නාගරික ජනගහණය 44.57 %කින් වැඩිවේ ! Featured

Thursday, 19 October 2023 09:36

ශ්‍රී ලංකාවේ නාගරික ජනගහණය සියයට 44.57ක් දක්වා වැඩි වී ඇති බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මඟින් සිදු කළ නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

ශ්‍රී ලංකාවේ නාගරීකරණය සම්බන්ධයෙන් අවසන් වරට සමීක්ෂණයක් සිදු කර තිබෙන්නේ 2012 වසරේදීය. එම ජන හා නිවාස සංගණනයට අනුව මෙරට නාගරීකරණය 18.2 %කි. ඒ අනුව එතැන් සිට මේ දක්වා වසර 10කට වැඩි කාලයක් තුළ මේ දක්වා මෙරට නාගරීකරණය 44.57%ක් වී තිබේ.

මෙම වාර්තාව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා වෙත භාරදීම පෙරේදා (17) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදු කෙරිණි. එය භාරදුන්නේ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී හේවගේ මහතා විසිනි.
නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි නගර හා ග්‍රාම නිර්මාණ පනත අනුව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම සමීක්ෂණය සිදුකර තිබේ.

මෙම සමීක්ෂණ වාර්තාව ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඊට පෙර මෙය ජනාධිපතිවරයාට සහ සියලු දිස්ත්‍රික් කමිටුවලට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගන්නා ලෙස මෙහිදී ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
මෙම සමීක්ෂණයට අනුව මෙරට ප්‍රාදේශීය සභා 276 තුළ පිහිටි ග්‍රාම නිලධාරී වසම් 12,773 අතුරින් ග්‍රාම නිලධාරී වසම් 3,025ක් නාගරික ප්‍රදේශ වශයෙන් හඳුනාගෙන තිබේ. එය ප්‍රතිශතයක් ලෙස 23.68%ක් වේ.

මෙම සමීක්ෂණයට අනුව මෙරට නාගරික ජනගහන ප්‍රතිශතය වැඩිම දිස්ත්‍රික්කය වන්නේ කොළඹයි. එහි ප්‍රතිශතය 96.74%කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 76.76%ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් 67.28%ක ප්‍රතිශතයක් පෙන්නුම් කරයි. අඩුම නාගරික ජනගහණ ප්‍රතිශතය වාර්තා වන්නේ මුලතිව් දිස්ත්‍රික්කයෙනි. එය 2.84%ක් වේ.

 

-P.M

Last modified on Thursday, 19 October 2023 09:37

Leave a comment

Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

Connet With Us