මයික් ටයිසන්ලාගේ ජනමතය සහ ඇත්ත ජනමතය ගැන රනිල්ගේ විග්‍රහය Featured

Saturday, 17 September 2022 20:47

රටේ 'ජනමතය' දේශපාලකයෝ නිතර තොරොම්බල කරන වචනයකි. ජනමතය මේ යයි කියමින් ඡන්ද පන්දාහක්වත් ජනමතයක් නැති දේශපාලන පක්ෂද කතා කරන්නේ ඔවුන්ගේ මතය රටේම මතය යැයි සිතාගෙනය. මෙය නොදන්නාකම, අනවබෝධය මත හෝ තක්කඩි කමට කරනවා ඇතැයි කියා සාධාරණව සිතුවත් බොහෝ විට මේ අය ඇත්තටම හිතන්නේ රටේ ජනමතය තමන්ගේ මතය බවය.

කාලෙන් කාලෙට රටේ රැල්ල අපටයි අපියි මීළඟ ආණ්ඩුව හදන්නේ යැයි කියමින් සමාජ ජලා වල, පාර පුරා තාප්පවල දකින්න ලබෙන්න පොස්ටර් වලින් ද මේ අය ඒ ස්වයං රැවැටීම ප්‍රකාශයට පත් කර ගනිති. පහුගිය අරගල සමයේදී පොහො පිරිස් මේ ස්වයං රැවැටීමට ගොදුරුව සිටියහ.

කොහොම නමුත් රනිල් වික්‍රමසිංහ අගමැති සහ ජනාධිපතිධුර වලට පත් වීමේ සිද්ධි දාමය සමඟත් මේ ජනමතය, ජනවරම ගැන බොහෝ කතා බහ ඇති විය. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමි පක්ෂය සහ සජබයත් මේ ගැන බොහෝ දේ කතා කළේ රනිල්ට රටේ පාලකයා වෙන්න ජනමතයක් නැතැයි යන්න පෙන්වා දීමටය.

මේවා කට වචනයෙන් කියවන හිතලු මිස ඒ මෙසේ යැයි කියන්න පිළිගත හැකි කිසිවක් ඉදිරිපත් කිරීමක්ද වූයේ ද නැත. ජනමතය නිශ්චිතව පරික්ෂා කරන්නට මෙරට තිබෙන ක්‍රමවේදය නම් ජන මත විචාරණයකට නැතිනම් මැතිවරණයකට යෑමය. එසේත් නැතිනම් ආසන්න අදහසක් ගැනීමට පුළුල් සමීක්ෂණයකට යා යුතුය.

එසේ නොවන විටක ජනමතය මේ යැයි කියා සැක සහිත අදහසකට හෝ එළැඹෙන්න නම් රටේ බහුතර ජනතාවගේ ප්‍රකාශනයක් පොදු අවකාශයක සිදුවිය යුතුය. එනම් බහුජන අරගල උද්ඝෝෂණ ආදිය අනුවය. එහෙත් මේ සිදුවීම් වලට පාදක වන සිදුවීම් සහ සහභාගිත්වය ගෙන යම් විචාරයක් නොමැති වුවහොත් නොමඟ යෑම විය හැකිය.

පසුගිය අරගල සමයේදී මේ ජන අරගලය රටේ ජනමතය බවට බොහෝ කියවීම් තිබිණි. රට පුර තැනින් තැන සිදුවුණ උද්ඝෝෂණ කැරලිකාරිත්වයන් ආදී ක්‍රියාවලිය සහ ගාළු මුවදොරට පැමිණි සැලකිය යුතු පිරිස නිසා එය රටේ බහුතරයේ ඇත්ත ජනමතය ලෙස හැදින්වීමට බොහෝ දෙන ඉක්මන් විය.

විපක්ෂ දේශපාලන පක්ෂ මෙන්ම ආණ්ඩු පක්ෂය පවා, මේ තමයි රටේ ඇත්ත ජනමතය බවට විශ්වාස කළේය. එහෙත් මේ විශ්වාසයට එපිටින් එය ඇත්ත ජනමතය නොව ව්‍යාජ ගොඩ නැංවීමක් බව දැන සිටි අයත් සිටියහ.

ජනාධිපති රනිල් විත්‍රමසිංහ ඒ අතරින් වැඩේ හරියටම දැන ගෙන සිටි සහ ඒ කලමනාකරණය කර ගනිමින් දැවැන්ත දේශපාලන ජයග්‍රහණයක් ලබාගත් පුද්ගලයා බවට ද අද පත්ව සිටී. සැක නැතිව එසේ කිව්වේ මෙම ඉරිදා(18) චැතම් ස්ට්‍රීට් ජර්නල් ඊ පුවත් පතෙහි (chatham street journal) මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිදු කළ කතා බහක සටහනක් පළවීම මතය.

එහිදී මේ මයික් ටයිසන්ලා මවා පෙන්වන ව්‍යාජ ජනමතය කෙතරම් ඝෝෂාකාරී වූවත් රටේ කිසිදු හඬක් නොනැගෙන එහෙත් බහුතරයක් නියෝජනය කරන නිහඬ ජනමතයක් තිබෙන බවත් ඔහු පෙන්වා දී තිබේ.

