පොදු ප්‍රවාහන සේවාවන් සියල්ල අත්‍යවශ්‍ය සේවාවන් ! නීතිය අකුරට !

Thursday, 05 October 2023 11:31

‘රටක් දියුණු වීම යනු සෑම මිනිසෙක්ම කාර් එකක වැඩට යන එක නොවේ. දුප්පතාටත් ධනවතාටත් ගමන් කළ හැකි ලෙස පොදු ප්‍රවාහනය දියුණුවීම බව’ කොළොම්බියාවේ බොගෝටා නගරයේ හිටපු නගරාධිපති එරිකෝ පෙනරෝසා වරෙක පැවසු ප්‍රසිද්ධ ප්‍රකාශයක් ඇත.

ප්‍රවාහනය යනු රටේ ආර්ථිකයට ඍජු බලපෑමක් ඇති කරන එක් ප්‍රධාන අංගයකි. ලංකාවේ පොදු ප්‍රවාහන සේවා අතර මගී ප්‍රවාහන බස් රථ හා දුම්රිය සේවය වඩා වැදගත්ය. මගී බස් රථ ප්‍රවාහනයේදී රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශයේ දායකත්වය දැකිය හැකිය. රැකියාවල නියුතු සේවකයින් පස්වරු 8-9 දක්වාම සේවයේ යෙදී සිටින අතර ඔවුන්ට නිවෙස් වෙත යෑම සඳහා පොදු ප්‍රවාහනය අදටත් ක්‍රියාත්මක වන්නේ නැත. එම හේතුවෙන් වැඩකරන අහිංසක ජනතාව පීඩනයේ පතුලටම ඇද වැටී ඇත.

එනම් ගුණාත්මක පොදු ප්‍රවාහනයක් අත්විඳීමට නොහැකි වීම රාජ්‍යයක් මගින් එහි ප්‍රජාව වෙත ප්‍රදානය කරන සියලු නීත්‍යානුකූල අයිතිවාසිකම් හා වරප්‍රසාද භුක්ති විඳීමට හිමිකම් ලැබිය යුතු ප්‍රජාතාන්ත්‍රවාදි රටක පුරවැසියාගේ අවාසනාවකි. අනෙකුත් දියුණු රටවල්වල ගුණාත්මක පොදු ප්‍රවාහනයක් පවතී. ඕනෑම කෙනෙකුට තනිව යා හැකි ආරක්ෂාකාරී, සැප පහසු හා ඉක්මන් ප්‍රවාහන සේවාවක් පැවතීම එවැනි රටවල් ආර්ථික හා සමාජීය වශයෙන්ද දිනෙන් දින දියුණුවට පත්වීමට හේතුවක් බව නොරහසකි.

මෙය අද ඊයේ අප රටට පැනනැගුණ ගැටළුවක් නොවේ..කාලාන්තරයක් තිස්සේ අපේ රටේ පොදු ප්‍රවාහනය පිළිබදව විවිධ කතිකාවන්ට ලක් විය. එහෙත් මේ වන තෙක් කිසිදු රජයක් මගින් මෙයට විධිමත් විසදුම් ගෙන නොමැත. දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවාවන් සියල්ල අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශ වී තිබුනද එය තවමත් නිසි ලෙස ක්‍රියාත්මක නොවන්නේය.

මේ හේතුවෙන් දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවාවන් සියල්ල අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට ගෙන ඇති තීරණය තදින්ම ක්‍රියාත්මක කිරීමට රජය ඊයේ (04) රාත්‍රියේ තීරණය කර තිබේ. මීට අදාළ ගැසට් නිවේදනය පසුගිය සැප්තැම්බර් 12 දා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් නිකුත් කරනු ලැබීය. මාසයක කාලයක් සඳහා මෙය බලපැවැත්වේ. සේවයට වාර්තා නොකරන දුම්රිය හා පොදු ප්‍රවාහන සේවාවන්ගේ සියලුම සේවකයන් සම්බන්ධයෙන් මේ ගැසට් නිවේදනය යටත් නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට රජය බලධාරීන්ට උපදෙස් දී ඇති බවත් සදහන්ය..

Leave a comment

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us