ලොවම ආදරය කළ ෆ්‍රොස්ටී මියයයි (වීඩියෝ)

Published in අනං මනං
Wednesday, 02 July 2014 21:11

ලොව පුරා වෙසෙන්නන්ගේ අවධානය සොරාගත් ‘ෆ්‍රොස්ටී’ නම් සුරතල් එළු පැටවා තනිවම ඇවිද යන්නට කළ දැවැන්ත සටනේ ප‍්‍රතිඵල අත්විදි සතුට විඳගන්නටත් පෙරම මියගිය පුවත පසුගියදා අසන්නට ලැබුණා.

මාස 2ක් වයසැති ‘ෆ්‍රොස්ටී’ එළු පැටවා පසුගිය සදුදා දිනයේ දී මියගිය පුවත විදෙස් මාධ්‍ය පුරා පැතිර ගියේ ලැව් ගින්නක් මෙනි.

පිටුපස දෙපා සහ කොදුඇට ආශ‍්‍රිත පහළ කොට පණ නැතිවීම නිසා උපන්දා සිටම තනිවම ඇවිදිය නොහැකි අයුරින් රෝගාතුරව සිටි ෆ්‍රොස්ටි සතුටින් තැබීමේ අභියෝගය භාරගත් ‘ඊගර්ස් මිෂන්’ නමැති ස්වෙච්ඡා සංවිධානය මෙම සුරතල් එළු පැටවා වෙනුවෙන්ම පුංචි රෝද පුටුවක් සකසා තිබුණා.

එය ලැබුණු ‘ෆ්‍රොස්ටී’ උද්දාමයෙන් එහා මෙහා යන අයුරු දුටු ඔවුන් ඒ අතරතුර එළු පැටවාට ප‍්‍රතිකාර කිරීමටත් අමතක කළේ නැහැ. ආදරයේ උණුසුම උපරිමයෙන් ෆ්‍රොස්ටීට ලබාදෙන්න ‘ඊගර්ස් මිෂන්’ නිලධාරීන් නිරන්තරයෙන් වෙහෙසුණ නිසා ඔහු ඒ සැමගේ පුංචි සුරතල් එළු පැටියා බවට පත්වුණේ නිතැතින්මයි.

මාස දෙකක් තුළ සතුටින් රෝද පුටුවේ ආධාරයෙන් දුව පැන ගිය ‘ෆ්‍රොස්ටී’ ලොව පුරා ආදරය දිනාගැනීමටත් සමත් වුණා.

රෝද පුටුවෙන් ඇවිද ගිය ෆ්‍රොස්ටී දිනක් තනිවම ඇවිදින්නට පටන් ගත්තා. සතියක පමණ කාලයක් ෆ්‍රොස්ටී සිය උපරිම වැර යොදා දුව පනින්නට තැත් කරමින් ඇවිද ගියා.

සතුට ඉහවහා ගිය ෆ්‍රොස්ටීගේ උතුරා ගිය සිනාවත් සම`ගම ඔහු මියගිය බව කියන හද්කම්පා කරවන පුවත ‘ඊගර්ස් මිෂන්’ සිය නිල සමාජ ජාල ගිණුමේ පසුගියදා සටහන් කර තිබුණා.

Snow-Goat-1

 

(රිවිර)

Last modified on Wednesday, 02 July 2014 21:25

Gossip

හර්ෂණ නෑ කිව්වට සජබයෙන් පොදු අපේක්ෂකයෙක් ලු එන්නේ   

හර්ෂණ නෑ කිව්වට සජබයෙන් පොදු අපේක්ෂකයෙක් ලු එන්නේ  

හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහට සමගි ජන බලවේගය සමඟ එක්වන ලෙස ආරාධනා කර ඇති නමුත් ඔහු විපක්ෂයේ පොද...

රොෂාන්ගේ නීතිවිරෝධී වැඩ නිසා ජනපති රනිල්ගේ ඉල්ලීමත් ICCය ප්‍රතික්ෂේප කරයි

රොෂාන්ගේ නීතිවිරෝධී වැඩ නිසා ජනපති රනිල්ගේ ඉල්ලීමත් ICCය ප්‍රතික්ෂේප කරයි

උපාලි ධර්මදාස සහ රඛිත රාජපක්ෂ විසින් ICC ප්‍රධානීන් වෙන වෙනම හමුවී ලිපි ඉදිරිපත්කිරීමට ගන්නා ලද සියල...

ICC ප්‍රධානීන් මුණගැසීමට ගිය උපාලිවයි රඛිතවයි ආපසු හරවා එවයි

ICC ප්‍රධානීන් මුණගැසීමට ගිය උපාලිවයි රඛිතවයි ආපසු හරවා එවයි

ක්‍රීඩා ඇමතිවරයාගේ ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහි පෙත්සම සඳුදා දිනයේදීය අධිකරණයේ විභාගයට ගැනුණි. ඒ අතර...

නාමල් කාගේ හරි ලණු කනවා, මහින්ද රනිල්ට කියයි

නාමල් කාගේ හරි ලණු කනවා, මහින්ද රනිල්ට කියයි

ජනපති රනිල් පහුගිය අඟහරුවාදා අයවැය විවාදය පැවැත්වෙන අතරතුර පාර්ලිමේන්තුව වෙත ගොස් තිබිණි. නමුත් සභා...

අනං මනං

Connet With Us