ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන නොදන්න මඟුල් කියවන ඇමතිගේ හෙළුව Featured

Sunday, 26 November 2023 14:24

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අනුමත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නොමැති බවට ක්‍රීඩා ඇමතිවරයා විසින් දිගින් දිගටම නගන චෝදනාවේ කිසිදු සත්‍යතාවයක් නැතැයි මේ වනවිට අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා විසින් පසුගියදා පැවති මාධ්‍ය හමුවේදී එළිදරව් කරන කරුණු සොයා බැලීමේදී මේ බව අනාවරණය වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ප්‍රසම්පාදන මාර්ගෝපදේශයක් 2020.01.08 වන දින පැවති එහි මහා සභා රැස්වීමේදී අනුමත කර ඇත. මේ සම්බන්ධයෙන් 2020.02.25 වන දින එවකට ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ඒ. රුවන්චන්ද්‍ර මහතාගේ MS/02/CC/SLC/PM දරණ ලිපිය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශය ලිඛිතව අනුමත කර ඇත.

2016 ඔක්තෝබර් 27 වන දිනැති රජයේ ගැසට් පත්‍ර අංක 1990/23 හි අනු අංශ (xxi) ප්‍රකාරව හා 202.03.10 වන දින රජයේ ගැසට් පත්‍ර 2166/9 ප්‍රකාරව කාරණා දෙකකට යටත්ව මෙම අනුමැතිය ලබාදී තිබේ. එමෙන්ම එම ලිපිය රජයේ විගණක, ජාතික විගණකාධිපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල් ක්‍රීඩා සංවර්ධන සභාව වෙත ද පිටපත් සහිතව යොමු කර ඇති බව අප කළ සොයා බැලීමේ අනාවරණය වී ඇත. ඒ අනුව, ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනයේ ප්‍රසම්පාදනය සඳහා කිසිදු අනුමැතියක් නොමැති බවත් හිතුමතේ ක්‍රියා කරමින් විශාල දූෂණයක් සිදුකර ඇති බවට ගෙන යන ප්‍රචාරය කිසිදු සත්‍යතාවයක් නොමැති බව අනාවරණය වී තිබේ.

රජයේ විගණකාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික ගිණුම් මෙන්ම ඊට අදාලව සිදුකර ඇති විශේෂ විමර්ශන සඳහා ද ඉහත සඳහන් ප්‍රසම්පාදන මාර්ගෝපදේශයට අදාලව කරුණු සොයා බලා තම වාර්තාව ඉදිරිපත් කර ඇති බව ද දැන ගන්නට ඇත. ඒ අනුව, විගණකාධිපතිවරායගේ වාර්තාවේ විගණනය සම්බන්ධයෙන් නිර්දේශ 26 ක් පමණ ඉදිරිපත් කර ඇති අතර, එහි කිසිම තැනක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුමත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නොමැති බව සඳහන් කර නොමැත. එමෙන්ම, මෙම නිර්දේශ 16 තුළ ප්‍රසම්පාදනය තවදුරටත් වැඩි දියුණු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අමාත්‍යාංශයට උපදෙස් ලබාදී ඇති ආකාරයත් පෙන්වා දී තිබේ. ජනතාව තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අන්ත දූෂිත ආයතනයක් ලෙස අර්ථකතනය කර ඒ සඳහා ව්‍යාජ සමාජ මතයක් නිර්මාණය කරමින් තම පටු පරමාර්ථ ඉෂ්ට කරගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කර ඇති බව අප කළ සොයා බැලීමේදී සනාථ වී ඇත.

 

ඇමතිවරයා එල්.පී.එල්. සම්බන්ධයෙන්ද ප්‍රකාශ කර ඇත්තේ අමු බොරුවක්

එමෙන්ම එල්.පී.එල්. තරගාවලිය පැවැත්වීම සඳහා ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය ලබාගෙන නොමැති බවට සිදුකරන ප්‍රකාශයද සත්‍යයෙන් තොර බව ඉකුත් දා පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා විසින් පෙන්වා දුන් කාරණය නිවැරදි බව මේ වනවිට සනාථ වී ඇත. ඒ අනුව එවකට අමාත්‍යාංශ ලේකම්වරයා විසින් එල්.පී.එල්. තරගාවලිය පැවැත්වීම සඳහා අනුමැතිය ලබාදි තිබේ.

පසුගිය කාලයේ ක්‍රීඩා අමාත්‍යවරුන් වෙනස් වූ ආකාරයට අමාත්‍යවරයාගෙන් අමාත්‍යවරයාට අනුමැතිය ලබාගැනීම සඳහා කටයුතු කිරීමට කිසිදු අවශ්‍යතාවයක් ඉහත සඳහන් අනුමැතිය මගින් සඳහන් කර නොමැති පසුබිමක් තුළ ක්‍රීඩා අමාත්‍යවරයා ජනතාව නොමග යැවීම සඳහා ව්‍යාජ ප්‍රකාශයක් සිදුකර ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ. එමෙන්ම ක්‍රීඩා ඇමතිවරයා එල්.පී.එල්. තරගාවලිය පැවැත්වීමට අකමැති නම් සිදු කළ යුත්තේ මීට පෙර ඇමතිවරයා විසින් ලබාදී තිබෙන අනුමැතිය අවලංගු කිරීමයි. එසේ සිදු නොකර ඒ සඳහා අනුමැතිය තමා විසින් ලබාදී නොමැති බව සඳහන් කරමින් ව්‍යාජ මතයක් ජනතාව තුළ පැළපැදියම් කරමින් කූඨ උත්සාහයක යෙදී ඇති බව මේ වනවිට සනාථ වී තිබේ.