එම සටහනෙන් උපුටනයක් පහතින් දැක්වේ.

chatham street 1

Rebrand කළ යුත්තේ රටද? පරපුරද ?

" ටී.වී . චැනල් මයික් අල්ලන් ඉන්නවා.සමහරු දකින දකින මයික් වලට කතා කරනව. ඒ් අදහස් රටේ ජනමතය කියල රැවටෙන අයත් ඉන්නවා. ඒ්ත් බහුතරයක් නිහඬයි. මේ නිහඬ බහුතරයටත් මතයක් තියෙනව"

‍ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ පවසා ඇත්තේ පසුගිය 16 වන දා කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති හමුවකදීය.

මෙහිදී තවදුරටත් අදහස් පළකරමින් පසුගිය මැයි 09 සිදුවීම කිසිවෙකු බලාපොරොත්තු නොවූ සිදුවීමක් වුණත් ලෝක ඉතිහාසයේ මෙවන් අවස්ථා බොහෝ ඇති බවත්,.... ලංකාවේ මැයි 09 මහින්ද රාජපක්ෂ මහතා ඉවත්වූ විට එම පක්ෂයේ අයෙකු එම වගකීමට පත්වීම වෙනුවට හිටපු ජනාධිපතිවරයා සිදු කළේ සජිත් ප්‍රේමදාස මහතාට අගමැතිකම භාරගැනීමට ආරාධනා කිරීමය. සමගි ජන බලවේගයේ බහුතරයක් දෙනා ඔහුට එම වගකීම භාරගන්නා ලෙස පැවසුවද ඔහු එයට එකඟ නොවිමෙන් පසුවද ජනාධිපතිවරයා ආරාධනා කළේ සරත් ෆොන්සේකා මහතාටය. ඔහුගේ ප්‍රතිචාරය වූයේ " මම ජන මතය විමසා " මගේ අදහස ප්‍රකාශ කරන්නම් යනුවෙනි....
..ඉන් පසු එම ධූරය භාරගත්තේ රනිල් වික්‍රමසිංහ මහතාය. ඒ් පිළිබද අදහස් පළ කළ ඔහු ප්‍රකාශ කර ඇත්තේ "මම සිටින්නේ නිහඬ බහුතරයේ මතය සමඟ " යනුවෙනි.

මෙමගින් අදහස් කෙරෙන්නේ, සාමාන්‍යයෙන් ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය, උද්ඝෝෂණ ආදියෙන් රටේ ඇත්ත බහුතර ජනමතය ප්‍රකාශයට පත් නොවන නමුත් ඒ ඝෝෂාකාරි ජනමතයට කළඹල වී ඇතැමුන් දේශපාලන ව්‍යාපෘති වරද්දා ගැනීම ගැනය.

මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පසුව ආණ්ඩු බලය තිබුණු පොහොට්‍ටු පක්ෂය අගමැතිවරයකු නම් නොකළේ පැවැති ඝෝෂාකාරී ජනමතය රටේ ඇත්ත ජනමතය ලෙස තේරුම් ගෙන ඊට බියවීම නිසාය. හිටපු ජනාධිපතිවරයාද පොහොට්‍ටු පක්ෂයට අගමැතිධුරයට අරාධනා කරන්න බිය විය. ඔහු මුලින්ම අගමැතිධුරය බාරගන්නා ලෙස ඉල්ලා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගෙන් නමුත් ඔහු ද ඊට බිය විය. පසුව සරත් ෆොන්සේකාට ද ඊට බිය විය. හිටපු ජනපති , රනිල් වික්‍රමසිංහට ආරාධනා කරන්නේ ඉන් පසුවය. අවසානයේ ගෝඨාභය රාජපක්ෂ ද සිය තනතුර හැර දමා පළා යන්නේ මේ ව්‍යාජ ඝෝෂාකාරී ජනමතයට බිය වීම නිසාය. රනිල් පලා ගියේ නැත. ඝෝෂාකාරී ජනමතය රැවැටුණේද නැත. බිය වූයේද නැත.

රනිල් රටේ අභියෝගාත්මක මොහොතක වගකීම් බාර ගන්නේ රටේ ඇත්ත ජනමතය කුමක්ද යන්න දැන ගෙන, එම බහුතරයේ අපේක්ෂාවන් සන්තෘප්ත කිරීමම මේ මොහොතේ දේශපාලනය බව දැනගෙන බව පැහැදිලිය.

ඔහු අගමැතිධුරයට පත්වීම සමඟ ව්‍යාජ ඝෝෂාකාරී ජනමතයට සිදු වුයේ කුමක්ද යන්න දැන් අමුතුවෙන් කිව යුතු නැත. ජනාධිපතිධුරයට පත් වී මසක් යන්නට කලින් රටේ ඇත්ත ජනමතය බලවත් විය. අරගලය අකුලගෙන ගියේ ඊට තවදුරටත් දරන්න මතයක් නැත්තටම නැති වීමෙනුත් පසුවය. රටේ බහුතරය සිටියේ ඒ ඝෝෂාකාරී ජනමතය සමඟ නොවන බව ඔප්පු විය.

