ක්‍රිකට් අර්බුදයේ පැටිකිරිය සම්පූර්ණයෙන්ම Featured

Wednesday, 29 November 2023 09:54

ශ්‍රී ලංකා ක්‍රිකට් වල පල්ලට යවන්නට හේතු කාරණා වූ පාර්ශ්වයන් කීපයක් පැහැදිලි ලෙසම පේන්න තියෙනවා.

ICC යෙන් තහනමකට ලක්වෙන තැනටම අපේ ක්‍රිකට් තල්ලු උනේ බහුවිධ කුමන්ත්‍රණයන් රාශියක අන්තිම ප්‍රතිඵලය විදියට.

1.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලය සඳහා බලු පොරයක නියැලෙන පවුල් සංස්ථා
2.තරග පාවා දීමේ සූදුවේ නියැලෙන තැරැව්කාරයන්
3.ආත්මාර්ථකාමී ලෙස කණ්ඩායමේ සිය ස්ථානය තහවුරු කරගැනීම වෙනුවෙන් ක්‍රියාකරන ඇතැම් ක්‍රීඩකයින්

මේ කියන පාර්ශ්වයන් තම තමන්ගේ එකිනෙකට වෙනස් අරමුණු සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් දැවැන්ත මුදලක් වියදම් කරනවා.

විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා විශ්ලේෂණයන් සහ මත පළකිරීම් ඉදිරිපත් කරමින් සමාජය තුල මතයන් පැල කිරීම සිදු වෙනවා..ඒකට අත දිගහැරලා මේ අය වියදම් කරනවා.

ක්‍රිකට් සූදුවේ නියැලෙන තැරැව්කාරයන්ගේ ප්‍රධාන අවශ්‍යතාවය තමයි තමන්ට හසුරුවන්න පුලුවන් ක්‍රීඩකයෝ කණ්ඩායම ඇතුලට දාගැනීම.

Match fixing වලට එහා ගිය spot fixing හරහා පන්දුවෙන් පන්දුවට ඔට්ටු අල්ලන්න පුලුවන් වාතාවරණයක් ක්‍රිකට් ඇතුලේ නිර්මාණය වෙලා තියෙනවා.

මේ ගැන ප්‍රකාශයක් නිකුත් කරන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ යෝජනා කරනවා ඔය මත පළ කරන ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සම්බන්ධ විශ්ලේෂකයො හැමෝගෙම ජංගම දුරකථන වෝහාරික විශ්ලේෂණයකට ක්‍රීඩා අපරාධ විමර්ශන ඒකකයට බාර දෙන්න කියලා…

ප්‍රමෝද්‍ය එහෙම කිව්වට එහෙම දුරකථන බාර දෙන පුරුද්දක් අපේ අයට නෑ.

ඒකට හොඳම උදාහරණය තමයි සනත් ජයසූරිය. 2017 අවුරුද්දේ සිම්බාබ්වේ කණ්ඩායම ලංකාවේ සංචාරය කරපු වෙලාවේ විශාල පැමිණිලි ප්‍රමාණයක් අපට එල්ල වෙලා තිබුණා.

ICC එක මේ සම්බන්ධයෙන් අවස්ථා දෙකකදී සනත් ජයසූරිය ව ප්‍රශ්න කරලා තිබුණා. එයාලා ජයසූරියට කිව්වා තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකථනය ICC එකේ පරීක්ෂණය වෙනුවෙන් ලබා දෙන්න කියලා.

ඒ උනාට ජයසූරිය තමන්ගේ ස්මාට් ෆෝන් එක ඉදිරිපත් කළේ නෑ.

ක්‍රිකට් ලෝලීන් ගොඩක් දෙනෙක් දන්නේ නැති උනාට ඔය නිසාම සනත් ජයසූරිය තහනමකට ලකුණ අවුරුදු දෙකකට.

ඒ 2018 දී. ඒ වෙනකොට සනත් තමයි තේරීම් කමිටුවේ සභාපති.

ඒකෙන් කියවෙන්නේ සනත් ජයසූරියටත් හංගන්න දෙයක් තිබ්බා කියන එක..

ඒ තහනමට හේතුව උනේ පරීක්ෂණයට සහාය නොදැක්වීම,තොරතුරු වසන් කිරීම සහ ප්‍රමාද කිරීම වගේ චෝදනා..

ICC එකේ anti corruption code එකේ 2.4.6 සහ 2.4.7 වගන්ති සනත් උල්ලංඝනය කරලා තිබ්බා.

