ඇත්ත වශයෙන්ම මාලිමාවට මෙසේ සිදුවීමට නියමිතව ඇත   Featured

Monday, 05 August 2024 15:10

හැමෝම කියවන්න හැබැයි අඩන්න බෑ...දින්නත් පරදින, පැරදුනත් පරදින, මාලිමාවට උතුර දකුණ හොයාගන්න බැරිවෙන බව නියතයි.

මෙවර ලියාපදිංචි ජන්ද දායකයන් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක් (ලක්ෂ 171) වන අතර ඉන් 80% ක් ජන්දය භාවිතා කලෝත් (ලක්ෂ 140) රටේ පාලකයා වීමට හෙවත් ජනාධිපති විමට ලක්ෂ 70ක් ලබා ගත යුතුය.....

NPP එකේ මෑත ඉතිහාසය බැලුවම

2019 - ජනාධිපතිවරණයේදී 418,553 (3.16%) ද

2020 - පාර්ලිමේන්තු මැතිවරණයෙ දි 445,950 (3.84%) ලබා ගත්තා.

අවසාන මැතිවරණ දෙකේදීම ඔහුන්ට ලබා ගත හැකිවුවේ උපරිම ජන්ද සංඛ්‍යාව 450,000 යි.

NPP එකට ජයගැන්මට තව 'හැට පන් ලක්ෂ පනස් දහසක්' ගතයුතුය. (6,550,000.00)

ඒ අනුව ජනාධිපතිවරණය ජය ගැනීමට මැතිවරණ දිස්ත්‍රික්ක 22 ක් සඳහා සියළුම ලියාපදිංචි ඡන්දදායකයන් ඡන්දය පාවිච්චි කරනවාය යන උපකල්පනය යටතේ එක් දිස්ත්‍රික්කයකින් 318,000 ක සාමාන්‍යයක් බැගින් ලබා ගතයුතුය.

නමුත් වන්නි සහ ත්‍රීකුණාමලය ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 320,000 ට අඩුය. (වන්නි 306,000 , ත්‍රිකුණාමලය 314,000 )

එසේම, දෙමළ සහ මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ජිවත් වන දිස්ත්‍රික්ක වලින් JVP (NPP) එක ප්‍රතික්ෂේප කිරීම සිදුවන නිසා.

යාපනය දිස්ත්‍රික්කය
මඩකලපුව දිස්ත්‍රික්කය
දිගාමඩුල්ල දිස්ත්‍රික්කය
වන්නි දිස්ත්‍රික්කය
ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය

යන දිස්ත්‍රික්ක 5 හි ම ඡන්ද වලින් NPP ය ඉතා සිමිත ඡන්ද ප්‍රමාණයක් ලබා ගනු ඇත.

එම දිස්ත්‍රික්ක 5 ටම ලබාගත හැකි උපරිම ජන්ද සංඛ්‍යාව 100,000 වුවහොත් ඉතිරි දිස්ත්‍රික්ක 17 න් එක් දිස්ත්‍රික්කයකින් 400,000 ට වැඩි ප්‍රමාණයක් ලබා ගත යුතුය.

නමුත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්ද සංඛ්‍යාව 352,000 යින් 400,000 ක් NPP එකට කිසිසේත් ලබාගත නොහැක.

මාතලේ, මොණරාගල දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 430,000 ට අඩුය.... (මොණරාගල 400,000, මාතලේ 430,000 ) එයින් 400,000 NPP එකට ලබා ගත හැකිද...?

බැහැ.......

ඒ නිසා ඉතිරි දිස්ත්‍රික්ක 14 දි එක් දිස්ත්‍රික්කයකින් ලක්ෂ 5කට වඩා ලබාගත යුතුය.

හම්බන්තොට ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 523,000 න් ලක්ෂ 500,000 ක් NPP එකට ලබාගත හැකිද... ?

බැහැ.....

කෑගල්ල (710,000)
නුවරඑළිය (603,000)
පුත්තලම (661,000)
මාතර (688,000)
බදුල්ල (705,000)
අනුරාධපුරය (743,000)

ඉහත දිස්ත්‍රිකයන් වල ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 750,000 ට අඩුවන අතර ඉන් එක් දිස්ත්‍රික්කයකින් ලක්ෂ 500,000 ක් NPP එකට ලබා ගැනීම යනු 75% ක් ලබා ගැනීමයි.

රත්නපුරය (925,000)
ගාල්ල ( 900,000)
දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ජන්ද සංඛ්‍යාවෙන් ලක්ෂ 5 ක් ගැනීම යනු 70% ක පමණ ප්‍රතිශතයක් ලබා ගැනීමය.

යම් හෝ පමණින් වැඩි ජන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකි වනුයේ කොළඹ(1,744,208)
, ගම්පහ(1,846,520), කළුතර(1,004,120), මහනුවර (1,173,303), කුරුණෑගල (1,396,290) යන දිස්ත්‍රික්ක 5 තුලය. එයද ලක්ෂ 7ත් 10ත් අතර වැඩි ජන්ද ප්‍රමාණයන්ගෙන් වියයුතුය..... එහෙත් එහෙම රැල්ලක් නැත.

ඡන්දදායකයන් බහුලම මෙම දිස්ත්‍රික්ක කිහිපය තුළ හෝ 50% ඉක්මවා යෑම සිදු කළ නොහැක. මේ නාගරික කලාප තුළ ජවිපෙ කොහොමත් පිළිගැනීමකට ලක් නොවේ. ජවිපෙ බර තබා තිබෙන්නේ ග්‍රාමීය ඡන්ද කෙරෙහිය. නමුත් එම ඡන්ද ප්‍රමාණය ජනාධිපතිවරණය ජය ගැනීමට ප්‍රමාණවත් නොවේ.

මේ අනුව NPP එක හෙවත් JVP එකට කිසිසේත් ජනාධිපතිවරණය ජය ගැනීමට නොහැක.... ඔවුන් ලබා ගන්නා උපරිම ජන්ද සංඛ්‍යාව ලක්ෂ 25කට වඩා අඩුය.

ජනාධිපතිවරණයේදී ලැබෙන පරාජයත් සමග පාර්ලිමේන්තු මැතිවරණයෙදි NPP එකට ලැබෙන ජන්ද ප්‍රමාණය ලක්ෂ 20 ට අඩු වන බව නිසැකය.

සියලු සිහින බිදි යැම තුලින් NPP හෙවත් JVP කඩා වැටිම ආරම්භවනු ඇත. මෙවැනි පසුබිමක් තුල NPP සහ JVP ලෙස නායකයින් බෙදී යෑමට නියමිත අතර සමාජවාදයේ අඳෝනාව හෙවත් පංති 5 ට ගියපු අය සහ 5 සමත් අය විතරක් ඉතිරි වෙමින් උතුර දකුණ හොයා ගැනීමට බැරිවෙනු ඇත.

- නිශාන්ත

Last modified on Monday, 05 August 2024 15:24

Leave a comment

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us