දළදා පෙරහැර නැරඹීමට මෙතරම් ජන ගඟක් ආවේ ඇයි? Featured

Saturday, 13 August 2022 13:49

මහනුවර ‌‌ඓතිහාසික දළදා පෙරහැර සියළු සංස්කෘතිකාංග සහිතව අති උත්සවශ්‍රීයෙන් මෙවර පැවැත්වූයේ වසර කිහිපයකට පසුවය. කෙසේ නමුත් මෙවර දළදා පෙරහැර මෑත ඉතිහාසයේ වැඩිම ජන සහභාගිත්වය සහිතව පැවැත්වුණු බවත් වාර්තා වී තිබේ.

රට ආර්ථික ගැටලු පදනම් කරගෙන අනේක විධ ප්‍රශ්න ගනනාවකට මුහුණ දී තිබියදී දළදා පෙරහැර දැක බලා ගැනීමට සහ ඒ ආශ්‍රිත ආගමික සහ සංස්කෘතික කටයුතු වෙනුවෙන් අති විශාල ජන සහභාගිත්වයක දකින්න්ට ලැබීම විශේෂ තත්වයකි.

මෙරට ජනතාවගේ විශ්වාසය අනුව දන්ත ධාතූන් වහන්සේ යනු මෙරට මුහුණදෙන යම් ආපදා අවස්ථාවලදී පිහිට වන අති පූජනීය වස්තුවකි. දන්ත ධාතුන් වහන්සේ පෙරහැර වෙනුවෙන් මැදුරෙන් පිටතට වැඩමවීම වැසි වර්ෂා ලැබී රට සශ්‍රීක වීමට හේතුවකි. එමෙන්ම මීට පෙර යම් යම් නියං සමයන්හීදී දන්ත ධාතුන් වහන්සේ අරඹයා පුද පුජා පැවැත්වීමෙන් පසුව වැසි ලැබුණා යැයිද කියැවේ. ඒ කෙසේ වෙතත් දන්තධාතුන් වහන්සේ යනු මෙරට ආරක්ෂා කරන යම් බලවේගයක් සහිත පූජනීය වස්තුවක් බවට වන විශ්වාසය අද දක්වාම මෙරට බෞද්ධ පමණක් නොව අනෙකුත් ආගමික ජනතාව තුළ පිළිගැනීමක් සහ භක්තියක් තිබෙන්නකි. රටේ සෑම පාලකයකුම එයට හිමි ගෞරවය, උත්තමබව ලබා දෙමින් ඒ රැකගන්න කටයුතු කරන්නේ ඒ නිසාය.

රට ගැනල තමන් ගැන සුබවාදී බලාපොරොත්තු දල්වන මේ අති පූජනීය දන්ත ධාතූන් වහන්සේ වැද පුද එහි ආශිර්වාදය ලබා ගැනීමට අති විශාල පිරිසක් රැස්වීම එක අතකින් අනාගතය ගැන සුබවාදී බලාපොරොරත්තු තබාගෙන මෙම ජනතාව සිටින බවට උපකල්පනයකට පැමිණිය හැකි සංකේතාත්මක සිදුවීමක් ලෙසද සැලකිය හැකිය.

kandy

රටක සංවර්ධනය තීරණය කරන සාධක අතර ආර්ථික මූලෝපායන්, දේශපාලන ස්ථාවරත්වය, මූලික සාධක අතර වේ, එවැනි අනෙක් සාධක අතර තවත් වැදගත් සාධකයක් වන්නේ එම රටේ පුරවැසියන් රට ගැන සමාජය ගැන සහ තමන්ගේ ජීවිතය ගැන දරන සුබවාදී ආකල්පයයන්ය. අසතුටෙන් අපේක්ෂාභංගත්වයෙන් සිටින ජනතාවක් සමඟ රටක් ගොඩනැඟීම කළ නොහැක.
පසුගිය කාලය පුරා මේ රට පුරවැසියන් මුහුණ දී සිටි ආර්ථික සාමාජීය අර්බුදකාරී වාතාවරණය තුළ මේ සුබවාදී අනාගතවාදී ආකල්පයන් පුරවැසියන්ගෙන් ගිලිහී තිබිණි.

