මාලිමාවට අසාධ්‍ය වෙච්ච දැන්වීම් පෙළක්   Featured

Saturday, 18 February 2023 13:09

සජබයේ නායකයා මැතිවරණ වේදිකාවල් විහිළු සපයමින් සිටියද ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරක උපක්‍රමය දැන් යන්නේ වෙනතකි. 'රටට අසාධ්‍යයි, ඇහැරෙන්න' යනුවෙන් වන පෙළඹවීමක් සහිත පණිවිඩය සමාජ ගතකරමින් මේ වන විට දියත් කර තිබෙන ප්‍රචාරක මෙහෙයුම ආණ්ඩු බලය හොබවන පාර්ශ්වයේ ඉල්ලීමක් විය යුතුව තිබෙන්නෙකි.

මන්ද අසාධ්‍ය වූ රටට වෙදකම් කිරීමේ හැකියාව ඇත්තේ ආණ්ඩුව හොබවන පාර්ශ්වයට නිසාය. ජනාධිපති රනිල් වික්‍රමසිංහත් දිගින් දිගටම කරමින් සිටින ඉල්ලීමත් එයය. මෙය තනි පක්ෂයකට නායකයකුට කළ හැකි වික්‍රමයක් නොවන් බවත් ඒ වෙනුවෙන් සියලු පාර්ශ්ව එකතු විය යුතු බවත් ඔහු සෑම විටම මතු කරන ලබන ආයාචනයකි.

කොහොම නමුත් සජබය දැන් එම ඉල්ලීම ඔවුන්ගෙ ඉල්ලීමක් බවට පත් කරගෙන තිබේ. නමුත් ඔවුන්ගේ අභිප්‍රාය පොදු එකඟතාවයක් නොවේ. සජබයට බලය ලබා දී අසාධ්‍ය රට සුවපත් කරන්න ජනතාව ඇහැරවා ගැනීමේ ප‍ටු අභිමතාර්ථය ඔවුන් සතුය.

කොහොම නමුත් මේ වෙනුවෙන් ඊයේ පෙරේදා කර තිබෙන වීඩියෝ නිර්මාණයන්ගේ නිර්මාණාත්මක පැත්ත කැපී පෙන්න සුළුය. සාම්ප්‍රදායික දේශපාලන පක්ෂයකින් බලාපොරොත්තු නොවිය හැකි නිර්මාණාත්මක භාවිතයක් ඒ තුළ තිබේ. මේ බොහෝ විටම ආසන්න වන්නේ ජවිපෙ සහ මංගල සමරවීරගේ ප්‍රචාරක කලාවටය. අද ජවිපෙත් නැත, මංගලත් නැත. ජවිපෙ දේශපාලනය, ජාතික ජන බලවේගය බවට මාරු වන විට ජවිපෙ වටිනාකම්ද දියවී ගොස් ඇත. එය ඔවුන්ගේ මුල්ම ප්‍රචාරක විඩියො පටය වූ මේ පාර කොහෙටද ඇහුවාම මල්ලෙ පොල් උත්තරයක් දෙන තරුණියක පෙනී සිටින වීඩියෝවෙන්ම ප්‍රකට විය. දෙවනුව ඉදිරිපත් කළ විඩියෝව දවසක්වත් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වූවද සැක සහිතය. එය ඔවුන් විසින්ම යටපත් කළ බවක් පෙනෙන්නට තිබිණි. ජාජබය මෙවර මැතිවරණයෙ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වැඩිම වියදමක් දරමින් සිටින පක්ෂය බවට පත්ව තිබේ. වෙනදා මෙහෙම හැකියාවක් පෙන්නුවේ ප්‍රධාන ධාරාවේ දේශපාලන කණ්ඩායම් දෙකය. නමුත් ඡන්දදායකය පොළඹවා ගැනීම වෙනුවෙන් වන නිර්මාණාත්මක භාවය ජාජබය වෙතින් ගිලිහී ගොස් ඇත.

බලය වෙනුවෙන් කරන සටනකදී කණ්ඩායමක මතය ප්‍රකාශයට පත් විය යුත්තේ රටේ පොදු වුවමණාව සපුරාලීමට පක්ෂය සමත් වන බවට විශ්වාසය ගොඩනංවන පරිද්දෙනි. එය පක්ෂයේ ප‍ටු දේශපාලනික වුවමණාවක් බව හැඟෙන්නෙ නම් බහුතරයක් ඒ වෙත එළැඹෙන්නේ නැත. ජාජබයේ ප්‍රචාරක වැඩපිළිවෙලට වූයේ එයය. අර දැන්වීම පරිදි 'පක්ෂයේ විසඳුම කුමක්ද ඇහුවාම, ඒවා වැඩක් නෑ තමන්ගේ පක්ෂයට ඡන්දය දෙන්න' කිව්වා විනා එය විශ්වාස කිරීමට හෝ එමඟින් තමන්ගේ අපේක්ෂා මුදුන් පත්වන බවට හෝ පණිවිඩය සමාජ ගත කිරීමට ඔවුන් අපොහොසත් විය.

