අඩි අට හමාරේ මිනිසා මියයයි.

Published in අනං මනං
Friday, 29 August 2014 11:55
ලොව උසම මිනිසා හැටියට සැළැකුනු යුක්රේන ජාතික ලියොනිඩ් ස්ටැඩ්නියැක් පසුගියදා මිය ගියේය. ඔහු මිය යන විට 44 වැනි වියේ පසුවිය.
මරණයට හේතුව ලෙස වෛද්‍යවරුන් පැවසූයේ ලියොනිඩ්ගේ මොළය අභ්‍යන්තරයේ සිදුව ඇති රුධිර වහනයකි.
 
අඩි 8 යි අගල් 5 ක උසකින් යුතුවූ ඔහු වාර්තා පොත් වලට අනුව ලොව උසම මිනිසා වුවද තම නම වාර්තා අතරට එක්කරගන්නට ඔහු කිසිවිටෙකත් කැමැති නොවූයේය.
 
ලියොනිඩ්ගේ මේ අසාමාන්‍ය උසට හේතුව ලෙස සැළකෙන්නේ ඔහු 12 වැනි වියේදී මොළයට සිදුකරන ලද සැත්කමකදී වූ වරදකි.
 
ගිනස් බළධාරීන් පවසන ආකාරයට ඔවුන් කිහිපවරක්ම ලියොනිඩ් හමුවී ඔහුගේ උස මැන ඔහුව වාර්තා අතරට එක්කරන්ට උත්සාහ කළත් අනවශ්‍ය ප්‍රසිද්ධියක් තමන්ට අවශ්‍ය නැතැයි කියමින් ඔහු එය ප්‍රතික්ෂේප කර තිබේ.
 
මෙනිසා තමන්ට අවසානයේ ලියොනිඩ්ට වඩා අඟල් කිහිපයකින් මිටි වන චීනයේ බාඕ ෂිසුන්ග් ලොව උසම මිනිසා යැයි නම් කරන්නට සිදුවූ බව ඔවුහු කියති.
 
ලියොනිඩ්ගේ අසල්වාසීන් පවසන්නේ ඔහු ඉතාම කරුණාවන්ත හා පරිත්‍යාගශීලී පුද්ගලයෙකු වූ බවය. වෙනත් පුද්ගලයෙකු මෙසේ උස් වී නම් ඔහු ප්‍රසිද්ධිය පස්සේ දුවනු ඇති වුවද ලියොනිඩ් නම් කළේ ඔහුට ලැබුණු අවස්ථා සියල්ල ප්‍රතික්ෂේප කිරීම යැයි ඔවුන් සිහිපත් කරයි.
තම උස ශාපයක් ලෙස ලියොනිඩ් සැළකූ බව ඔවුන් පවසයි.
 
ලියොනිඩ් මිය යන විට තනිකඩයෙකි. විවාහ යෝජනා පැමිණියද තමන්ගේ දුක අනෙක් කෙනෙකු දැරිය යුතු නැතැයි යන මතයේ සිටි ඔහු ඒ සියල්ල ප්‍රතික්ෂේප කර ඇතැයි පැවසේ.
 
ලියොනිඩ්ගේ මෘත ශරීරය තැබීමට වෙනම මිනී පෙට්ටියක් සෑදීමට සිදුවූ අතර එය සාමාන්‍ය මෝටර් රථයකින් ගෙන ආ නොහැකි තරමේ නිසා ඔහුගේ හිතමිතුරන්ට සිදුවූයේ ලොරියක පිහිට පැතීමටය.
 
වාර්තා පොතේ නම සඳහන් නොවූවද හදවත් බොහෝමයක නොමැකෙන ලෙස නම සදහන් කිරීමට සමත්වූ ලියොනිඩ් අවසානයේ තම අල්වාසීන්ගේ හා හිතමිතුරන්ගේ සුසුම් මැද ඔහුගේ ගම් ප්‍රදේශයේ සුසාන භූමියේ මිහිදන් කෙරිණි.
1409149012527 Image galleryImage Leonid Stadnyk burial 3 e
 
1409148775302 wps 25 Minolta DSC
 
1409149021038 Image galleryImage Leonid Stadnyk burial 2 e
 
1409150129766 wps 40 Minolta DSC
 
1409150224160 Image galleryImage Minolta DSC
 
1409150254849 Image galleryImage Minolta DSC
Last modified on Friday, 29 August 2014 12:06

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us