පාලකයා කෙරෙහි ද්වේශය, පිළිකුල මෙන්ම ඔවුන්ව විනාශ කර දැමිය යුතුය කියන මතය දැඩි ලෙස පැතිර තිබිණි . රජය ජනතාව වෙනුවෙන් ගන්නා පියවරයන්ට අකුල් හෙළමින් කඩාකප්පල් කරමින් සිටින පිරිස්ද සිටියහ. එමෙන්ම බොහෝ පිරිසක් රට අත්‍හැර යන තැනට පත්වූ අතර ලක්ෂ ගනනක පිරිසක් ඒ වෙනුවෙන් උත්සාහ දරමින් ද සිටී.

එහෙත් රට මුහුණ දී තිබෙන ඇත්ත ප්‍රශ්න වලට නිවැරදි සහ කඩිනම් විසඳුම් ලබා දීමට එවකට පාලක පංතිය අසමත් විය. නැතිනම් ඒ වෙනුවෙන් ඔවුන්ගේ ඒකමතික බාවයක් නොතිබිණි.

පොදු ජන අරගලය ලෙසින් මතු වූයේ මේ පුරවැසියන්ගේ පීඩනය පොලා පැනීමකි. රට ඉතා කෙටි කාලයක් තුළ බංකොලොත් තත්වයකට පත් කළ පාලකයන් පන්නා දැමීම දක්වා අරගලය තිව්‍ර විය.

කෙසේ නමුත් අවසානයේ ජනතාවට යම් බලාපොරොත්තු සහගත හැඟීමක් ගෙන දුන්නේ රනිල් වික්‍රමසිංහ නම් ජේෂ්ට දේශපාලනඥයාය. ඔහු විපක්ෂය නියෝජනය කළ එජාපයේ එකම මන්ත්‍රී වරයා ලෙසත් මේ බලාපොරොත්තු සහගත ආකල්පයන් වර්ධනය කිරීමට සමත්ව තිබිණි.

අර්බුදය කුමක්ද? එහි දිග පළල ගැඹුර පිළිබද ඉතා ඉහළ අවබෝධයක් ඔහු සතුව තිබූ අතර අර්බුදයට විසඳුම කුමක්ද යන්න ගැන ස්ථිර අදහසක් සහිතව ඔහු සෘජුව ඒ වෙනුවෙන් පෙනී සිටියේය.

රට අර්බුදයෙන් මුදා ගැනීමේ යම් කිසි අදහසක් ඇත්තේ රනිල් වික්‍රමසිංහට පමණක්ය යන්න ගැන පුරවැසියන් තුළ විශ්වාසයක් ගොඩනැගීම ඒ අනුව සිදු විය.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ආණ්ඩුව විසුරුවා හැර ආණ්ඩුව බාර ගැනීමට විපක්ෂයට කළ ආරාධනය පිළිගැනීමට විපක්ෂය මගහැර දැමීම තුළ, ගෝඨාභයට සිදුවූයේ පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයකු වූ රනිල් වික්‍රමසිංහට මෙය බාර ගන්නා ලෙස බපෑම් කිරීමටය. ඔහුට වෙනත් විසඳුමක් නැති විය. එසේම ඒ අභියෝගය බාරගැනීමට රනිල් වික්‍රමසිංහ තීරණය කළේ ඔහු සහ ඔහුගේ පක්ෂය සම්බන්ධයෙන් බරපතල දේශපාලන අවදානමක් දරාගෙනය.