එසේම රට හමුවේ වන විසඳුම පවා යල් පැන ගිය, නැතිනම් දැනටමත් ජනධිපතිවරයා විසින් ක්‍රියාවට නංවා ඇති විසඳුම් වලින් වෙනස් නොවීමත් අණාවරණය වීම නිසා ජාජබය වටේ හැදුනු රැල්ලේ සැර බාල විය. ජාජබය දැන් තනිකර දුවන්නේ පොදුවේ මහජනතාව වෙතින් රජයට එරෙහිව ඇතිව තිබෙන විරෝධය, නොසතුට පදනම් කරගෙන මිසක් ජාජබය කෙරෙහි ඇති ජනතා විශ්වාසණීයත්වය මත නොවේ. එය පැහැදිලිය. ජාජබය විශ්වාස කිරීමට තරම් සාදක ඉදිරිපත් කිරීමට එහි ප්‍රචාරක යාන්ත්‍රණය තවදුරටත් අසමත් වෙයි නම් ජාජබය පෙර ජවිපෙ තත්වයටම ඇද වැටී සුළුතරයක් වීමටත් ඉඩ තිබේ. විශේෂයෙන්ම එජාප පොජපෙ පක්ෂ වල ප්‍රචාරක කටයුතු නිසියාකරව ආරම්භව නැති විටක මේ තිබෙන තත්වයට පත්ව තිබුණත් එම ප්‍රචාරක කටයුතු හමුවේ ජාජබයට තවත් ආවාසිදායක විය හැකිය. කොහොම නමුත් ජාජබයට දැන් සිටින ප්‍රධානම තරගකරුවා සජබය බවට සැකයක් නැත. එසේම සජබයද කල්පනා කරන්නේ තමන්ගේ තරගකරුවා ජාජබය බවය. දෙගොල්ලන්ගේ මැතිවරණ වේදිකාවලින් ඇසෙන කතන්දර අනුවත් මෙය පැහැදිලිය. මෙහිදී සජබය පියවර කිහිපයක් ඉදිරියට ගොස් ඇති බවත් පිළිගත යුතුය. ඔවුන්ගේ ආමන්ත්‍රණය සාමාන්‍ය පොදු ජනතාව නැතිනම් ග්‍රාමීය පදනම ඉලක්ක කරගෙන සිදුවෙයි. ජාජබයේ ආමන්ත්‍රණය නාගරික මධ්‍යම පාංතික ජනතාවටය. සමාජයේ සුළුතරයක් වන මධ්‍යම පාංතිකයන් මැතිවරණ ප්‍රතිපලයකට බල පාන්නේ එය පාවෙන ඡන්ද කොටාවක් වීම තුළය. රැල්ල හදන්නේ, කඩන්නේ ඔවුන්ය. එය තරගකාරිත්වයෙන් ඉදිරියේ සිටින පක්ෂයකට තීරණාත්මක ඡන්ද කෝටාවක් වන්නෙ පොදු ජනතාවගේ ඡන්ද කෝටාවෙන් ලොකු පංගුවක් අත්පත් කර ගැනීමට සමත් වේ නම් පමණි. ජාජබය ග්‍රාමිය ඡන්ද පදනම ආමන්ත්‍රණය කිරීම අතහැර දමා මධ්‍යම පංතිකයන් වෙත ආකර්ෂණය වීමේ දේශපාලනික වැරැද්ද මැතිවරණ ප්‍රතිපලයෙන් අත්විදිනු ඇත. එහෙත් ඊට වෙනස්ව සජබය මුලින් කළේ ග්‍රාමීය ඡන්ද පද්නම තමන් වෙත දිනා ගැනීමය. එහි සාර්ථකත්වයන් පෙන්වා තිබේ. සජබය රටට අසාධ්‍යය ඇහැරෙන්න කියමින් ආරම්භ කළ ප්‍රචාරක ව්‍යාපෘතිය වඩා වැදගත් වන්නෙ ඔවුන් ඒ හරහා මධ්‍යම පංතික ඡන්ද කෝටාව ආක්‍රමණය කිරීමට සැරෙසෙන බව පෙනෙන්නට තිබිම නිසාය. ඇහැරෙන කියන පණිවිඩය අදාල වන්නේම මධ්‍යම පංතිකයාටය. අසාද්‍ය ලෙඩා සුවපත් කිරීමේ ඉහළ දායකත්ව හැකියාව ඇත්තේ මධ්‍යම පංතික සමාජ ස්ථර නියෝජනය කරන වෘත්තිකයන් විද්වතුන්, ව්‍යාපාරිකයන් විධායක ශ්‍රේණිවල රැකිය කරන්නන් ආදී, ඉහල ජීවන තත්වයක් සමඟ සිටින පිරිසය. මේ දැන්වීම් පෙළ ඔවුන්ව ආකර්ෂණය කිරීමට සමත්ය.

එමෙනම් සජබය තමන්ට රට ගොඩනැගිය හැකි බවට කරන දැඩි තහවුරු කිරීම සමාජයට බලපෑම සහගතය ඒ අධිෂ්ඨානය ඒ වෙනුවෙන් වන දැක්මක් සැලසුමක් තමන් වෙත තිබෙන බවත් දිගින් දිගටම කියන නිසා ඒ කෙරෙහි විශ්වාසනීයත්වයක් ඡන්දදායකය කෙරෙහි ඇතිවේ. මෙම විඩියෝ දැන්වීම් පෙළත් ඊට විශාල බලපෑමක් කරනු ඇත. කොහොම නමුත් මේ ප්‍රචාරක සටනින් නම් සජබය ලොකු පිම්මක් පැන ඇති බව කිව යුතුය.

-sj

Last modified on Saturday, 18 February 2023 13:10

Leave a comment

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us