බැලූ බැල්මට පිටසක්වල බිත්තර මෙන් පෙනෙන මේවා කොළ පැහැයෙන් යුක්ත ය.
එමෙන්ම ඒවා විශාල ප‍්‍රමාණයක් සිඞ්නි නුවර උතුරු වෙරළට එක් රැයකින් ගොඩ ගසා ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් මෙම කොළ පැහැති අමුතු බෝල පිටසක්වල බිත්තර නොවන බව පවසන විද්‍යාඥයින් ඒවා ස්පොන්ජ ස්වභාවයෙන් යුත් දුර්ලභ මුහුදු පැළෑටි වර්ගයක් බව හඳුනාගෙන තිබේ.
ඇල්ගී වර්ගයක් වන මේවා මෙතෙක් ලොව පුරා දක්නට ලැබී ඇත්තේ කිහිප වතාවක් පමණක් බවද ඔවුන් පවසයි.

 
		  	 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														