ඒ අනුව අගමැති ලෙස ඔහු පෙන්වු පරිචයත්. පසුව ගෝඨාභය ඉවත් වීමෙන් පසුව රටේ දෙශපාලන වියවුල්කාරිත්වය කළමණාකරනය කරගෙන ජනාධිපති ධුරයට පත්වීමත් ඔහු කෙරෙහි පුරවැසියන් තැබූ විශ්වාසය තවදුරත් වර්ධනය විය. ඒ අනුව ජනාධිපතිවරයා ලෙස පත්ව මාසයක තරම් කාලයක් තුළ රටේ ආර්ථික දේශපාලන සාමාජීය සහ සංස්කෘතික ක්ෂේත්‍රය තුළ යම් පිබිදීමක් දකින්නට ලැබෙමින් පවතින බව කුහකකමකින් තොරව පිළිගත යුතු තත්වයකි.

පාලකයන්ට එරෙහිව වියරුව කෝපයෙන් නැගුනු ඝෝෂාවන් මුළුමනින්ම පහව ගොස් ඇත. මාස හතරක අඛණ්ඩ අරගලය නිරතවුණු ගාලු මුවදොර අරගලයක සේයාවක්වත් නැත. රනිල් ගෝ හොම් කියමින් කෑ මොර ගෑ පිරිසම රනිල්ට වැඩ කරන්න ඉඩ දිය යුතු බව පවසමින් තිබේ. විරුද්ධ දේශපාලන පක්ෂ ද රනිල්ට කාලය දිය යුතු බව පවසමින් තිබේ. එසේම යෝජනා කර තිබෙන සර්වපාක්ෂික වැඩ පිළිවෙලක් අනුව ජනාධිපතිවරයා සමඟ එකතු වී රට ගොඩ නැගීම වෙනුවෙන් එකඟව සිටී.

මේ වන විට පවතින මේ අපේක්ෂාසගත තත්වය රටට ජනතාවට සුබදායක ලෙස බලපවත්වමින් තිබෙන අමුතුවෙන් කිවයුත්තක් නොවේ. දළදා පෙරහැර සහ මේ අගෝස්තු මාසයේ අනෙකුත් ආගමිකයන් විසින් රට පුරා පවත්වන අනෙක් ආගමික සහ සංස්කෘතික කටයුතු වෙනුවෙන්ද විශාල ජන සහභාගිත්වයක් දකින්නට ලැබෙන්නෙ මේ සුබවාදී බලාපොරොත්තු දැල්වී ඇති නිසාය.

රටක යහපත් පාලකයෙක්, යහපත් පාලන ක්‍රමවේදයක් තිබේ නම් ජනතාව නිතැතින්ම යහපත් අපේක්ෂා සහිතව ජීවත් වේ. යහපත් අපේක්ෂා සහිතව වැඩකරයි. ඒ අනුව මේ ඇරඹී ඇත්තේ එවැනි යුගයකට මඟ විවර වෙන මොහොතක් බව කල්පනා කළ හැකිය. පාලකයාත් පාලිත පුරවැසියනුත් එක් අධිෂ්ඨානයක් සහිතව රට ගොඩ නගන දිශාවට ගමන් කරන්නෙ නම්..රටක් ගොඩ නැගීම යනු අසීරු කරුණක් නොවේ. ඒ අනුව යළිත් අභිමානවත්, සශ්‍රීක ශ්‍රී ලංකාවක් අපිට අපේ ජීවිත කාලය තුළදී එනම් වසර කිහිපයක් තුළ දී බුක්ති විඳිමට අවස්ථාව උදා වෙනු ඇතැයි සිතීම වැරදි නැත. අද අවශ්‍යව ඇත්තෙ දළදා සමින්දුන්ගේ පිහිටෙන් රට වෙනුවෙන් සියලු දෙනාම එක මිටට පෙරමුණ ගැනීම පමණි.

- සිරිමෙවන්

Last modified on Saturday, 13 August 2022 14:15

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us