රිසිරසයෙන් නැවත පණ පෙවූ චිත්‍ර කතා කලාව

Friday, 19 September 2014 13:15

හැත්තෑව දශකයේ ආරම්භ වූ ලංකාවේ චිත්‍ර කතාවේ ආරම්භය සනිටුහන් කරනු ලබන්නේ සතුට පුවත්පතෙනි. එය 1972 දී ආරම්භ වූ අතර ඉන් අනතුරුව 1975 දී සිත්තර පුවත්පත ආරම්භ වන අතර ඉන් අනතුරුව 80 දශකයේදී සත්සිරි පුවත්පත ආරම්භ වේ. කෙසේ නමුත් ක්‍රමයෙන් වර්ධන වූ මෙම පුවත්පත් කලාව 80 දශකයේ අවසන් වීමත් සමග අවසන්වේ.

අනතුරුව දශක තුනකටත් වැඩි කාලයක් මෙකී පුවත්පත් කලාව ලාංකේය භුමියේ නොපැවතුනු අතර ඒ හා බැදුනු ශිල්පීන් ප්‍රමාණයක් අද වන තුරුත් කලා ලෝකයේ ශේෂව පැවතුනි.

80 දශකයෙන් වියැකී ගිය එකී පුවත්පත් කලාව නැවත ආරම්භ කිරීමට ඒ කෙරේ උනන්දු වූ ශිල්පීන් පිරිසක් පසුගියදා කටයුතු කරනු ලැබීය. ඒ චිත්‍ර කතා රසවිදි පාඨකයන්ගේ මනදොල සපුරනුවස් රිසිරස නමින් චිත්‍රකතා පුවත්පතක් එළිදැක්වීමෙනි.

ඩී.ආර්. විජේවර්ධන මාවතේ ට්‍රයිනෝර් ෆෘඩ් රෙස්ටුරන්ට් හිදී පැවැති චාම් උත්සවයක් මගින් සැප්තැම්බර් 11 වන දින එළිදැක්වූ මෙම පුවත්පත එළිදැක්වීමට චිත්‍රකතා පාඨකයින් හා ශිල්පීන් විශාල පිරිසකගේ සහභාගීත්වයද ලැබී තිබිනි.

චිරත් මීඩියා ප්‍රකාශනයක් ලෙස එළිදැක්වූ රිසිරස පුවත්පතෙහි සංස්කාරකවරුන් ලෙස චිත්‍ර කතා ඉතිහාසයෙහි පතාක යෝධයන් වූ බලංගොඩ සරත් මධූ, විල්ටන් රාජපක්‍ෂ, ආරියසිරි කොඩිතුවක්කු, සුසිල් ජයශාන්ත ඇතුලත්ව ගයාෂාන් ඇල්පිටිය, රවී වික‍්‍රමතුංග ,අසිත දහනායක, පාලිත ජනරංජන,අනුර විජේවර්ධන,කුසුම් මංගලිකා,විජය කීර්ති ,රත්නසිරි මුණසිංහ, කුමුදු තාරක ද එක්ව සිටී. මෙහි ප්‍රධාන පි‍ටු සැලසුම් ශිල්පියා ලෙස සාලිය ලියනාරච්චි මහතා කටයුතු කරයි. එසේම චිත්‍රකතා පත්තර ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා විකට චරිතයක් රිසිරස හඳුන්වා දෙයි ඇය සොපියාය. සොපියා, සාලිය ලියනාරච්චිගේ නිර්මාණයකි.


රිසිරස පුවත්පතෙහි පළවන කතාවන් හා ඒවා පන පෙවීමට දායකවන ශිල්පීන් පිරිස පහත දැක්වේ.

1 ගයාෂාන් ඇල්පිටිය - තක්කඩි
2 රවී වික‍්‍රමතුංග - රුවැත්ති
3 සුසිල් ජයශාන්ත - මැඩී
4 බලන්ගොඩ සරත්මධු - අත්සන
5 බලන්ගොඩ සරත්මධු - යුනිකෝන්
6 අසිත දහනායක - ශ‍්‍රී රාවන
7 පාලිත ජනරංජන - චොක්කගෙ පට්ට පේ‍්‍රමේ
8 අනුර විජේවර්ධන - රාජණී
9 සාලිය ලියනාරච්චි - සොපියා
10 කුසුම් මංගලිකා - කදුලට කදුලක්
11 විජය කීර්ති - සුදේහිනී
12 රත්නසිරි මුණසිංහ - හංසකුමාරී
13 විල්ටන් රාජපක්‍ෂ - මරණයේ සළකුණ
14 ආරියසිරි කොඩිතුවක්කු - කලුගිණිදැල්
15 කුමුදු තාරක - ලව් ඔප් සෝංග්

16චන්දන වීරසිංහ -2001

5

chithrkatha-13

DNP 5711

DNP 5716

DNP 5717

DNP 5718

DNP 5720

DNP 5721

DNP 5723

DNP 5741

DNP 5742

DNP 5744

DNP 5745

DNP 5752

DNP 5759

DNP 5763

DNP 5765

DNP 5774

DNP 5780

DNP 5785

DNP 5786

DNP 5787

DNP 5793

DNP 5797

DNP 5800

 

DNP 5809

DNP 5808

12

1234

 

 

Last modified on Sunday, 21 September 2014 10:23

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us