මේ අනුව වගකීම් විරහිත ලෙස ඇමතිවරයාගේ වගකීම පැහැර හරිමින් රජය සහ ජනාධිපතිවරයා අපහසුතාවයට පත් කරමින් තම දේශපාලන අවශ්‍යතා මුදුන්පත් කරගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රිකට් ක්‍රීඩාව උකසට තබා කටයුතු කරමින් ICC යේ තහනමකට ලක්කිරීමට කටයුතු කර ඇති බව ඉදිරියේදී ජනතාවට මනා සේ ප්‍රත්‍යක්ෂ වනු ඇත.  

 

ICC ව්‍යවස්ථාවට අනුව ඇමතිවරයාට අතුරු කමිටුවක් පත් කළ හැකිද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ව්‍යවස්ථාව අනුව නොහැකි බව ෂම්මි සිල්වා පාර්ශවය පෙන්වා දෙයි. එහෙත් අර්ජුන රණතුංග, උපාලි ධර්මදාස ප්‍රමුඛ පාර්ශවය පවසන්නේ මීට පෙර අවස්ථා පහකදී අතුරු කමිටු යටතේ ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන තරගාවලි 02 ක් සහ තවත් ICC තරගාවලි 03 ක් සමග තරගාවලි 05 ක් පවත්වා ඇති බවය. එමෙන්ම පාකිස්තානයේ, දකුණු අප්‍රිකාවේ, සහ ඇෆ්ගනිස්තානයේ අතුරු කමිටු ක්‍රියාත්මක වන බව රණතුංග පාර්ශවය මාධ්‍ය ඉදිරියේ නිතර කරුණු දක්වයි. මෙහි ඇත්තෙන්ම සත්‍ය තත්වය කුමක්ද යන්න සොයා බැලිය යුතු කරුණකි. ICC ව්‍යවස්ථාවේ 2-4(D) අනුව යම් සාමාජික රටක් එම සංගමයේ කටයුතු ස්වාධීනව හා රාජ්‍ය බලපෑමකින් තොරව කටයුතු කළ යුතු බව පැහැදිලිව දක්වා ඇත. එම කොටස උපුටා ගතහොත් මෙසේ සඳහන් කර ඇත.

"manage its affairs autonomously and ensure that there is no government (or other public or quasi-public body) interference in its governance, regulation and/or administration of Cricket in its Cricket Playing Country (including in operational matters, in the selection and management of teams, and in the appointment of coaches or support personnel)"

ඉහත අනුව රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය වශයෙන් හෝ සංගමයක ක්‍රියාකාරීත්වය සහ බලපෑම් කිරීමට කිසිදු ආකාරයක හැකියාවක් නොමැති අතර, එහි සඳහන් ආකාරයට තේරීම් කටයුතු සඳහා හා කණ්ඩායම් කළමනාකරණයේදී ද පුහුණුකරුවන් සහ සහායක පුහුණුකරුවන් තේරීමේදී ද ඇඟිලි ගැසීම් සිදු නොකළ යුතු බව සඳහන් වේ. එහෙත් ශ්‍රී ලංකාවේ දැනටත් ක්‍රීඩා නීතිය අනුව කණ්ඩායමේ අනුමැතිය අමාත්‍යවරයාගෙන් ලබාගත යුතුය.

එවැනි පසුබිමක් තුළ අන්තර් කමිටුවක් ICC ය විසින් පිළිනොගන්නේ ඇයිද යන්න සොයා බැලීමේදී වැදගත්ම කරුණ ලෙස මතු වන්නේ මෙම 2-4 (D) ව්‍යවස්ථාව සඳහා ක්‍රියාත්මක වීමට ICC ය විසින් ව්‍යවස්ථා සංශෝධනය සිදුකර ඇත්තේ 2017 මැයි මාසයේදී ය. ඒ අනුව, 2017 මැයි මාසයෙන් පසුව අතුරු කමිටු පිළිගැනීම සඳහා ICC ය ඊට පෙර ක්‍රියා කළ ආකාරයෙන් ක්‍රියා නොකරන බව පැහැදිලිව අනාවරණය වී තිබේ.

රණතුංග පාර්ශවය පවසන පරිදි පකිස්තානයේ, ඇෆ්ගනිස්තානයේ හෝ දකුණු අප්‍රිකාවේ ඇත්තේ පූර්ණ වශයෙන් ඇමතිවරයා විසින් පත් කරන අතුරු කමිටුවක් නොවේ. විශේෂිත ව්‍යවස්ථාමය රාමුවක් තුළ දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොරව ක්‍රියාත්මක විය හැකි ආකාරයේ යාන්ත්‍රණයක් එම රටවල් තුනෙහිම පවතින බව අනාවරණය වී ඇත. උදාහරණයක් ලෙස ගතහොත් දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රියාත්මක වන්නේ එහි ඔලිම්පික් කමිටුව යටතේ වේ. ඔලිම්පික් කමිටුව ස්වාධීන ආයතනයක් ලෙස කටයුතු කරයි.