ප්‍රමෝද්‍ය කියන්නේ පහුගිය කාලයේ තේරීම් කමිටුව විසින් කරන ලද ඇතැම් තෝරාගැනීම් වලට විරුද්ධව ක්‍රිකට් ආයතනයේ ඉස්සරහට ඇවිත් කරපු උද්ඝෝෂණ වල පිටිපස්සේ උන්නෙත් ඔය සමහර කුමන්ත්‍රණකාරයෝ කියලා.

මේ කුමන්ත්‍රණකාරයෝ බහුතරයක් රොෂාන් රණසිංහ අමාත්‍යවරයාව පාවිච්චි කළේ තම තමන්ට අවශ්‍ය කොස් ඇට බාවා ගැනීම සඳහා යොදාගන්න හැකි බළලෙක් විදියට.

ඒකෙ කූටප්‍රාප්තිය තමයි අර්ජුන රණතුංග සභාපති වෙච්ච මෑතකදී පත් කරපු පත් කරපු අතුරු කමිටුව.

ලංකාවේ ක්‍රිකට් බෝඩ් එක කියන්නෙ පවුල් දෙකක බල අරගලයක වින්දිත පාර්ශ්වයක්.

රණතුංගලා මේ වෙලාවේ හිටියේ බලය නැති තැන…මේ 2023 ලෝක කුසලාන පරාජය එක්ක අර්ජුන රණතුංග තමයි ගේමක් ගහන්නෙ රොෂාන් රණසිංහ පාවිච්චි කරලා තමන්ට ඕන කරන බලය ලබා ගන්න.

රොෂාන් රණසිංහගේ අතුරු පාලක මණ්ඩලය කියන්නෙ අර්ජුනගේ බල අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න ඕන වෙච්ච ටූල් එකක් විතරයි.

බළලුන් ලවා කොස් ඇට බාගත්තු අර්ජුනගේ බළලා තමයි රොෂාන් රණසිංහ.

අර්ජුනගේ සිද්ධියට සමාජයේ ප්‍රචාරණයක් ලැබුණට අර්ජුන ටත් වඩා කොස් ඇට බාවා ගත්ත කුමන්ත්‍රණකාරයෝ ඔය සිස්ටම් එක ඇතුලෙ හිටියෙ නෑ කියලා හිතන්න අමාරුයි.

රොෂාන් රණසිංහට අන්තිමේ සිද්ධ වුණේ අනවශ්‍ය වෙලාවක ඉදිරියට පැනලා පහරක් ගහන්න ගිහිල්ලා කඩුලු රකින ක්‍රීඩක වික්‍රමසිංහගේ ස්ටම්ප් කිරීමකට හසුවෙලා දැවී යන්න.

කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු තියනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් 1994 දී ඉන්දියාවට ගියේ ටෙස්ට් තරග තුනක් සහ එක්දින තරග තුනක් ක්‍රීඩා කරන්න. මේ කණ්ඩායමේ නායකයා උනේ අර්ජුන රණතුංග.

පිළිවෙලින් ලක්නව්, බෙංගලාරු සහ අහ්මදාබාද් වල තිබ්බ මේ ටෙස්ට් තරග තුනම ලංකාව ඉනිමකින් පැරදුනා. එහෙම එක පිට එක innings වලින් අපි පැරදිලා තිබ්බෙ නෑ ඒ වෙනකල්.

ලංකාවේ මුල් පෙලේ පිතිකරුවන් ඒ ඉනිම හයටම රැස් කරගත්තෙ අර්ධ ශතක 4ක් විතරයි. එයින් 2ක් මහානාමත් අනෙක් දෙක හෂාන් සහ රුවන් කල්පගේත් අතර බෙදිලා ගියා.

අපේ ලෙජන්ඩ්ලා දෙන්නා අර්ජුන සහ අරවින්ද මේ තරගාවලියේ ඉතා අසාමාන්‍ය විදියට අසාර්ථක උනා.

මේක තමයි අපිට මතක ඉතිහාසයේ මුල්ම වතාවට තරග පාවාදීම ගැන අහන්න ලැබෙන අවස්ථාව.

ඇත්ත නැත්ත කෙසේ වෙතත් චෝදනාව එල්ල වෙන්නෙ අරවින්ද සහ අර්ජුනට.

කොහොම උනත් ක්‍රිකට් අයිති මේ රටේ ජනතාවට…
මේවායේ ඇත්ත නැත්ත දැනගන්න එක ජනතාවගේ අයිතියක්.

 

-fb උපුටාගැනීමක්

-P.M

Last modified on Wednesday, 29 November 2023 10:55

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us