රනිල් ආවා.. දැන් සටන විවෘත්තයි.. Featured

Friday, 26 July 2024 10:05

මෙවර ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් ඉදිරිපත් නොවන බවට විපක්ෂය දැවැන්ත ප්‍රචාරක කටයුත්තක නියැලුණු අතර අද දින ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඇප මුදල් තැන්පත් කිරීම සිදුවන තෙක්ම ජනාධිපති රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට නිල තහවුරුවක් ලබා දීම සිදු කර තිබුණේ නැත.

කෙසේ නමුත් විපක්ෂය බලාපොරොත්තු වූයේ ජනාධිපති රනිල් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවනු ඇති බවය. එවැනි තත්වයක් ඇති වූවා නම් සජිත් අනුර අතර ද්වන්ද තරගයක් නිර්මාණය වී එම දේපාර්ශවයෙන් එක් අයකුට ජනාධිපති වීමේ පහසු හැකියාවක් තිබිණි.

නමුත් ජනාධිපති රනිල් දැන් සටන් භූමියට පැමිණීම ස්ථිර කර ඇත. දැන් සජිත්ට සහ අනුරට තිබූ ද්වන්ද සටන වෙනුවට රනිල් වික්‍රමසිංහ නැමැති දේශපාලනයේ පතාක යෝධයා සමඟ සටන් කිරීමට සිදුව ඇත. නමුත් ඒ නිසා සජිත් අනුර ගැ‍ටුම නොනවතින අතර රනිල් සමග සටනෙ දී ඔවුන් හති වැටෙනු ඇත.

එනමුත් සජිත් හෝ අනුර සමඟ ජනපති රනිල්ට ඇති සටනක් නැත. ඔහු පහසු ජයග්‍රහණයක් වාර්තා කරනු ඇත. එමෙන්ම මේ මොහොතෙ ජනාධිපතිවරයා සටනට එන්නේ මුළුමනින්ම බංකොලොත් වූ රටක් වසර දෙකක් ඇතුලත ගොඩ නගා පෙන්වූ වීරයකු ලෙසය. එමෙන්ම රටෙ අනාගතය ගොඩ නැංවීම වෙනුවෙන් ප්‍රතිපත්තියක් සැලසුමක් සහිත එකම නායකයා ලෙසය.

ඊයේ (25) දිනයේ දී ආර්ථික පරිවර්තන පනත පාර්ලිමේන්තුව තුලින් සම්මත කරගැනීමට හැකිවීමත් එමඟින් ඉදිරිපත් කරන ආර්ථික ඉලක්කයන් මේ රටේ සංවර්ධන ගමනේ සන්ධිස්ථානයක් සලකුනු කරනුද එත.

මේ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් අතරින් වඩාත් විශ්වාසවන්තම, වඩාත් කාර්යශූරම, වැඩක් හරියට කළ හැකි සහ නිවැරදි දැක්මක් ඇති එකම අපේක්ෂකයා. ජනාධිපති රනිල් බවට විවාදයක් නැත.

ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජාතියේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අතර ඔ්නෑම පාර්ශ්වයකට ජනාධිපතිවරයා වෙනුවෙන් සහයෝගය ප්‍රකාශ කිරීමේ විවෘතත් ඉඩකඩක්ද මේ අනුව වෙන් වී ඇත.

ජනාධිපති රනිල් අද දින සවස සිය ෆේස්බුක් ගිණුම හරහා සජීවීව ජනතාව සමඟ සම්බන්ධ වීමට නියමිත අතර හෙට දින ගාල්ලේ පැවැත්වෙන මහජන රැලියේදී තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිත බවත් දැන ගැනීමට ඇත.

-P.M

Last modified on Friday, 26 July 2024 10:12

Leave a comment

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us