් දරණ වෑයම ගැන දැක බලා ගන්න කැමති බවට සැක නැත.

කොහොම නමුත් දැන් එම ජවිපෙ තීරණාත්මක අවස්ථාවක් මඟ හැර තිබේ. ජවිපෙ මේ තීන්දුව ගත්තේ කිනම් සාධාරණ යුක්ති සහගත පදනමක සිටද යන්න මෙතෙක් පැහැදිලි නැත. ඇතැම් ප්‍රකාශ වල දැක්වූයේ මේ වන විටත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවක් පිහි‍ටුව ඇති බවත් ඊට තමන් සම්බන්ධ නොවෙන්න ගත්ත තීරණය නිසා සාකච්ඡාවලින් ඉවත් වූ බවය.

ජනාධිපතිවරයා අගමැතිවරයෙක් නම් කර කැබිනට් මණ්ඩලයක් පිහි‍ටුවා ගත්තේ දිගටම ආණ්ඩු කරවීම වෙනුවෙන් නොවේ. මෙය පැහැදිලිවම සර්වපාක්ෂික ආණ්ඩු පාලනයක් බිහිවන තෙක් වූ තාවකාලික ආණ්ඩුවකි. රට පවත්වාගෙන යෑම වෙනුවෙන් වූ දේශපාලනික ස්ථාවරත්වයක් අවශ්‍ය නිසා එම කැබිනට් මණ්ඩලය පත් කරන ලදී. එම නිසා ජවිපෙ සාකච්ඡා ප්‍රතික්ශේප කිරීමට මෙය සාධාරණ හේතුවක් වන්නේ නැත.

අනෙක් කාරණය ජනාධිපතිවරයා සියලු පක්ෂ කැඳවන්නේ තමන්ගේ ප්‍රතිපත්ති ,වැඩ පිළිවෙල අනුව තමන්ගේ ආණ්ඩුවක් පිහි‍ටු වන බව දැනුම් දීමට නොවේ. පිහි‍ටු වීමට යෝජනා කර ඇති සර්වපාක්ෂික පාලනයක් හෝ වැඩපිළිවෙලක් ගැන සාකච්ඡ කොට සම්මුතියකට එළැඹීමටය.

මන්ද අද වඩාත්ම අවශ්‍යව ඇත්තේ රට මුහුණ දෙන අර්බුදකාරී වාතාවරණයෙන් රටත් ජනතාවත් මුදවාලීමය. එය හදිසි අනිවාර්ය කටයුත්තකි. අර්බුදය ජය ගැනීමට මෙම මොහොතේදී නොහැකි වුවහොත් ඉදිරිය මේ පවතින තත්වයට වඩා බයංකර වෙනු ඇත. මහා විනාශයන්ගෙන් රට පීඩා විඳීම නියතයක් වනු ඇත.

ජනමතය පෙන්වන මැතිවරණයක්

දේශපාලන පක්ෂ වලට ජනමතය පෙන්වීමට හදිසි මැතිවරණයක් අවශ්‍ය නම් එය සිදු කළ යුත්තේ රට ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා අවම වැඩ සටහනක් හෝ සැකසීමෙන් අනතුරුවය. එසේ නොමැතිව මැතිවරණයකින් පසුව බලයට පත්වන කවර පාර්ශ්වයක් හෝ යළි ඇද වැටෙන්නේ පවතින තැනට වඩා අසීරු අඩියකට බව අමුතුවෙන් කිව යුතු නැත. පසුගිය මාස කිහිපයේ වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් නිසා අරාජිකත්වයට රට ඇදවැටීමේ අනතුරක් ද තිබු අතර එමඟින් ඒ මොහොත් රටේ අවශ්‍යතා වෙනුවෙන් ගත යුතු තීන්ද තීරණ ගැනීමට නොහැකි වීමෙන් වූ හානියද රට අත්වින්ද බව අමතක නොකළ යුතුය. එසේම මැතිවරණයකින් පත්වන ආණ්ඩුව කුමක් වේදැයි කිසිදු අනාවැකියක් කිව නොහැකි අතර රටේ දේශපාලන ස්ථාවරත්වය හෝ පවත්වාගෙන යෑමට හැකි වෙනු ඇතැයි කිව නොහැක.

මේ නිසා එම අවදානම් සහගත තීන්දුව ගැනීමට පෙර මේ මොහොතේ වඩාත් හොඳම , ප්‍රායෝගික, යතාර්ථවාදී විසඳුම ව්නනේ වත්මන් පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත්කර යම් කාල සීමාවක් තුළදී රට යම් නිවැරදි මාර්ගයකට ගැනීමය.