රටක දේශපාලනය කිරීමේදී රටේ ඇත්ත ජනමතය සහ ව්‍යාජය අතර වෙනස දැන ගෙන සිටිය යුතුය. එසේම එහි ප්‍රමාණාත්මක සහ ගුණාත්මක තත්වයන් ගැන නිවැරදි කිරා මැන බැලීමක් තිබිය යුතුය.

රනිල් තමන්ට ඡන්දයකින් පවා සහතික කොට දී තිබූ ජනවරමක් තිබියදී අවස්ථා කිහිපයක්දී එය නොතකා රටේ ජනමතය දැන් එය නොවේ කියා රාජ්‍ය බලය අත්හරි අවස්ථා කිහිපයක්ම තිබේ. ඒ ඇත්ත ජනමතය ගැන වැටහීම අනුවය. බලය අත්පත් කරගැනීම පමණක් නොව එය නියමිත මොහොතේ අත් හැරීම විය යුතු බවත් ඔහු දැන සිටියේය. එසේ නොවුණානම් අද බලය ඔහු සොයා එන්නේ නැත. එසේම ඡන්ද පිට ඡන්ද පැරදී මඩ අවලාද වලට මුහුණ දී සිටියත් ඔහු කිසිවිටෙක එජාප නායකත්වය අත් හැරියේ ද නැත. එයද ජනමතය ගැන වැටහීම අනුවය. ඒ ඒ අවස්ථාවල පැමිණි ව්‍යාජ ඝෝෂාකාරිත්වයන්ට ඔහු අසු වූවා නම් අද එජාපය ජෝකර් කෙනෙකුගේ නායකත්වයෙන් තඩි විහිළුවක් වන්නට බොහෝ ඉඩ තිබිණි.සමහරු එදා කිව්වෙ රනිල් වික්‍රමසිංහ යනු එජාපයේ තනතුරු නාමයක් බවය. ඒ නිසා එය ඉවත් කළ නොහැකි බවය. එහෙත් ඇත්ත තත්වය ඊට වෙනස් විය. අවශ්‍ය මොහොත එළැඹෙන තුරු ඔහු ඉවසා සිටියා පමණය.

අවසානයේදී ඔහු ජයග්‍රහණය කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ තමයි රටේ සතිශය බහුතරයේ ජනමතය නැතිනම් ඉතිරි වුණු එකම අපේක්ෂාව කියන කාරණය තහවුරු කරමිනි.

මෙතරම් හොඳ දේශපාලන පාඩමක් රනිල් රටට කියා දී ඇති මොහොතක අපරිණත කණ්ඩායම් තව දුරටත් මේ මයික් ටයිසන්ලාගේ දේශපාලනයෙහිම යෙදෙමින් සිටී. දැන් නාමල් රාජපක්ෂ නැවත මයික් කරගහගෙන දේශපාලන කරලියට එන්න හදන්නේ රටේ දේශපාලනයේ ඊළඟ අවස්ථාව ඔහුට බව මනෝ විකාරයක් හිඳිමිණි..ඒකෙන් කලබල වූ චන්ද්‍රිකා පාර්ශ්වද දැන් විමුක්ති ගැන නිවස් ප්ලාන්ට කරමින් තිබේ. ඩලස්ලා විමල්ලා කවදත් අනුන්ගේ වේදිකාවකට මිසක් වෙන මයික් පස්සෙන් වැටෙන්නේ නැත. අනුරගේ රට අල්ලන රැල්ල අරගලයෙන් අවසන් වූවද හෙට අනිද්දා මයික් ටයිසන්ලා සමඟ වේදිකාවේ ඔහු අලුත් සළුපිළි සමඟ රඟනු ඇත.

එහෙත් පරණ කෙහෙම්මල් රීබ්‍රෑන්ඩ් කිරීම වර්තමාන මාර්කට් එකට වැඩක් නැත. මිනිස්සු ඉල්ලන්නේ රියල් බ්‍රෑන්ඩඩ් වැඩක්ය. රීබ්‍රෑන්ඩ් කළ ලාබ බාල වැඩ වලට මාර්කට් එකක් තිබුණු යුග කලින් තිබුණත් දැන් ඒ කාලය ඒ තාලය අවසන්ය.

රනිල්ගේ මෙහෙයුම රටේ බහුතරයේ අපේක්ෂාව අනුව රටම රියල් බ්‍රෑන්ඩඩ් වැඩක් කිරීම වෙද්දි මේ රීබ්‍රෑන්ඩින් වැඩ වලට මාර්කට් එක හෝයා ගන්න වෙන්නේ ඉතිහාසයෙන්ම පමණි. ඒකත් කුණු බක්කියේ විය හැකිය.

-SJ

Last modified on Saturday, 17 September 2022 20:48

Leave a comment

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us