ලංකාව මීළඟ ලෙබනනය වීමේ අනතුරක, ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි Featured

Wednesday, 18 September 2024 12:37

ශ්‍රී ලංකාවේ මාක්ස්වාදී මූලයක් සහිත ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවනු ලබන ජාතික ජන බලවේගය වෙත විශාල ජනතා ආකර්ෂණයක් ඇති වෙමින් පවතින බවත් යම් කිසි හෙයකින් ඔවුන් විසින් ආණ්ඩුවක් පිහිටවුවහොත් ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරණය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නැවත සමාලෝචනය කිරීමක් සිදුකරනු ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන් විසින් පසුගිය දා පැවති ජාත්‍යන්තර රූපවාහිනී නාලිකා වැඩසටහන් කිහිපයක දීම පෙන්වා දෙන ලදී. බ්ලූම්බර්ග් වැනි ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂක වෙබ් අඩවි විසින් ද මේ තත්වය පිළිබඳ අනතුරු හැඟවීම් කර තිබිණි.

එමෙන්ම ජාතික ජන බලවේග ප්‍රතිපත්ති ප්‍රකාශයේ IMF වැඩසටහන නැවත සමාලෝචනය කරන බව පැහැදිලිව දක්වා තිබෙන අතර මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණයන් ගනනාවක්ම වෙනස් කිරීම් ගැන යෝජනා ද අඩංගුව ඇත. එසේම ඔවුන් විශාල වශයෙන් පොරොන්දු වී තිබෙන රාජ්‍ය රැකියා සහ බදු අඩු කිරීම් සිදු කිරීමේ දී සිදුවන ආදායම් අහිමි වීම් සහ වියදම් වැඩි වීම මත ආර්ථිකය නැවත බිඳ වැටීම වළක්වා ගැනීම පිළිබඳ පැහැදිලි දැක්මක් ඉදිරිපත් කිරීම ද සිදුකර නොමැත.

මේ අතර පසුගිය දා දෙරණ 360 වැඩසටහනට එක් වෙමින් අනුර කුමාර දිසානායක මහතා තමාගේ විකල්ප ආර්ථික වැඩසටහන නිසි පරිදි පැහැදිලි කිරීමට අපොහොසත් වීමත් නිසා මෙම අවධානම සීඝ්‍රයෙන් ඉහළ යන බව විශ්ලේෂකයින් විසින් වැඩිදුරටත් පෙන්වා දෙනු ලබයි. එම වැඩසටහනේදී මාධ්‍යවේදීයා විමසූ පැනයකට අපහසුවෙන් පිළිතුරු දුන් අනුර දිසානායක මහතා ප්‍රකාශ කරන ලද්දේ අසාර්ථක වීමක් සිදුවුවහොත් එය අත්හැර නව වැඩපිළිවෙළක් පිළිබඳව සිතා බලන බවකි.

නව වැඩපිළිවෙළක් තමන්ට නොමැති නම් ඔවුන් විසින් කළ යුතු වන්නේ වර්තමාන වැඩපිළිවෙළ පවත්වාගෙන යාම මිස එය සමාලෝචනය කිරීම නොවන බව පෙන්වා දෙන ජාත්‍යන්තර විශ්ලේශකයින් 2023 වසරේ එනම් පසුගිය වසරේ ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින තෙක්ම ඔවුන්ගේ ප්‍රධාන සටන් පාඨයක්ව තිබුණේ 'IMF මර උගුල පරදවමු' යන්න බවත් පෙන්වා දෙයි.

එ් අනුව ජනතාවගේ ඡන්දය දිනාගැනීම සඳහා ඔවුන් දැන් IMF භීතිකාව සෘජුව ප්‍රකාශ නොකළත් ජවිපෙ අභ්‍යන්තර ප්‍රතිපත්තිය අනුව කිසිසේත් IMF ව්‍යාපෘතිය ඔවුන් ඉදිරියට ගෙන නොයනු ඇති බවට විශ්ලේෂකයින් විස්වාසය පලකරයි. ඒ අනුව එසේ වුවහොත් මෙම ආර්ථික ස්ථාවරත්වය බිඳ වැටීමට නියමිත බව ඔවුන් පෙන්වා දෙයි.

2017-2019 කාලසීමාවේ දී ද මංගල සමරවීර, රනිල් වික්‍රමසිංහ රජය විසින් සිදුකරමින් තිබූ IMF ප්‍රතිසංස්කරණ නිසා විදේශ සංචිත ඩොලර් බිලියන 7.2 ක් දක්වා වැඩි වීම, ප්‍රථමික ගිණුමේ අතිරික්තයක් වාර්තා කරගෙන තිබූ පසුබිමක ගෝඨාභය රාජපක්ෂ රජය විසින් අත්තනෝමතික ලෙස වැට් බදු අඩුකර රාජ්‍ය සේවය ඉහල නංවා සිදුකළ අතාර්කික ක්‍රියාවලිය නිසාම ආර්ථිකය බිඳවැටුණු අයුරින්ම ජාතික ජන බලවේගය බලයට පත්වුවහොත් 2025/26 වසරවල දී ආර්ථිකය බිඳවැටීමකට ලක්විය හැකි බව එම විශ්ලේෂකයන් විසින් වැඩිදුරටත් පෙන්වා දෙනු ලබයි.

එසේ වුවහොත් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ලෙබනනය බවට පත්වනු ඇතැයි ඔවුන් වැඩිදුරත් අනතුරු අගවනවා. ලෙබනනය මේ වනවිට දරුණුම ආර්ථික කඩා වැටීමකට සහ අර්බුද ගණනාවකටම මුහුණ දෙන ලොව ඛේදනීයම රාජ්‍යයක් බවට පත්ව තිබේ.

Last modified on Wednesday, 18 September 2024 12:38

Leave a comment

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us