පාර්ලිමේන්තුවෙන් එළියේ ජනමතය, පාර්ලිමේන්තු සංයුතියට වඩා වෙනස් යැයි කියමින් මෙම සාකච්ඡ මඟ හැරීමද ඉතා බොළඳ විරෝධයකි.

ජනාධිපතිවරයා මේ එළියේ ජනමතය නියෝජනය කරනවාය කියන අරගලකාරී පාර්ශ්ව වලටද ආණ්ඩුකරණය සඳහා සම්බන්ධ වීමේ ක්‍රමවේදයන් යෝජනා කර තිබේ. ඒ අනුව රටේ ජනමතය සර්ව පාක්ෂික ආණ්ඩුකරණයෙන් වියුක්ත වන්නේ නැත.

කොහොම නමුත් මේ විසඳුම් වැඩ පිළිවල වලින් සියල්ල සම්පූර්ණ වන්නේ නැත. වැදගත්ම දේ මේ මොහොතේ රට මුහුණ දෙන දැඩි අර්බුදකාරිත්වයට සියලු පාර්ශ්ව වල සක්‍රීය සහභාගිත්වය ලබමින් වඩා හොඳම විසඳුමක් වෙත යෑමය.

ජවිපෙ නායකයාට එරෙහිව පක්ෂය

ජනමතය හැසිරවීම කෙරෙහි ඉහළ බලපෑමක් සිදු කරන ජනතා විමුක්ති පෙරමුණ මේ අවස්ථාව මඟ හැරීම දේශපාලන කුහකකමද, වෙනයම් තක්කඩි කමක්ද, මුග්ධකමද යන්න අපැහැදිලිය. ජවිපෙ නායකයා දිගින් දිගටම පෙනී සිටී ස්ථාවරයෙන් ජවිපෙ වෙනස්වීම ද ගැටලු සහගතය. එය පක්ෂ අභ්‍යන්තරයේ මත ගැටුමක්ද ,බල ගැටුමක්ද යන්න ද සැක සහිතය. මන්ද ඇතැම් නායකයන් පාර්ලිමේන්තුව වටලා බලය අත්පත්කර ගත යුතු බවට වහසි බස්ද දොඩමින් සිටින බව තවමත් පෙනෙන්නට තිබෙන නිසාය.

කොහොම නමුත් ජවිපෙ සම්බන්ධ ප්‍රකට කතා අනුව ජවිපෙ නායකයාට තනි තීන්දු ගත නොහැකි බව කියැවේ. ජවිපෙ දේශපාලන මණ්ඩලයේ, මධ්‍යමකාරක සභාවේ, නැතිනම් සමස්ත පක්ෂයේ තීන්දු තීරණ අනුව නායකත්වයට කටයුතු කළ හැකි බවත් කියැවේ. එසේම පසුගිය කාලයේ හතර දෙනාගේ කල්ලියක් සියළු තීන්දු තීරණ ගන්නා බවට චෝදනා ගැනද අහන්නට ලැබී තිබිණි.

මේ අනුව ජවිපෙ නායකයාගේ හෝ හතර දෙනාගේ කල්ලියේ හෝ තීන්දුවට පක්ෂ සංවිධාන එරෙහි වූවාද යන්න ගැන සාධාරණ සැකයක් ඇතිවන්නේ පැය කිහිපයක් ඇතුළත ගත් තීන්දුවට පරස්පර තීන්දු ප්‍රකාශට පත් වීම නිසාය. පසුගිය අරගල සමය තුළ ඒ සම්බන්ධයෙන් ජවිපෙ මත ගනනාවක් ප්‍රකාශයට පත් වූ අතර විවාදාපන්න තත්වයක්ද විය.

කෙසේ නමුත් ජවිපෙ තුළ වන දේශපාලන ගැටුම්කාරිත්වය ජවිපෙ විසඳා නොගන්නේ නම් එහි විපාක බුක්ති විඳින්න ලැබෙන්නේත් මේ රටේ ජනතාවට බවත් කිව යුතුය. ජනාධිපතිවරයාත් පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂත් යම් කිසි ආකාරයක සර්වපාක්ෂික ආණ්ඩුවකට හෝ වැඩ පිළිවෙලකට එකඟවීම සිදුවිය හැකිව තිබෙන අතර එහිදී ජවිපෙ එයට එරෙහිව ගොස් එම පාලනය කඩාකප්පල් කිරීමට කටයුතු කරන්නේ නම් සිදුවිය හැක්කේ රට කඩා වැටීම තවත් ඉක්මන් කරවීම පමණය.

ජනාධිපතිරයා ජවිපෙ නායකයාට යොමුකරන ලද ලිපිය පහත දැක්වේ.

anura letter 2

Leave a comment

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us