පාකිස්තානයේ ව්‍යවස්ථාව අනුව එහි සභාපතිවරයා පත් කරන්නේ අග්‍රාමාත්‍යවරයා විසින් වන අතර, එය හුදෙක් නාමමාත්‍රික පත් කිරීමක් බව තතු දත් ආරංචි මාර්ග අනාවරණය කර ඇත. ඇෆ්ගනිස්තානයේ ඇත්තේ විශේෂිත තත්වයකි. ඒ අනුව බලන කල රණතුංග පාර්ශවය පවසන පරිදි ලෝකයේ කිසිදු රටක 2017 න් පසුව අතුරු කමිටු සඳහා අනුමැතිය ලබාදි ඇති ආකාරයක් දැකගත නොහැකි වේ. එමෙන්ම, මෙම නීතිය සම්මත වන විට ශ්‍රී ලංකාවේ අතුරු කමිටුවක් පැවතියද ඉතා කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නිලවරණයක් පවත්වා 2019 මැයි මාසයේ සිට මේ දක්වාම නිලවරණයෙන් පත්වන කමිටුවක් විසින් එහි පාලනය කරනු ලැබුවේය. ඒ අනුව පැහැදිලි වන්නේ 2017 ට පෙර පැවති තත්වය සහ 2017 ට පසු තත්වය සංසන්දනය කළ නොහැකි බවයි.

මෙම තත්වයට හොඳම උදාහරණය වන්නේ 2019 දී සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කළ අවස්ථාවේදී සිම්බාබ්වේ සම්පූර්ණයෙන් සාමාජිකත්වය මෙන්ම ක්‍රීඩා කිරීමට නොහැකි වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ලබාදුන් තහනමයි. එහිදී තහනම ඉවත් කිරීමට නම් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පත්වූ පාලක මණ්ඩලය හැර වෙනත් අතුරු කමිටුවක් පිළි නොගැනීමට ICC ය විසින් තීරණය කර ඇති අතර, සිම්බාබ්වේ ක්‍රිකට් තහනම ඉවත් කිරීමට නම් මාස 03 ක් ඇතුළත ඡන්දයෙන් ප්‍රජාතන්තවාදීව පත්වූ කමිටුව යළි ස්ථාපිත කළ යුතු බවට කොන්දේසියක් ද පනවා ඇත. ඒ අනුව පැහැදිලි වන්නේ 2017 ට පෙර අතුරු කමිටු සම්බන්ධයෙන් ICC ය ක්‍රියා කළ ආකාරයත් දැන් ක්‍රියාත්මක වන ආකාරයත් අහසට පොළව මෙන් වෙනස් වි ඇති බවයි.

කරුණු සොයා බැලීමේදී රණතුංග පාර්ශවය කෙතරම් පාරම් බෑවද ඉදිරියේදී අතුරු කමිටුවක් පත් කිරීම තුළින් මෙම ක්‍රිකට් අර්බුදය තවත් උග්‍ර වනවා මිස ඊට විසඳුමක් නොලැබෙන බව ඉහත කරුණු අනුව ප්‍රත්‍යක්ෂ වී තිබේ. මේ බව හොඳින් අවබෝධ කරගෙන ඇති ජනාධිපතිවරයා මින් ඉදිරියට ඕනෑම සංගමයක් සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට නිර්ණායක පැනවීම හා ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම අනිවාර්ය කිරීම තුළින් පැහැදිලි වේ. ඒ අනුව, ක්‍රීඩා ඇමතිවරයාගේ දේශපාලනික හෝ පෞද්ගලික උවමනාව මත යම් සංගමයකට හිතුමතේ අතුරු කමිටු පත් කිරීමට මින් ඉදිරියට හැකියාව නොලැබෙනු ඇත.

එමෙන්ම නීති විරෝධී ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පත් කර ඇති අතුරු කමිටුවට එරෙහිව විභාග වන නඩුවේදී ද කිසිදු පදනමකින් තොරව නිසි පරීක්ෂණයක් නොකර හුදෙක්ම විගණක වාර්තාව මත පදනම්ව රොෂාන් රණසිංහ ඇමතිවරයාගේ පෞද්ගලික පරමාර්ථ ඉෂ්ට කරගැනීම සඳහා තමන්ට පාලනය කළ හැකි හෙංචයියන් පිරිසක් පත් කර අතුරු කමිටුවක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය කිරීමට ගන්නා උත්සාහය අයිසීසිය ඉදිරියේ කිසිවිටෙකත් සාධාරණීකරණය කිරීමට නොහැකි බව ICC ව්‍යවස්ථාවේ 2-4 (D) වගන්තිය අනුව ප්‍රත්‍යක්ෂ වන්නේය.

sri lanka cricket letter copy

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us